.
[Amarasara
News Home] . (Sinhala Unicode - Malithi Web Font)
.
අලුතින් පත් වූ අමාත්‍යාංශ ලේකම්වරු
(24-04-2010 - දිනමිණ)
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (25-04-2010) පස්වරුවේදී සිදු කෙරිණි. අමාත්‍යාංශ 36 ක් සඳහා අලුතෙන් පත්වීම් ලැබූ ලේකම්වරුන් මෙසේය :
• ධාරා විජයතිලක මහත්මිය - විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්
• ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා - ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
• ඩබ්ලිව්. බී. ගනේගල මහතා - ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්
• මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය - ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්
• සුහද ගම්ලත් මහතා - අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්
• එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්
• මහින්ද මඩිගහේවා මහතා - කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
• තිලක් කොල්ලුරේ මහතා - කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්
• ඒ. එච්. ගමගේ මහතා - පශු සම්පත් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
• ගෝඨාභය රාජපක්ෂ මහතා - ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්
• එස්. ලියනගම මහතා - ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්
• අශෝක පීරිස් මහතා - ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
• ඒ. දිසානායක මහතා - පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්
• නිශ්ශංක විජේරත්න මහතා - ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්
• සීතා විතානආරච්චි මහත්මිය - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
• ආර්. ඒ. ඩී. ආර්. මාලිනී පීරිස් මහත්මිය – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්
• අයිවන් ද සිල්වා මහතා - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්
• කේ. ටී. පී. රංජිත් ද සිල්වා මහතා - වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්
• ඒ. අබේගුණසේකර මහතා - ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම්
• අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ මහතා - මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්
• ජී. ඩබ්ලිව්. සී. ජයතිලක මහතා - තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම්
• විමල් රූබසිංහ මහතා - ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
• අශෝක ජයසේකර මහතා - බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
• ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
• ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා - පරිසර අමාත්‍යාංශයේ ලේකම්
• බී. ඩී. දහනායක මහතා - දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්
• ඩබ්ලිව්. යමුනා චිත්‍රාංගනී මෙනවිය - සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම්
• එන්. ආර්. ගුණසේකර මහත්මිය - ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
• වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
• එස්. එස්. හේවාපතිරණ මහතා - යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
• එච්. ටී. එම්. ජයවර්ධන මහතා - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්
• වෛද්‍ය නිහාල් ජයතිලක මහතා - පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්
• අනුර සිරිවර්ධන මහතා - සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්
• ඩබ්ලිව්. ඩබ්ලිව්. ගමගේ මහතා - රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
• එස්. මර්නා මොහොමඩ් මහත්මිය - ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්
• පී. බී. අබේකෝන් මහතා - රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ෴
+++++++++++++++++++++++++++++++
අගමැති ලේකම් අද වැඩ බාර ගනී
(24-04-2010 - දිනමිණ)
නව අගමැති ලේකම්වරයා ලෙස සිරිසේන අමරසේකර මහතා පත්ව සිටී. ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී අද (26-04-2010) උදේ 10:30 ට යෙදෙන සුබ මොහොතේ දී සිය ධූරය කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
රටේ ප්‍රධාන අමාත්‍යාංශ පහක ලේකම් ධූරය හොබවා ඇති අමරසේකර මහතා, හතළිස්වසරක් රාජ්‍ය සේවයේ නියුතු වූවෙකි. ධීවර, වරාය හා නාවික , බස්නාහිර පළාත් සංවර්ධන කෘෂිකර්ම හා මහා මාර්ග අමාත්‍යාංශයන්හි ලේකම්වරයා ලෙස ක්‍රියා කර ඇති හෙතෙම මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සය වසරකට වැඩි කාලයක් ක්‍රියා කෙළේ ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඉදි කළ අධිවේගී මාර්ග, ලෝක වාර්තා පිහිටුවමින් ඉදිකළ ගුවන් පාලම් ආදී මාර්ග ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදුකළ පසුගිය කාල සීමාවේ දී අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඒ මහතා අනුපමේය දායකත්වයක් ඒ සඳහා ලබා දුන්නේ ය.
මිද්දෙණිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වානිජවේදී ගෞරව උපාධි ලබාගෙන ඇති අමරසේකර මහතා අමෙරිකා එක්සත් ජනපදයේ ආයතන කළමනාකාරිත්වය පිළිබඳ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක්ද හැදෑරුවෙකි ෴
• [Amarasara News
Home]
• Email :
news[at]amarasara.info
• [Amarasara
Home]
.