.

24.04.2010 - 05 (13:00 SLT)


24.04.2010 - 05 (13:00 SLT)

By Amarasara - Saturday, April 24, 2010

. [Amarasara News Home] . (Sinhala Unicode - Malithi Web Font) .

වසර 17කට පෙර දැයට අහිමි වූ ලලිත් ඇතුලත්මුදලියෝ
- හමුදා විශ්‍රාමික ධර්මදාස මොහොට්‌ටිගේ සූරීන් විසිනැ
(24-04-2010 - දිවයින)

1993 අප්‍රේල් 23 දා අද වැනි දිනෙක කිරුළපනේදී "ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ" මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් සිටියදී කොටි ත්‍රස්‌තවාදියකුගේ වෙඩි උණ්‌ඩයකට ගොදුරුවීමෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා දැයෙන් සමුගත්තේය.

රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී අධිනීතිඥ දොන් ඩැනියෙල් ඇතුලත්මුදලි මහතාටත් ශ්‍රීමති සමරසේකර මහත්මියටත් දාව 1936-11-26 දින කළුතර දිස්‌ත්‍රික්‌කයේ වරකාගොඩ නමැති ග්‍රාමයේදී මෙලොව එළියදුටු ලලිත් විලියම් ඇතුලත්මුදලි කුඩා කල සිටම අධ්‍යාපනයට දක්‌වා ඇත්තේ සුවිශේෂී වූ ලැදිකමකි. කොළඹ 7 කාන්තා විද්‍යාලයෙනුත්, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙනුත් ඉන් අනතුරුව 1942 දී කොළඹ රාජකීය විද්‍යාලයෙනුත් අධ්‍යාපනය හදාරා ඇති මෙතුමා විශේෂයෙන්ම සිංහල භාෂාව සහ බුදුදහම පිළිබඳව හසල දැනුමක්‌ ලබාගෙන ඇත්තේ කැලණිය රජමහ විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ තලේවෙල විජිතධම්මරක්‌බිත හිමිපාණන්ගෙනි. ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට දක්‌වා ඇත්තේ සුවිශේෂී වූ දක්‍ෂතාවකි. එතුමා වරක්‌ රාජකීය විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයාට පිරිනැමෙන "දොන්හෝස්‌" ත්‍යාගය පවා දිනා ගැනීමට සමත් වී ඇත. විද්‍යාලයේ සෑම අතින්ම දක්‍ෂතා දක්‌වන සිසුවාට හිමි ත්‍යාගය නම්කර ඇත්තේද මෙතුමාගේ නමින්ය.

 

1955 දී උසස්‌ අධ්‍යාපනය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්‌ස්‌පර්ඩ් සරසවියට ඇතූළු වී නීතිය හැදෑරූ අතර එම සරසවියේ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වී එහි ලේකම්, භාණ්‌ඩාගාරික, පුස්‌තකාලයාධිපති තනතුරටත් 1958 දී එහි සභාපති තනතුරටත් පත්වීමේ වාසනාව එතුමා උදාකරගෙන ඇත. නීති විශාරදයකු ලෙස දෙස්‌ විදෙස්‌හී තම නම රැන්දූ විද්වතෙකි.

1977 වසර ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දේශපාලන ගමන්මගේ ආරම්භක වසර ලෙස හැඳින්විය හැක. ලලිත්ට තම දේශපාලනය ආරම්භ කරන්නට සිදුවූයේ එක්‌සත් ජාතික පක්‍ෂයෙනි. එහෙත් ඔහු තුළ වැඩෙමින් තිබුණු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආකල්පයන්ට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂය නව මාවතක්‌ ඔස්‌සේ පෙළගැසෙමින් තිබුණි. එය උච්ච අවස්‌ථාවට එළඹියේ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ විධායක ජනාධිපති ක්‍රමය "වන් මෑන් ෂෝ" එකක්‌ බවට පත්වීමෙන් අනතුරුවයි. ඊට එරෙහි වූ ලලිත්, ගාමිණී, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් කංඩායමක්‌ සමග පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට 1991-08-28 දින ප්‍රේමදාස ජනාධිපතිට එරෙහිව ලලිත් ඇතුලත්මුදුලි මහතා පාර්ලිමේන්තුවට "දෝෂාභියෝග යෝජනාවක්‌" ඉදිරිපත් කළේය.

නමුත් එය අසාර්ථක වූයෙන් එම කණ්‌ඩායමට රජයෙන් ඉවත්වීමට සිදුවිය. ඉන් අනතුරුව ලලිත්, ගාමිණී ඇතුළු එම කණ්‌ඩායම "ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණ" නමින් නව දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවාගෙන ජනතාව අතරට පිවිසුණේය.

මෙතුමා 1977 සිට වසර 15 ක පමණ කාලයක්‌ තුළ එක්‌සත් ජාතික පක්‍ෂ රජයේ වෙළඳ හා නාවික, ජාතික ආරක්‍ෂක, අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන, ආහාර හා සමූපකාර මෙන්ම කෘෂිකර්ම යන අමාත්‍යංශ හොබවමින් රටට ජාතියට කළ උදාර ජාතික මෙහෙවර පැසසුම් කටයුතුය. රටට සාමය උදාකර ගැනීමේ පිවිතුරු හැඟුමින් යුතුව ආරක්‍ෂක ඇමැතිව සිටියදී ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජනරාල් විජය විමලරත්න වැනි ප්‍රවීණ සෙන්පතියන්ට නායකත්වය දෙමින් කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව උතුරුකරයේ දියත්කළ සාර්ථක මෙහෙයුම් අතර වඩමරච්චි සටන මෙහිදී අප ඉතා ගෞරවයෙන් සිහිපත් කළයුතුය.

මහපොල ශිෂ්‍යත්ව පදනමේ නිර්මාතෘ මෙතුමාය. "මහපොල" සංකල්පය ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙළකි.

"කවුද හරි නොව කුමක්‌ද හරි" සංකල්පය පෙරදැරිකරගත් මෙතුමාගේ සිංහලකමත් බෞද්ධකමත් කිසිසේත්ම පටු වාද භේද උස්‌මිටිකම් අතර සිරවූයේ නැත. එතුමා මනුෂ්‍යත්වයේ නාමයෙන් ලොවට සේවය කිරීම සඳහා පැමිණි නායකයෙකි. එතුමා තුළ තිබුණු හසල දැනුම් සම්භාරය දිවි පරදුවට තබා කැප කළේ අනාගත පරපුරට අදට වඩා හොඳ හෙටක්‌ උදාකරදීම උදෙසාමය ෴

[Amarasara News Home]
• Email : news[at]amarasara.info
[Amarasara Home]
.




Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010