.
[Amarasara
News Home] . (Sinhala Unicode - Malithi Web Font)
.
සාර්ක් ශක්තිය අවතක්සේරු නොකළ යුතුයි - ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා
(28-04-2010 - news.lk)
ශී‍්‍ර ලංකාවේ ආර්ථික ප‍්‍රගතිය උදෙසා ගම්වලින් නගරයට විශාල ජන සංක‍්‍රමණයක අවශ්‍යතාවක් නොමැති බවට වූ විශ්වාසය මත අප ක‍්‍රියාත්මක කළ ප‍්‍රතිපත්තිය සාර්ථක වී ඇති බව සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේය. "මගේ රජය නිවාස ජලය හා සනීපාරක්ෂක පහසුකම් ආදී ප‍්‍රශ්න තීව‍්‍රර වන නාගරික සංක‍්‍රමණය මත පදනම් වූ පිළිවෙත් වෙනුවට ග‍්‍රාමීය ජනතාවට සම්පත් ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කරයි. මගේ රජයට ග‍්‍රාමීය ජනතාවගෙන් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවෙක් ලැබීමට හේතුව ද මෙය යයි" එතුමා පැවසීය.
අද (28-04-2010) භුතානයේ තිම්පු නුවර පැවති 16 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුව අමතා ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
කලාපයෙන් පිටතින් විසදුම් බලාපොරොත්තු වනවා වෙනුවට අපේ ප‍්‍රශ්න සදහා අප තුළම විසදුම ඇති බව කලාපිය සංවිදානය අවබෝධ කර ගත යුතු බව ද එතුමා පෙන්වා දුන්නේය. "අප ප‍්‍රගතියක් ලබා ඇති බව සත්‍යයක් බවත් දකුණු ආසියාව ඇතැම් අවස්ථාවල සිය සාමූහික ශක්තිය තක්සේරු කරන්නේ අඩුවෙනි. අපගේ තාක්ෂණික හැකියාවන් අපගේ සම්පත් තුළින් සංවර්ධන අභියෝගයන්ට මුහුණ දීමටත් සමාජ හා ආරක්ෂණ අවස්ථා ස්ථාපිත කිරීමටත් හැකියාව තිබෙන බව සමහරවිට අප සිතන්නේ නැත. ඒ වෙනුවට අප කරන්නේ කලාපයෙන් පිට බලවේගයන් කෙරෙහි ප‍්‍රමුඛත්වයක් දැක්වීමය. අප කළ යුත්තේ කලාපය තුළින් සංවර්ධන හා සබඳතා තර කර ගැනීමය" යැයිද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
සාර්ක් කලාපීය පාර්ලිමේන්තුවක් තුළින් කතටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා කලාපීය ප‍්‍රගතිය උදෙසා එසේ කාර්යක්ෂමතාවය තර කිරීමට නම් දැන් කලාපයටම පැතිරී ඇති දකුනු ආසියානු කළාපිය පාර්ලිමේන්තු තුලින් ප‍්‍රජාතනත්‍්‍රවාදි වශයෙන් සාමුහික තීරණ ක්ෂනිකව ගැනිමට කි‍්‍රයා කළ යුතුයැයි ද පැවසීය.
නුදුරු අනාගතයේදී සාර්ක් කලාපිය පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය හැකි වෙතැයි එතුමා විශ්වාසය පල කළේය.
එමගින් ජනතා නියෝජිතයින්ගේ සහයෝගය සහ කැපවීම කලාපිට මට්ටමට ගෙන ආ හැකිය. එය සාර්ක් සංවිධානය කලාපය පුරා ජනපි‍්‍රය කිරීමටත් ජනතාවට කෙලින්ම සම්බන්ධ සංවිධානයක් බවට පත් කිරීමට හේතුවේ යැයි ද එතුමා පෙන්වා දුන්නේය.
