.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010

29.04.2010 - 04 (10:00 SLT)

By Amarasara - Wednesday, April 28, 2010 - View Full Newsletter

නිවැරැදිව කටයුතු කරන මාධ්‍යවේදීන් රැක ගන්න පැය 24 පුරාම කැප වෙනවා - වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා
(29-04-2010 - දිනමිණ)

මාධ්‍ය ආයතනයක වගකීම විය යුත්තේ රටත්, ජනතාවත් නිවරැදි මාර්ගයට ගෙනයා හැකි වැඩ සටහන් ඉදිරිපත් කිරීම යැයි වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවැසීය.

එසේ නොවුනහොත් මාධ්‍යයන් කෙරෙහි ජනතාව තුළ තිබෙන ප්‍රසාදය අඩුවී යන බවද ඇමැතිවරයා කීවේය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැතිවරයා එසේ පැවැසීය.
......................................>>

View Full Newsletter

03.04.2010 - 02 (15:05 SLT)

By Amarasara - Saturday, April 03, 2010 - View Full Newsletter

කාන්තාවකගෙන් පැමිණිල්ලක්‌ : කොළඹ එජාපෙ අපේක්‌ෂක කිඳෙල්පිටිය අත්අඩංගුවට
(03-04-2010 - දිවයින)

තමන් අනියම් බිරිඳ වශයෙන් වසර දෙකක්‌ තිස්‌සේ තබාගෙන සිටි බවත්, ඔහු තහනම් ගිනි අවි පරිහරණය කරන බවත් කියමින් කාන්තාවක්‌ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එක්‌සත් ජාතික පෙරමුණු කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා මිරිහාන පොලිසිය මගින් ඊයේ (02-04-2010) උදේ අත්අඩංගුවට ගෙන ඇත.
.....................................>>

View Full Newsletter

28.03.2010 - 02 (07:35 SLT)

By Amarasara - Saturday, March 27, 2010 - View Full Newsletter

විකෘති මාධ්‍යකරුවන්ගේ ඉන්ද්‍රජාලික වැඩසටහන් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට අයත් ද? - රූපවාහිනී සංස්ථාවේ සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා
(28-03-2010 - සිළුමිණ)

මැතිවරණ හේතුවෙන් මේ වන විට මුළු රටම උණුසුම් වී ඇත. ඉන්දීය සංගීතඥ රවි ශංකර් ශර්මා පසුගියදා අප රටට පැමිණ ඒ උණුසුම මැදට තම සංගීතයෙන් සිසිලසක් එක් කෙළේ ය. එහෙත් ඇමරිකන් ගායක අකෝන් ලංකාවට පැමිණෙන්නේය යන පුවත ම මැතිවරණ උණුසුම අතරට නැති අර්බුද එක්කරලීමට හේතු විය. විනෝදාස්වාද සම්පාදනය ජනමාධ්‍යයක මූලිකාංගයකි. එහෙත් ජනමාධ්‍යයක් එම මූලිකාංගය සපුරා ගැනීමේදී ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? රටේ ජනතාව පිනවීමට අකෝන්ලා අවශ්‍යම ද? මේ මොහොතේ සැමගේ සිත් සතන්හි පැන නගින මෙවැනි ගැටලුවලට පිළිතුරු දෙමින් මෙවර අද අදහස ඉදිරිපත් කරන්නේ රූපවාහිනී සංස්ථාවේ සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා යි.
....................................>>

View Full Newsletter

28.03.2010 - 01 (07:20 SLT)

By Amarasara - Saturday, March 27, 2010 - View Full Newsletter

එසේ වුවද ගල් ගැසීම වැරදි ය
(28-03-2010 - සිළුමිණ කතුවැකිය)

"පිරිසක් විසින් මාධ්‍ය ආයතනයකට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කොට තිබේ. මාධ්‍ය ආයතනයේ සේවක පිරිස් විසින් ප්‍රති ප්‍රහාර එල්ල කළ විට එම පිරිස පලා ගොස් තිබේ." මේ පසුගිය සතියේ කතාබහට ලක්වූ එක්තරා ප්‍රවෘත්තියක, එක්තරා පැතිකඩකි.

මාධ්‍ය ආයතනයකට ගල්මුල් වලින් පහර දිය යුතු නැත. බෝම්බ ගැසිය යුතු නැත. මන්දයත් මාධ්‍ය ආයතනවල සිටින්නේ කඩු කිනිසි පිස්තෝල අතින් ගත් මැරයන් නොවන නිසා ය. ඔවුන්ගේ අත්වල තිබෙන්නේ කාබන් පෑන්, ටේප් රෙකෝඩර්, කැමරා, වීඩියෝ කැමරා ආදිය පමණි. මාධ්‍ය ආයතන සමාජයේ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටී. මානව අයිතීන් සහ සමාජ සාධාරණයන් වෙනුවෙන් මෙන්ම දේශයේ සදාචාරය, සංස්කෘතිය වෙනුවෙන් ද පෙනී සිටී.
....................................>>

View Full Newsletter

26.03.2010 - 04 (07:55 SLT)

By Amarasara - Thursday, March 25, 2010 - View Full Newsletter

පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ජනතාවගේ සිරස කන්න හදනවා - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා
(26-03-2010 - දිනමිණ)

රටේ සංස්කෘතිය හා හර පද්ධතිය විනාශ කිරීමට එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් දිගින් දිගටම ක්‍රියා කරන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා පවසයි.
.........................................>>

View Full Newsletter

12.03.2010 - 03 (07:30 SLT)

By Amarasara - Thursday, March 11, 2010 - View Full Newsletter

රූපවාහිනියේ හා ගුවන් විදුලියේ දේශපාලන වැඩසටහන් සමබරව ගෙන යන්න - බලධාරීන්ට නියෝග කරන්නැයි නීතිපතිවරයාට උපදෙස්
(12-03-2010 - දිනමිණ)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී දේශපාලන වැඩසටහන් සමබර ලෙස ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවෙහි සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි බලධාරීන්ට නියෝග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඊයේ (11-03-2010) උපදෙස් දුන්නේ ය.
......................................>>

View Full Newsletter

25.02.2010 - 04 (23:59 SLT)

By Amarasara - Thursday, February 25, 2010 - View Full Newsletter

ගුවන් විදුලි සංස්ථා වැඩ සටහන්වලට ඉන්දියාවේ කෝටි හයක් සවන් දෙති
(25-02-2010 - දිනමිණ)

‍තමිල්නාඩුවේ කෝටි හයක ජනතාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ සටහන්වලට සවන් දෙන බව අනාවරණය වේ. මේ වැඩසටහන්වලට සවන් දෙන ඔවුහු ගුවන්විදුලි සංස්ථාවට කෘතඥතාව පලකර සිටිති.
.................................>>

View Full Newsletter

23.02.2010 - 08 (23:59 SLT)

By Amarasara - Tuesday, February 23, 2010 - View Full Newsletter

ෆොන්සේකාට සහාය නොදුන්නැයි මාධ්‍යවේදී සුනිල්ට මරණ තර්ජන
(23-02-2010 - දිනමිණ)

‍ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහයෝගය නොදුන්නැයි ලංකා නිව්ස් විව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී සුනිල් ගාමිණී ජයලත් මහතාට ප්‍රංශයේ දී මරණීය තර්ජන එල්ලවී තිබේ.
.....................................>>

View Full Newsletter



Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010