.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010 << Previous Page  Of 26 Next >>

24.04.2010 - 03 (12:30 SLT)

By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter

සුබ අනාගතයකට මේ පාරෙන් එන්න
- පූජ්‍ය ශාස්‌ත්‍රපති රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි - ජර්මනිය
(24-04-2010 - දිවයින)

ශ්‍රී ලංකාව තුන්වැනි ලෝකයේ රටක්‌ නැතහොත් සංවර්ධනය වෙමින් පවතින හෙවත් ඌන සංවර්ධිත රටකි. මෑත ඉතිහාසයේ විදේශීය ආක්‍රමණයන්වලට හසුවීම නිසා හා පසුගිය වසරේ මැයි මස 18 වැනි දින දක්‌වාම වසර තිහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති යුද්ධය නිසාත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය අවුරුදු පනහකින් පමණ ආපස්‌සට ඇදුණි.

රටක සංවර්ධනය විෂයයෙහි භෞතික හා ආධ්‍යාත්මික යන මේ දෙයාකාර වූ සංවර්ධනය හෙවත් දියුණුව ඇති විය යුතුය. රටේ මොනතරම් භෞතික සංවර්ධනයක්‌ ඇති වුවත් පුද්ගල සංවර්ධනය හෙවත් ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ ඇති නොවුණහොත් අපට ගත හැක්‌කේ භෞතික දියුණුව පමණක්‌ම මිස අධ්‍යාත්මික දියුණුවක්‌ නොවේ.
..............................>>

View Full Newsletter

24.04.2010 - 02 (11:20 SLT)

By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter

ඉදිරි මාස කීපය ඇතුළත ව්‍යවස්‌ථා සංශෝධනයක්‌
(24-04-2010 - දිවයින)

ඉදිරි මාස කිහිපය තුළදී මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා රජය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (23 දා) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
................................>>

View Full Newsletter

24.04.2010 - 01 (08:00 SLT)

By Amarasara - Friday, April 23, 2010 - View Full Newsletter

කැබිනට්‌ ඇමැතිවරු 37ක් සහ නියෝජ්‍ය ඇමැතිවරු 39 ක්‌ දිවුරුම් දෙති
(24-04-2010 - දිවයින)

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ කැබිනට්‌ ඇමැතිවරුන් 37 දෙනෙක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 39 දෙනෙක්‌ ඊයේ (23 වැනිදා) දිවුරුම් දුන්හ.

පස්‌වරු 1.34 ට යෙදී තිබූ සුබ නැකතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සිය ඇමැති ධුරවල දිවුරුම් දීමේ ප්‍රතිඥාව ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අගමැති දි. මු. ජයරත්න මහතා ප්‍රථමයෙන්ම කැබිනට්‌ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
....................................>>

View Full Newsletter

22.04.2010 - 01 (14:25 SLT)

By Amarasara - Thursday, April 22, 2010 - View Full Newsletter

රජීව විජේසිංහ, මුසම්මිල්ට වඩා වටිනවද?, අපි කළ දේට දෙකක් නෙමෙයි තුනක් ඕන - විමල් වීරවංශ මහතා
(22-04-2010 14:38 +0530 - ලංකා ටෘත්)

ජාතික නිදහස් පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් (02) ලබාදීමට පොරොන්දු වී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන‍ය දැන් එම පොරොන්දුව කඩ කර ඇතැයි විමල් වීරවංශ මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ලැයිස්තුවෙන් රජීව විජේසිංහ මහතා පත් කර ඇති අතර මොහොමඩ් මුසම්මිල් මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි පවසන වීරවංශ මහතා වඩා වටින්නේ රජීවද, මුසම්මිල්දැයි විමසා සිටියේය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
....................................>>

View Full Newsletter

20.04.2010 - 02 (12:50 SLT)

By Amarasara - Tuesday, April 20, 2010 - View Full Newsletter

දෙමළ පක්‍ෂයකින් මැතිසබයට පත් වූ සිංහල ජාතිකයා - පියසේන
(20-04-2010 - දිවයින)

හත්වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී නවක මුහුණු රැසක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට ජනතා වරම් ලබා ගන්නා ලදී. මැති ඇමැති බලකණු ජනවරම නොලබා බිඳවැටෙද්දී නවක මන්ත්‍රීවරු ගොන්නේ කැපී පෙනෙන මන්ත්‍රීවරයෙක්‌ ද වෙයි. ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂය නියෝජනය කරමින් දිගාමඩුල්ලෙන් මැති සබයට තේරී පත් වුණු ඔහු සිංහල ජාතිකයෙකි. පී. එච්. ජී. පියසේන නම් ඔහු අක්‌කරපත්තුවේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන අයෙකි.
.......................................>>

View Full Newsletter

20.04.2010 - 01 (11:25 SLT)

By Amarasara - Tuesday, April 20, 2010 - View Full Newsletter

ජාතික ලැයිස්‌තුවලින් කාවුන් ඉවත් කිරීම
(20-04-2010 - දිවයින කතුවැකිය)

රටක දේශපාලන තන්ත්‍රය සකස්‌ වනුයේ, එම රටේ සමාජය තුළ ක්‍රියාත්මක වන දේශපාලනික ආයතන සමූහය මගිනි.

