24.04.2010 - 07 (14:20 SLT)
By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter
රටට වැඩ කරන්න
මේ හොඳම කාලයයි - විදුලිබල හා බලශක්ති ඇමැති, ජාතික හෙළ උරුමයේ
ප්‍රතිපත්ති සම්පාදක පාඨලී චම්පික
රණවකයෝ
(24-04-2010 - දිනමිණ)
නව රජය අභියස ඇති අභියෝග මොනවාද, සන්ධානය ලැබූ ජයග්‍රහණය රටේ ඉදිරි යහපත
සඳහා යොදා ගත හැකි ආකාරය හා තවත් කාලීන දේශපාලන හා සමාජීය කරුණු රැසක්
පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැති , ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක පාඨලී චම්පික රණවක මහතා සමඟ සිදුකළ
සාකච්ඡාවකි මේ ! .................................>>
View Full Newsletter
|
24.04.2010 - 06 (13:20 SLT)
By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter
රිදී සීනු හඬ
නැවතත් ඇසේවා !
(24-04-2010 - දිවයින කතුවැකිය)
ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ හැසිරීම මගින්
පැහැදිලි වන්නේ මේ රටට යහපත් දේශපාලන අනාගතයක් උදාවීමට යන බැව් යෑයි අපි
ඊයේ (23 දා) මේ තීරුව මගින් කියා සිටියෙමු. අද ඒ ටිකම තවදුරටත් පුළුල් ලෙස
සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමු. සාමාන්‍යයෙන් ප්‍රකෝපකාරී පුද්ගලයකු ලෙසට
හංවඩු ගසනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා පවා සිය මංගල කතාව තුළින් ඉතා
සංවේදී ලෙස ආත්මය අවදි කළේය. කතානායකවරයාට සුබ පැතූ ඔහු රජයේ යහපත් ක්‍රියා
කලාපයන්ට සහයෝගය දෙන බව ද කීය. .......................................>>
View Full Newsletter
|
24.04.2010 - 05 (13:00 SLT)
By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter
වසර 17කට පෙර
දැයට අහිමි වූ ලලිත් ඇතුලත්මුදලියෝ
- හමුදා විශ්‍රාමික ධර්මදාස
මොහොට්‌ටිගේ සූරීන් විසිනැ
(24-04-2010 - දිවයින)
1993 අප්‍රේල් 23 දා අද වැනි දිනෙක කිරුළපනේදී "ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත්
ජාතික පෙරමුණේ" මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් සිටියදී කොටි
ත්‍රස්‌තවාදියකුගේ වෙඩි උණ්‌ඩයකට ගොදුරුවීමෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා දැයෙන් සමුගත්තේය.
රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී අධිනීතිඥ දොන් ඩැනියෙල් ඇතුලත්මුදලි මහතාටත්
ශ්‍රීමති සමරසේකර මහත්මියටත් දාව 1936-11-26 දින කළුතර දිස්‌ත්‍රික්‌කයේ
වරකාගොඩ නමැති ග්‍රාමයේදී මෙලොව එළියදුටු ලලිත් විලියම් ඇතුලත්මුදලි කුඩා
කල සිටම අධ්‍යාපනයට දක්‌වා ඇත්තේ සුවිශේෂී වූ ලැදිකමකි. ........................................>>
View Full Newsletter
|
24.04.2010 - 02 (11:20 SLT)
By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter
ඉදිරි මාස කීපය
ඇතුළත ව්‍යවස්‌ථා සංශෝධනයක්
(24-04-2010 - දිවයින)
ඉදිරි මාස කිහිපය තුළදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා රජය ව්‍යවස්‌ථා
සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ
මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (23 දා) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය
හමුවකදීය. ................................>>
View Full Newsletter
|
24.04.2010 - 01 (08:00 SLT)
By Amarasara - Friday, April 23, 2010 - View Full Newsletter
කැබිනට්
ඇමැතිවරු 37ක් සහ නියෝජ්‍ය
ඇමැතිවරු 39 ක් දිවුරුම් දෙති
(24-04-2010 - දිවයින)
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජනතා නිදහස්
සන්ධාන රජයේ කැබිනට් ඇමැතිවරුන් 37 දෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 39
දෙනෙක් ඊයේ (23 වැනිදා) දිවුරුම් දුන්හ.
පස්‌වරු 1.34 ට යෙදී තිබූ සුබ නැකතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට්
සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සිය ඇමැති ධුරවල දිවුරුම් දීමේ ප්‍රතිඥාව
ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අගමැති දි. මු.
