.
[Amarasara
News Home] . (Sinhala Unicode - Malithi Web Font)
.
එන්.ජී.ඕ. උගුලෙන් ගැලවීම
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(24-04-2010 - දිවයින)
තොරතුරු දැන ගැනීමේ හිමිකම් අයිතිය නමැති පනත රටේ ජාතික ආරක්‍ෂාවට හානි කර බව තේරුම් ගත් ඇමරිකානු ජනාධිපතිවරුන් වූ රීගන් හා ජෝර්ඡ් බුෂ් එහි වගන්ති කීපයක් අත්හිටුවනු ලැබීය.
මෙයට වසර කීපයකට පෙර කොටි හිතවාදී එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක් විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය නැමැති පණතක් රජය විසින් ඉදිරිපත් කළ යුතු යෑයි පවසා තිබුණි.
මහා මැතිවරණය සමීපවෙත්ම එක්‌තරා ඇමැතිවරයකු විසින් මෙවැනි පණත් කෙටුම්පතක් ලහිලහියේ සකස් කෙරුණි. මේ කෙටුම්පත සකස් කිරීම සඳහා ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් නම් වූ එන්. ජී. ඕ. ආයතනයේ ක්‍රියාකාරියකු ද මුල් විය.
එසේම ජනාධිපතිවරණයට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ ප්‍රධානත්වයෙන් එක්‌සත් නිදහස් සන්ධානයේ ලේකම්වරයාට මෙවන් පණතක් ක්‍රියාත්මක කරන්නැයි කියමින් ලිපියක් බාරදුන් බව වාර්තා විය.
මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රධානියා දැන් පැදුරටත් නොකියා ඇමරිකාවට පළා ගොස් ඇත. මේ නිසා මෙවන් පණතක් අවශ්‍යව ඇත්තේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ට බව සනාථ වේ.
ඇමරිකානු රජය මෙයට වසර ගණනකට පෙර මෙවැනි පණතක් සම්මත කළේය. එහෙත් ඉන් රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වීම නිසා හිටපු ජනාධිපතිවරුන් ජෝර්ජ් බුෂ් හා රොනල්ඩ් රේගන් එහි වගන්ති සීමා කරනු ලැබීය. මෙවන් පණත් කෙටුම්පතක් මගින් රටේ ආරක්‍ෂක අමාත්‍යංශය ඇතුළු ආයතනවල ඕනෑම තොරතුරක්a ප්‍රසිද්ධියට පත් කිරීම හා එහි තොරතුරු ඉල්ලූවිට ලබාදිය යුතුවේ. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ රජය එන්. ජී. ඕ. සංවිධානවල ඉල්ලීම්වලට එකඟ විය යුතු ද යන ප්‍රශ්නය මතු වේ.
යම් ලෙසකින් මෙවන් පණතක් කලකට පෙර සම්මත වී තිබුණේ නම් කොටි ත්‍රස්‌තයන්ට එරෙහි මෙහෙයුම් කණපිට පෙරළීමට ඉඩ තිබිණි.
ඇමරිකාව තොරතුරු දැන ගැනීමේ හිමිකම නමැති පණත් කෙටුම්පත සකස් කලත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජුඩි නමැති මාධ්‍යවේදිනියට තමන්ට තොරතුරු දුන් මූලාශ්‍රය හෙළි නොකිරීම නිසා සිරයට යාමට සිදු විය. රටෙක ප්‍රධානතම අංශය වන්නේ ජාතික ආරක්‍ෂාවයි. මේ නිසා ජාතික ආරක්‍ෂාවට හා රජයේ ආයතනවලට සම්බන්ධ තොරතුරු දෙස් විදෙස් එන්. ජී. ඕ. සංවිධානවලට හෙළි කළ යුතුද?
මහ මැතිවරණයට පෙර ලහි ලහියේ කෙටුම්පත් තොරතුරු දැන ගැනීමේ හිමිකම් පණත සඳහා ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ක්‍රියාකාරිකයකු සම්බන්ධ කර ගැනීමෙන් එහි පණත සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය මතුවී ඇත්තේ කාටද යන්න පැහැදිලි නොවන්නේ ද?
සතුරන්ට තොරතුරු එළි නොදක්‌වන්නැයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු යුද සෙනෙවියකු වූ වින්සන්ට් චර්චිල් පැවසුවේ නිකම් නොවේ.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ප්‍රධාන ස්‌ථානයක් ගන්නා අතර මෙවන් පණත් කෙටුම්පතක් මගින් රහස්‍ය (ජනතාව දැන ගැනීමෙන් වැළකිය යුතු) තොරතුරු එළිදැක්‌වීමේ වාසිය හිමිවන්නේ මෙරටට එරෙහි විදේශ බලවේගවලටය.
මෙයට හොඳම නිදසුන නෝර්වේ විදේශ ඇමැති ජොනාස් ස්‌ටොරේ වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදුවූ දේ ගැන ආරක්‍ෂක බලධාරීන් හෙළි කළ යුතු යෑයි මෑතකදී කියා සිටීමයි.