ශ්‍රී ලංකාවේ දේශපාලනික ආයතන සියල්ලම පාහේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ඒවා වන අතරම, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එහෙම පිටින්ම අනුගමනය කරන ඒවාද වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන තන්ත්‍රය ඉතාම පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පිහිටා කටයුතු කරන රාජ්‍යයකට අයත් එකක්‌ වශයෙන් ලෝකයා විසින් හඳුනාගනු ලැබේ.
.....................................>>

View Full Newsletter

16.04.2010 - 05 (11:50 SLT)

By Amarasara - Friday, April 16, 2010 - View Full Newsletter

රොබට්‌ බ්ලේක්‌ගේ ද්විත්ව රංගනය
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(16-04-2010 - දිවයින)

"කොටි සංවිධානය පරාජය කළ නොහැකියි" - රොබට්‌ බ්ලේක්‌ (සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම්)

මෙවර මැතිවරණයේදී රජය විශිෂ්ට ජයග්‍රහනයක්‌ ලැබීම සම්බන්ධයෙන් බරපතල කම්පනයකට පත්ව සිටින්නේ ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණයයි. මෙය තවදුරටත් සනාථ වන්නේ මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ගේ සාවද්‍ය යුද අපරාධ වාර්තා නිසා ඇමරිකානු හමුදා ඇකඩමිවල මෙරට යුද හමුදා නිලධාරීන්ට පුහුණුවීම් නතර කිරීමයි. කොටි පරාජය වනු ඇතැයි බ්ලේක්‌ කිසි දිනෙක සිතුවේ නැත. මහා මැතිවරණයේ විශිෂ්ට ප්‍රතිඵල සමගම රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාවේ රජය දැන් කළ යුත්තේ කුමක්‌ද යන්න ගැනද කියා සිටියි.
.........................................>>


View Full Newsletter

16.04.2010 - 04 (10:15 SLT)

By Amarasara - Thursday, April 15, 2010 - View Full Newsletter

අනුරාධපුර "සාම සේවයේ" කාර්යාල ගොඩනැඟිල්ල ගින්නෙන් විනාශවෙයි
(16-04-2010 - දිවයින)

උතුරු මැද පළාතේ ක්‍රියාත්මකවන ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ වන "සාම සේවයේ" අනුරාධපුර තලාවේ පිහිටි ප්‍රධාන කාර්යාලයීය ගොඩනැඟිල්ල ඉකුත් 13 වැනිදා රාත්‍රියේ මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබේ. එදින රාත්‍රි 10.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන තලාව පොලිසිය පවසයි.
......................................>>

View Full Newsletter

16.04.2010 - 03 (09:10 SLT)

By Amarasara - Thursday, April 15, 2010 - View Full Newsletter

දනුනගේ මවට අයත් කෝටි හත බැංකු ගත කළ සැකකරුට ඇප
(16-04-2010 - දිවයින)

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන දනුන තිලකරත්න මහතාගේ මව වෙනුවෙන් රුපියල් කෝටි හතහමාරක මුදලක්‌ බැංකුගත කිරීමට රැගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි නාවල සෝලිස්‌ ආපනශාලා හිමිකරු රුපියල් ලක්‌ෂ දහයක පුද්ගලික ඇපමත මුදාහරින ලෙස ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා නියෝග කළේය. මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ සංජීව කුමාර නැමැත්තෙකි.
.....................................>>

View Full Newsletter

16.04.2010 - 02 (08:40 SLT)

By Amarasara - Thursday, April 15, 2010 - View Full Newsletter

නැවත ඡන්දය තියන තැන්වලට සහකාර මැතිවරණ කොමසාරිස්‌වරු - ත්‍රිමලේ ඡන්දපළේදීම ගණන් කිරීම් සිදු වෙයි
(16-04-2010 - දිවයින)

නැවත ඡන්ද විමසීම සිදු කරන නාවලපිටිය හා ත්‍රිකුණාමලය ඡන්ද මධ්‍යස්‌ථානවලට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්‌ථානාධිපතිවරුන් වෙනුවට සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් හෝ ඊට සමාන නිලයන් දරන නිලධාරීන් යෙදවීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කර ඇත.
.......................................>>

View Full Newsletter

<< Previous Page  Of 26 Next >>


Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010