ජයරත්න මහතා ප්‍රථමයෙන්ම කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන්නේය. ....................................>>
View Full Newsletter
|
22.04.2010 - 01 (14:25 SLT)
By Amarasara - Thursday, April 22, 2010 - View Full Newsletter
රජීව විජේසිංහ,
මුසම්මිල්ට වඩා වටිනවද?, අපි කළ දේට දෙකක් නෙමෙයි තුනක් ඕන - විමල් වීරවංශ මහතා
(22-04-2010 14:38 +0530 - ලංකා
ටෘත්)
ජාතික නිදහස් පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් (02) ලබාදීමට
පොරොන්දු වී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් එම පොරොන්දුව කඩ කර
ඇතැයි විමල් වීරවංශ මහතා
පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ලැයිස්තුවෙන් රජීව විජේසිංහ මහතා පත් කර ඇති අතර මොහොමඩ් මුසම්මිල් මහතා ජාතික
ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි පවසන වීරවංශ මහතා වඩා වටින්නේ රජීවද,
මුසම්මිල්දැයි විමසා සිටියේය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද බත්තරමුල්ල
ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. ....................................>>
View Full Newsletter
|
20.04.2010 - 02 (12:50 SLT)
By Amarasara - Tuesday, April 20, 2010 - View Full Newsletter
දෙමළ පක්‍ෂයකින්
මැතිසබයට පත් වූ සිංහල ජාතිකයා - පියසේන
(20-04-2010 - දිවයින)
හත්වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී නවක මුහුණු රැසක් පාර්ලිමේන්තුව නියෝජනය
කරන්නට ජනතා වරම් ලබා ගන්නා ලදී. මැති ඇමැති බලකණු ජනවරම නොලබා
බිඳවැටෙද්දී නවක මන්ත්‍රීවරු ගොන්නේ කැපී පෙනෙන මන්ත්‍රීවරයෙක් ද වෙයි.
ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂය නියෝජනය කරමින් දිගාමඩුල්ලෙන් මැති සබයට
තේරී පත් වුණු ඔහු සිංහල ජාතිකයෙකි. පී. එච්. ජී. පියසේන නම් ඔහු
අක්‌කරපත්තුවේ වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි. .......................................>>
View Full Newsletter
|
20.04.2010 - 01 (11:25 SLT)
By Amarasara - Tuesday, April 20, 2010 - View Full Newsletter
ජාතික
ලැයිස්‌තුවලින් කාවුන් ඉවත් කිරීම
(20-04-2010 - දිවයින කතුවැකිය)
රටක දේශපාලන තන්ත්‍රය සකස් වනුයේ, එම රටේ සමාජය තුළ ක්‍රියාත්මක වන
දේශපාලනික ආයතන සමූහය මගිනි.
ශ්‍රී ලංකාවේ දේශපාලනික ආයතන සියල්ලම පාහේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ඒවා
වන අතරම, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එහෙම පිටින්ම අනුගමනය කරන ඒවාද වෙයි. ඒ
අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන තන්ත්‍රය ඉතාම පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී
රාමුවක පිහිටා කටයුතු කරන රාජ්‍යයකට අයත් එකක් වශයෙන් ලෝකයා විසින්
හඳුනාගනු ලැබේ. .....................................>>
View Full Newsletter
|
16.04.2010 - 01 (07:00 SLT)
By Amarasara - Thursday, April 15, 2010 - View Full Newsletter
"පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර කථානායක තෝරනවා; කැබිනට් ඇමැති සංඛ්‍යාව 35
ක් හෝ 38 ක් වෙයි" - ජනපති
'දිවයින' ට කියයි
(16-04-2010 - දිවයින)
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අය අතරින් වඩාත් සුදුසු හා කාර්යක්‍ෂම
පිරිසක් කැබිනට් මණ්‌ඩලයට තෝරා ගන්නා බවත් එය කිසිසේත්ම 35ට හෝ 38කට
වැඩි නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින සමග විශේෂ සාකච්ඡාවකට
සම්බන්ධ වෙමින් කියා සිටියේය.
..................................>>
View Full Newsletter
|
11.04.2010 - 11 (23:59 SLT)
By Amarasara - Monday, April 12, 2010 - View Full Newsletter
ජාතිකත්වය ජය
ගැනීම
- මහචාර්ය නලින් ද සිල්වා
සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)
මේ ලිපිය ලියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් එහෙත් එ. ජ. නි. ස. විශිෂ්ට
ජයක් ලබන්නේය යන විශ්වාසයෙනි. මරුතිවරණයෙන් එ. ජ. නි. ස. ජය නොලබන බව
ප්‍රකාශ කර සිටියේ තිස්‌ස අත්තනායක වැනි කිහිප දෙනකු පමණය. ඔහු එසේ විශ්වාස
කෙළේ දැයි අපි නො දනිමු. එසේ විශ්වාස කෙළේ නම් අපට කළ හැක්‌කේ ඔහුට
අනුකම්පා කිරීම පමණකි. එහෙත් ඒ අනුකම්පාවෙන් ඔහුට වැඩක් නොවන බවද අපි
දනිමු. රනිල් වික්‍රමසිංහ නම් එ. ජා. පෙ. පරදින බව කල් ඇතිව ම දැනගන්නට
ඇත්තේ ඔහුට ඒ පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති බැවිනි. ජ. වි. පෙරමුණට වැලේ
වැල් නැතිව පරාජය හිමිවීම හැරෙන්නට වෙනත් ඉරණමක් නොමැති බවත් ඒ පක්‍ෂය හා
පක්‍ෂය වැඩ කරන රටාව වූයේ තම න්‍යාය පත්‍රයට අනුව අන් අය කඩේ යවා තම
පාක්‍ෂිකයන් ඉදිරියට ගැනීම බවත් සරත් ෆොන්සේකා හා අනෝමා ෆොන්සේකා නොදැන
සිටියේ නම් ඒ ගැන ද අපට කිවහැක්‌කේ බ්ලේක්‌ලා හා මිලිබෑන්ඩ්ලා කියන ආකාරයට
වැඩ කර ලබාගත් ඡන්ද ප්‍රතිඵලය ගැන "නුඹ නාඩන් අමල් බිසෝ" යන්න පමණකි. ......................................>>
View Full Newsletter
|