.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010

11.04.2010 - 14 (23:59 SLT)

By Amarasara - Monday, April 12, 2010 - View Full Newsletter

සුබ අලුත් අවුරුද්දක්‌ වේවා !
(11-04-2010 - ඉරිදා දිවයින කතුවැකිය)

අද අප කාගේත් ප්‍රධාන මාතෘකාව බවට පත්විය යුත්තේ තව දින කීපයකින් එළඹෙන අලුත් අවුරුද්ද නමැති ජාතික හා සංස්‌කෘතික මංගල්ලය ගැන නොව මුළු රටම උණුසුම් කළ මහ මැතිවරණය පිළිබඳවය. ඇතැම් කෙනෙක්‌ ඒ නිසා අප කෙරෙහි උරණ වීමටද නොබැරිය. එහෙත් අලුත් අවුරුද්ද පමණක්‌ නොව අපේ ජන ජීවිතයේත්, ජන සමාජයේත් රිද්මය බවට පත්ව තිබෙන දේශපාලනය මඟහැර යැමට අපට නොහැකිය.
....................................>>

View Full Newsletter

01.04.2010 - 05 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

සිනමා සහ ටෙලි නාට්‍ය ශිල්පීන්ට ඉතිහාසයේ කිසිදු රජයක්‌ නොදුන් තිළිණයක්‌ ලබාදීමට හැකිවීම වාසනාවක්‌ - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා
(01-04-2010 - දිවයින)

සිනමා සහ ටෙලි නාට්‍ය ශිල්පීන් උදෙසා ඉතිහාසයේ කිසිදු රජයක්‌ ලබා නොදුන් දෙයක්‌ තිළිණ කිරීමට හැකිවීම තමන් ලද ශක්‌තියක්‌ සහ වාසනාවක්‌ බව රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ පළමු අදියර කලාකරුවන්ගේ අයිතියට පත්කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (30-03-2010) ප්‍රකාශ කළේය.

අක්‌කර දෙසිය තිස්‌පහක භූමි ප්‍රමාණයක රුපියල් කෝටි හැත්තෑවක්‌ වැයකොට සිදු කළ රන්මිහිතැන්න පළමු අදියර විවෘත කිරීමේ උළෙල ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්විණි.
..............................>>

View Full Newsletter

28.03.2010 - 06 (23:59 SLT)

By Amarasara - Monday, March 29, 2010 - View Full Newsletter

සුන්දරත්වයේ නිම්නය රන්මිහිතැන්න - ටෙලි සිනමා ගම්මානය ජනපති අතින් 30දා විවෘත වීම නිමිත්තෙනි
(28-03-2010 - සිළුමිණ)

අඩසිය වසකටත් එහා ගිය ඉතිහාසයක් ඇති සිංහල සිනමාවට යළිත් ස්වර්ණමය කාලයක් උදාවන පෙර නිමිති පහළ වී තිබේ. සිනමාවට පමණක් නොව වර්තමානයේ ජනප්‍රිය මාධ්‍යයක්ව පවතින රූපවාහිනි නිර්මාණ කලාවට ද මේ ස්වර්ණමය වසන්තය එක ලෙසම බලපායි. ලෝකයේ අති නවීනතම තාක්ෂණයත් සමඟ නිර්මාණකරණයට එක්වෙන වෙනත් රටවල් සමඟ ගත් කළ අපේ ශ්‍රී ලංකාවට හිමිවනුයේ කුඩා තැනකි. එහෙත් අපේ සිනමාකරුවන් අපට ඇති හැකි පමණින් සම්පත් ප්‍රයෝජනයට ගෙන ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලාංකේය නම රැඳවීම සැබැවින්ම ආඩම්බරයට කරුණක්. ශ්‍රී ලාංකේය නාමය පිළිබඳ නිහතමානී ආඩම්බරය ද සමඟ වර්තමානයේ අපි ළඟා වෙමින් සිටින්නේ ආසියාවේ ආශ්චර්යය වෙතය.
..............................>>

View Full Newsletter

06.03.2010 - 04 (23:59 SLT)

By Amarasara - Saturday, March 06, 2010 - View Full Newsletter

රවි ශංකර්ට ශර්මා සූරීන්ට ජනපතිගෙන් තිළිණයක්‌
(06-03-2010 - දිවයින)

දිවයිනට පැමිණ සිටින විශ්ව කීර්තිධර සංගීතඥයකු වූ රවි ශංකර් ශර්මා මහතා පෙරේදා (04-03-2010) පස්‌වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. භාරතයේ උපත ලද ශංකර් මහතා මහා භාරතයේ පමණක්‌ නොව බටහිර, ආසියානු හා ලෝකයේම සංගීත ලෝලීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ සංගීතඥයෙකි. චිත්‍රපට 200 කට පමණ සංගීතය සපයා ඇති ඒ මහතා, ඒ වෙනුවෙන් අවස්‌ථා ගණනාවකදීම ෆිල්ම් ෆෙයාර් සම්මානය පවා හිමිකරගෙන ඇත.
...............................>>

View Full Newsletter

05.03.2010 - 08 (23:59 SLT)

By Amarasara - Friday, March 05, 2010 - View Full Newsletter

ආසියාවේ විශිෂ්ටතම නළු නිළියන් 25 අතරට මාලිනීගේ නමත්
(05-03-2010 - දිවයින)