ජනාධිපතිතුමා සාර්ක් සමුළුව අමතා කළ සම්පුර්ණ කථාව :
ගරු රාජ්‍ය නායකයිනි,
සම්භාවනීය නියෝජිතවැරනි,
නෝනාවරුනි මහත්වරුනි,
සුන්දර වූ තිම්පු නගරයේ දී ඔබ සමග එක්වීමට ලැබීම මගේ ඉමහත් ප‍්‍රීතියට හේතුවකි.
අගමැති තින්ලේ මැතිතුමනි, අද සාක් සංවිධානයේ රජත ජයන්ති වසරේ දී ඔබ එහි සභාපතිධුරයට පත්වෙයි. ඔබ සංවිධානයේ නායකත්වය දරන කාලය තුල සම්පූර්ණ සහය දැක්වීමට මම ප‍්‍රතිඥා දෙමි. භූතාන ජනතාවගේ ජාතික සම්ප‍්‍රදායට අනුව රාජකීය භූතාන් රජයට අපව හරිසරින් පිළිගෙන උපරිම ආගන්තුක සත්කාර දක්වයි. ඓතිහාසික බැදීම සහ දැඩි මිත‍්‍රත්වයක් පවතින බැවින් මෙම අවස්ථාවේ ඔබ රටට පැමිණීමට ලැබීම මට ඉමහත් ප‍්‍රීතියකි.
ගරු රාජ්‍ය නායකවරුනි, මීට දෙවසරකට පෙර 15 වන සාක් සමුළුව සඳහා කොළඹ දී අප මුණගැසුණු අවස්ථාවේ දී ශ‍්‍රී ලංකාව ගොදුරුවී සිටියේ ද දශක තුනක් තිස්සේ පැවැති දරුණු ත‍්‍රස්තවාදයේ අභියෝගයකටය. බෙදුම්වාදය හා ත‍්‍රස්තවාදයට පරාජය කර සිටින අපට දැන් තුවක්කුවේ අභියෝගයකින් තොරව විවෘත සංවාදයක් තුළින් එකඟත්වයන්ට එළැඹීමේ හැකියාව තිබේ.
ජනාධිපතිවරණයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණයෙන් උපරිම ජනවරමක් ලබා දැන් මම අප රටත් ජනතාවත් ඉදිරිපරපුරත් සඳහා වූ සුබ අනාගතයක් ගොඩනැගීමේ කාර්යයේ නිරතව සිටිමි. ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ කිට්ටු අසල්වැසියන් වන ඔබ සැමගෙන් පූර්ණ සහායත් දිරියත් හිමිවන බව මට විශ්වාසයි.
රාජ්‍ය නායකවරුනි,
සාර්ක් සංවිධානය අප කලාපයේ ජනතාවගේ සුබ සාධනය හා සමාජ ආර්ථික ප‍්‍රගමනය උදෙසා කි‍්‍රයාකරන ආයතනයකි. අපේ අරමුණ හා සවිය වන්නේ සාර්ක් රාමුව තුළින් දශක දෙක හමාරක් තුළ ගොඩනගාත් ගත් සාමුහීකත්වයේ ශක්තියයි. අප රාජ්‍යයන් අතර විශේෂයෙන් අප ජනතාව අතරත් සමීප සබඳතා ගොඩනඟා ගැනීම මෙහි මූලික අරමුණය. 1985 මූලාරම්භයේ පටන් පියවරෙන් පියවර ඉදිරි පෙර ගමනේ යෙදී ඇති අන්දම අද සාර්ක් රජත ජයන්තියේ දී අපට ආඩම්බර විය හැකි කරුණකි. අද අප ඉදිරි පරම්පරාව සඳහා සහයෝගීතව තවත් තර කර ගැනීමේ වැදගත් මන්සන්ධියකට එළැඹ සිටින්නෙමු.