මෙම තත්ත්වය මත තොරතුරු දැන ගැනීමේ පණතක අවශ්‍යතාවය මතුවී ඇත්තේ විදේශික බලවේගවලටය. මෙහිදී මේ පණත් කෙටුම්පත ගැන හඬ නඟන පාර්ශ්වයන්ගේ අතීත පසුබිම ගැනද විමර්ශනයට ලක් කළ යුතුය.
එකී ඉල්ලීම කර ඇත්තේ විදෙස් අරමුදල් ලබන නිදහස් මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමයි. මෙම කණ්‌ඩායමේ කලින් සිටි ප්‍රධානියා ජිනිවාහි මානව හිමිකම් මූලස්‌ථානයේදී ප්‍රංශ කොටි ඒජන්ත වී කිරුබාහරන් සමඟ සාකච්ඡා කරන අයුරු අතටම අසු විය.
එසේම මෑතකදී ඇමරිකාවට පළා ගිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයා දේශපාලකයකු ලවා ශ්‍රී ලංකාවට එරෙහි විවිධ සාවද්‍ය වාර්තා යුරෝපා ප්‍රජාව වෙත යවනු ලැබූ බව රජයේ බුද්ධි අංශවලට තහවුරු විය. අද තොරතුරු දැන ගැනීමේ හිමිකම නමැති පනත මෙරට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව ඇත්තේ මෙවන් විදේශ අරමුදල් ලබන එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ටය.
රටේ ජනතාවට ආරක්‍ෂක අමාත්‍යාංශය ගන්නා විවිධ රහස්‍ය ක්‍රියාමාර්ග හෝ වෙනත් රහස්‍ය තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවයක් නැත.
එසේම ඇමරිකාව යම් කෙටුම්පතක් සම්මත කළ බව දක්‌වමින් ඇමරිකාව අනුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයක් ද මෙරටට නොමැත.
ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීමට පෙරටත් වඩා විදේශ බලවේග මාන බලන බව දැන් පැහැදිලිය. ඊට මූලික හේතුව එම බලවේග අපේක්‍ෂා කළ රජය පත් නොවීමයි.
තොරතුරු දැන ගැනීමේ හිමිකම ද එකී විදේශ බලවේගවල ව්‍යාපෘතියකි. මෙය තවදුරටත් සනාථ වන්නේ මෙයට කලකට පෙර බටහිර රටෙක තානාපතිවරයෙක් කොළඹදී ප්‍රකාශයක් කරමින් මාධ්‍ය නිදහස රැකෙන්නේ තොරතුරු දැනගැනීමේ හිමිකම පනත් වශයෙන් සම්මත කිරීමෙන් යෑයි පැවසීමෙනි.
කොටි ඝාතක කණ්‌ඩායම වසර ගණනාවක් තිස්‌සේ මෙරට පෝෂණය වූයේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් නිසාය.
අද එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු මාධ්‍ය ක්‍ෂේත්‍රයම ගිලගෙන ඇත. මොවුන් වන්නි මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වූ ආකාරය ආරක්‍ෂක බලධාරීහු දනී.
මේ තත්ත්වය මත විදේශ රටවල න්‍යායපත්‍රය මත ක්‍රියාත්මක වන එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම ඉටු කිරීමට ජනාධිපතිතුමා මෙන්ම නව රජයත් නව ජනමාධ්‍ය ඇමැතිවරයාත් ක්‍රියා නොකළ යුතුය.
මෙකී එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ පසුපස සිටින්නේ ඔවුන්ට අරමුදල් සපයන ස්‌වීඩනය, නෝර්වේ හා ඩෙන්මාර්කයයි. මෙහිදී ජනාධිපතිවරණ සමයේ ට්‍රාන්ස්‌පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය රජය රාජ්‍ය සම්පත් පරිහරණය කරන බව දක්‌වමින් ජාත්‍යන්තරව ප්‍රචාරයක් ගෙන යනු ලැබීය.
මේ ප්‍රචාරය ගෙනගිය පාර්ශ්වයම රජය වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ පනතක් කෙටුම්පත් කිරීමට ඉදිරිපත් විය. එහෙත් එකී පනත් කෙටුම්පතට අදාළ ඇමැතිවරයා පරාජය විය.
මේ වාතාවරණය මැද ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් මත මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් දියත් කර ඇති ක්‍රමවේදය පැහැදිලිය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලය යනු මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ උරුමක්‌කරුවන් නොවේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි හඬ ගුවන්විදුලියට ගුවන් ප්‍රහාර එල්ල කර විනාශ කළ අවස්‌ථාවේ ඊට එරෙහිව හඬ නැඟුවේ ඔවුන්ය. මේ නිසා නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලය පෙනී සිටියේ රටේ ජනතාව වෙනුවෙන් ද කොටි ඝාතක කණ්‌ඩායම වෙනුවෙන් ද යන්න සනාථ නොවන්නේද? ෴
• [Amarasara News
Home]
• Email :
news[at]amarasara.info
• [Amarasara
Home]
.