‍ආසියාවේ විශිෂ්ටතම නළු නිළියන් විසිපස්‌දෙනා අතරට සිංහල සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මියද CNNGO ආයතනය විසින් ඇතුළත් කර ඇත.
...............................>>

View Full Newsletter

05.03.2010 - 07 (19:45 SLT)

By Amarasara - Friday, March 05, 2010 - View Full Newsletter

රවි ශංකර් ශර්මා සූරීන් : හදවත සනහාලන ළයාන්විත ආමන්ත්‍රණයක්
- ශ්‍යාමා සමරසිංහයන් විසින්
(05-03-2010 - දිනමිණ)

‍සංගීතයට ලොවක් සැනැසිය හැකිය. නැලැවිය හැකිය. දේශ සීමා භාෂා වැට කඩොලු, උස් මිටි කම්, ජාති ලෙභ්ද කිසිවක් එයට නැත, මිනිස් හදවත්වලට ළයාන්විතව ආමන්ත්‍රණය කරමින් අපුරු රසයක් ලබාදීමට සංගීතයට හැකිය. එසේම මිනිස් භාවමය හැඟීම්වලට ආමන්ත්‍රණය කළ හැක්කේ ද සංගීතයටය. සංගීතයේ මේ අපූරු හැකියාව නිසාම බොහෝ දෙනා සංගීතයට මහත් සේ ඇළුම් කරති. පේ‍්‍රම කරති.
....................................>>

View Full Newsletter

28.02.2010 - 02 (23:59 SLT)

By Amarasara - Tuesday, March 02, 2010 - View Full Newsletter

අපි ජීවත් වෙන්නෙ ආණ්ඩුවෙන් ලැබෙන රුපියල් දෙදහෙන් - හරූන් කුමාර් ලන්ත්‍රා සූරීන්
(28-02-2010 - සිළුමිණ)

‍දසක පහකටත් වඩා වැඩි කාලයක් රසික සවන්පත් සැනසූ ඒ ආනන්දනීය මියුරු හඬ අද නිහඬ ය. ගී ගැයීමේ ආශාවක් උනන්දුවක් ඇතත් ඒ මියුරු හඬ අවදි කරන්නට ඔහුගේ දෙතොල අසමත් ය.

වෛද්‍ය ප්‍රතිකාරයක පිහිට පැතුව ද ඒ සඳහා බර පැන දැරීමේ හැකියාවක් ද ඔහුට නැත. සුළු සැත්කමකින් කතා කිරීමේ අපහසුතාව සුව කළ හැකි බව වෛද්‍යවරුන් පවසා ඇතත් ඉන් එහා ඒ ගැන සිතන්නට ඔහුට බැරි ය. කල්පනාවක් නැත.
....................................>>

View Full Newsletter

28.02.2010 - 01 (23:59 SLT)

By Amarasara - Tuesday, March 02, 2010 - View Full Newsletter

කුමරතුඟු මඟ නැවත සොයා ගැනීම
- ආචාර්ය සඳගෝමි කෝපරහේවා සූරීන් විසින්
(28-02-2010 - සිළුමිණ)

සිංහල භාෂාවේ භාවිතය, තත්ත්වය හා සංස්ථිතිය යනාදී සෑම අංශයක් ම කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කිරීමට සමත් වූ නූතන පඬිවරයා කුමාරතුංග මුනිදාස (1887-1944) මහතා ය. ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යය පැවැති යටත්විජිත සමයක සිංහල භාෂාවේ ප්‍රෞඪත්වය සිංහලයන්ට අවබෝධ කරවීමට පුරෝගාමී වූ භාෂානුරාගියකු වශයෙන් පමණක් නොව, ප්‍රාචීන භාෂා සාහිත්‍යයෙහි පැතිර ගිය දැනුමින් හා නිර්මාණ ශක්තියෙන් හෙබි විද්වතකු ද වශයෙන්, සමකාලීන පඬිවරුන් අතර ඔහුගේ පෞරුෂය අද්විතීය එකක් විය.
......................................>>

View Full Newsletter

26.02.2010 - 06 (23:59 SLT)

By Amarasara - Saturday, February 27, 2010 - View Full Newsletter

පැරැණි ගී මිහිර විඳ ගන්නට තාරුණ්‍යයට ඇරියුමක් - 'ගී රස ගංගා' මාර්තු 5 වැනිදා සවස 6.30 එල්ෆිනිස්ටන්හිදී
(26-02-2010 - දිනමිණ)

ආර්. මුත්තුසාමි සූරීන්ගේ සුමදුර සංගීත නාදයෙන් මාධුර්යයට පත්ව අප දෙසවනට විඳින්නට හඬින් තිළින කළ ඔහු ඔබට මතක ද ? සමහර විට ඒ පැනයට ඔබේ පිළිතුර 'නැත' විය හැකිය. මක් නිසාද මේ ගීතය ඒ තරමට විවිධ වූ හඬින් ගැයෙන්ට වූ නිසයි. එහෙත් මා ඉදිරියේ ඒ ගීයේ සැබෑ හිමිකරු දැන් හිඳී. ඔහු සරත් සන්දනායක සූරීන්ය. එදා මෙදා තුර අතිශය ජනප්‍රිය 'මද සීත නලරැල්ල දැඟලිල්ල පා' ගීතයේ මුල් හිමිකරු නැතිනම් සැබෑ අයිතිකරු ඔහු ය.
.....................................>>

View Full Newsletter



Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010