මෙම සමුළුවේ තේමාව වන කාලගුණික විපර්යාසය ඉතාමත් කාලෝචිත තේමාවකි. දකුණු ආසියා කලාපයේ හිම ශිකර සහිත නේපාලය සහ භූතානයේ සිට රන්වන් වෙරළවල් සහිත මාලදිවයින දක්වා කලාපයේ සියලූ දෙනාටම එකලෙස බලපාන ප‍්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් වූ කලාපීය හඩ ජත්‍යන්තර වේදිකාවල දී ශක්තිමත් ලෙස නැගීමට අප සියලූදෙනාට පොදු වගකීමක් ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට පූර්ණ කැපවීම දැන් අප මුළු කලාපයටම පොදු පිළිවෙතකි. ඉන්දියාවේ පුළුල් වර්ධනය සමඟ සවිමත් වූ අප ආර්ථිකයන්ට ලෝක ආර්ථික අවපාතයේ අනතුරට සාර්ථක ලෙස මුහුණ දීමට හැකියාව ලැබුණි. ලෝක ආර්ථිකයේ හානිකර බලපෑම් තිබුණ ද ශ‍්‍රී ලංකාවේ අපට 6% ආසන්න ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත හැකි විය. පස් වසරකට පෙර ඩොලර් 1060 ක්වූ ඒකපුද්ගල ආදායම අද ඩොලර් 2050 දක්වා ඉහළ ගොස් ඇත.
මම වඩාත් සතුටට පත්වන්නේ මේ සාර්ථකත්වයේ ප‍්‍රතිපල ගම් මට්ටම දක්වා විහිදී යාම පිළිබඳවයි. ආර්ථික ප‍්‍රගතිය සංඛ්‍යාලේඛනවලට සීමා නොවිය යුතුය. එය ජනතාවට දැනෙන පරිදි ඔවුන්ගේ ජීවිතයට වඩා පහසු ධනවත් සහ තෘප්තිමත් එකක් බවට පත් විය යුතුය. මාර්ග සංවර්ධනය, වාරිමාර්ග ඇති කිරීම, විදුලිබලය සැපයීම පානීය ජලය ලබාදීම, අධ්‍යාපන සඳහා පහසුකම් ලබාදීමහා සෞඛ්‍යසේවා නන්වාලීම යනාදී වශයෙන් ජනතාව සියලූම ක්ෂේත‍්‍රයන්ගෙන් වඩාත් තෘප්තිමත් ප‍්‍රගතියක් ලබා සිටී.
ත‍්‍රස්තවාදයට එරෙහිව පුළුල් ආරක්ෂක මෙහෙයුම් යෙදවූ කාලයේ පවා අප සංවර්ධනයට තිබු අවධානය අඩු කළේ නැත.
ආර්ථික ප‍්‍රගතිය උදෙසා ගම්වලින් නගරයට විශාල ජන සංක‍්‍රමණයක අවශ්‍යතාවක් නොමැති බවට වූ විශ්වාසය මත අප ක‍්‍රියාත්මක කළ ප‍්‍රතිපත්තිය සාර්ථක වී ඇත. මගේ රජය නිවාස ජලය හා සනීපාර්ක්ෂක පහසුකම් ආදී ප‍්‍රශ්න තීව‍්‍ර වන නාගරික සංක‍්‍රමණය මත පදකනම් වූ පිළිවෙත් වෙනුවට ග‍්‍රාමීය ජනතාවට සම්පත් ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කරයි. මගේ රජයට ග‍්‍රාමීය ජනතාවගෙන් විශාල වැඩි ඡුන්ද සංඛ්‍යාවෙක් ලැබීමට හේතුව ද මෙයයි.
දේශපාලන ප‍්‍රති සංශෝධනයන් ගෙනඒමට මගේ රජය කැපවී ක‍්‍රියාකරන අතර ආර්ථික තෘප්තිය හා දේශපාලන නව නිමැවුම් අතර සමීප සබඳතාවක් තිබෙන බව මගේ විශ්වාසයයි. දරිද්‍රතාව සහ නොදියුණු බවින් යුතු වාතාවරණයකට වඩා සමෘද්ධිය සහ තෘප්තිය සහිත පරිසරයක දේශපාන ප‍්‍රතිසංශෝධන හොඳින් කළ හැකිවේ. දේශපාන ප‍්‍රතිසංශෝධනයකට පෙර අර්බුද පැවැති ප‍්‍රදේශවල ජනතාව පුනරුත්ථාපනය කිරීම, ඔවුන්ට ජීවන මාර්ග ලබාදීම හා එම ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් යටිතල පහසුකම් ලබාදීම සඳහා මගේ රජය ප‍්‍රමුඛත්වය ලබාදෙයි.
අප ප‍්‍රගතියක් ලබා ඇති බව සත්‍යයක් වුවත් දකුණු ආසියාව ඇතැම් අවස්ථාවල සිය සාමූහික ශක්තිය තක්සේරු කරන්නේ අඩුවෙනි. අපගේ තාක්ෂණික හැකියාවන් අපගේ සම්පත් තුළින් සංවර්ධන අභියෝගයන්ට මුහුණ දීමටත් සමාජ හා ආරක්ෂණ අවස්ථා ස්ථාපිත කිරීමටත් හැකියාව තිබෙන බව සමහරවිට අප සිතන්නේ නැත. ඒ වෙනුවට අප කරන්නේ කලාපයෙන් පිට බලවේගයන් කෙරෙහි ප‍්‍රමුඛත්වයක් දැක්වීමය. අප කළ යුත්තේ කලාපය තුළින් සංවර්ධන හා සබඳතා තර කර ගැනීමය.
අප සාර්ක් සංවිධනයේ සභාපතිත්වය දරු පසුගිය මාස 18ක කාලය තුළ වැදගත් ක්ෂේත‍්‍ර ගණනාවක කලාපීය සහයෝගිතාවය නංවාලිම සදහා පියවර ගත්තෙමු. බලශක්ති උසස් අධ්‍යාපන, ළමයින්, ප‍්‍රවාහන, විද්‍යා හා තාක්ෂනය හා පාර්ලිමේන්තු කටයුතු පිලිබද අමාත්‍ය රැුස්වීම් හයක් අප රටේ පවත්වන ලදි. අදිෂ්ඨානය තිබේ නම් සාර්ථක කි‍්‍රයා කාරී ප‍්‍රගතියක් ලද හැකි බව මේ කාලයතුලදී අත්දැකිම්වලින් අප වටහා ගත්තෙමු. උදාහරණයක් වශයෙන් 2009 පෙබරවාරි යෙදුනු සාර්ක් විදේශ ඇමතිවරු ගෝලීය ආර්ථික අවපාතය සමිබන්ධව කලාපිය ඒකාබද්ධ සැසිවාරයක් ගැන එකග වී ඒකාබද්ධ නිවේදනයක් කළහ.
ශී‍්‍ර ලංකාව මුල්වි ගත් එම පියවර කලාපිය සංවිධානයක ප‍්‍රථම පියවරකි. එහෙත් එවැනි ප‍්‍රශංසාත්මක ප‍්‍රයකත්නයන් ගෝලිය වශයෙන් තබා කලාපීය වශයෙන් ද මුලින්ම කි‍්‍රයාත්මක නොවිමේ අවස්ථා තිබේ. කි‍්‍රයාත්මක කිරීම සදහා අවශ්‍ය රාජ්‍ය මට්ටමේ පියවර ප‍්‍රමාදයට හේතුවකි.
අප සාමුහික වශයෙන් සංවිධානය දෙස හැරී බැලිය යුතුය. එහි කටයුතු විග‍්‍රහ කර ප‍්‍රායෝගික හා නව ජීවයකිකින් යුක්ත ලෙස එය වඩා කි‍්‍රයාකාරී කළ යුතුය. සාර්ක් සංවිධානයේ උපරිම ප‍්‍රතිපල සදහා නව ආයතන හා ක‍්‍රමවේදයන් අවශ්‍යනම් ඒවා ස්ථාපිත කිරීමට අප නොපසුබට විය යුතුය. බලශක්ති, කෘෂිකර්ම, ග‍්‍රාමිය සංවර්ධනය, ආහාර සුරක්ෂිත බව, ධරිද්‍රතාව තුරන් කිරීම, විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රවාහන කටයුතු කාන්තා හා ළමා කටයුතු යන ක්ෂේත‍්‍රයන්ගේ සහයෝගිතාවය අතිශයින් ශක්තිමත් කිරීමේ මාර්ග සෙවිය යුතුව ඇත.
කළාපයෙන් පිටත කටයුතුවලදී ගෝලිය කරුනු ගැන සාමුහික පිළිවෙත් ගොඩ නගා ගැනිම අත්‍යාවශ්‍යය. ජාත්‍යන්තර හා බහු පාක්ෂික සංවිධාන වලදී අප කලාපයේ පොදු යහපත උදෙසා එක් හඩකින් කථා කළ යුතුය. අප අපට වඩා හොද යැයි සිතන තීරන ගැනිමට ඇති ස්වෛරී අයිතිය රැක ගත යුතුය. පිටතින් බිහිවන විසදුම් අපට ගැලපේ දැයි තදින් සොයා බැලිය යුතුය. අප කලාපය තුළින් බිහිවන අපගේම ආවේනික ක‍්‍රමවේද සෙවිය යුතුය. ජාත්‍යන්තර වේදිකා වලදී විශේෂයෙන් එක්සත් ජාතීන් හිදි අප කළාපයේ පොදු ප‍්‍රශ්න ගැන එක හඩින් කථා කිරීමේ ක‍්‍රම වේදයක් ස්ථාපිත කර ගත යුතුව ඇත.
අප ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් ගැන්වෙන පරිදි කලාපිය සහයෝගිතාවය කාර්්‍යක්ෂම ලෙස කි‍්‍රයාවට නැගිම සදහාවු කි‍්‍රයා මාර්ගයේ ඇති බාධක හා හිඩැස් ඉවත් කිරීමට ප‍්‍රායෝගික තීරණ ගැනීම අවශ්‍යය. සාර්ක් ප‍්‍රගතිය උදෙසා එසේ කාර්යක්ෂමතාවය තර කිරීමට නම් දැන් කලාපයටම පැතිරී ඇති දකුනු ආසියානු කළාපිය පාර්ලිමේන්තු තුලින් ප‍්‍රජාතන්ත්‍රවාදි වශයෙන් සාමුහික තීරණ ක්ෂනිකව ගැනිමට කි‍්‍රයා කළ යුතුය.
නුදුරු අනාගතයේදී සාර්ක් කලාපිය පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය හැකි වෙතැයි මම විශ්වාස කරමි.
එමගින් ජනතා නියෝජිතයින්ගේ සහයෝගය සහ කැපවීම කලාපිය මට්ටමට ගෙන ආ හැකිය. එය සාර්ක් සංවිධානය කලාපය පුරා ජනපි‍්‍රය කිරීමටත් ජනතාවට කෙලින්ම සම්බන්ධ සංවිධානයක් බවට පත් කිරීමටත් හේතුවේ.
මා කලින් යෝජනා කළ සාර්ක් කලාපිය පොදු මදලක් හදුන්වාදිමේ ගැන ඔබේ අවදානය යලි යොමු කිරීමට මම කැමැත්තේමි. කලාපිය ප‍්‍රාග්ධනය භාන්ඩ හා සේවාවන් කලාපය පුරා සීග‍්‍රයෙන් හුවමාරු කිරීමට එය උපකාරී වෙයි. එය කලාපිය සමාජිකයින් අතර වෙළද හා වානිජ කටයුතු සදහා විශාල දිරියකි.
මෙවර සමුළුවේදී වෙළද හා සේවා ගිවිසුම සහ පරිසර සහයෝගිතා ප‍්‍රඥප්තිය යන කළාපිය ගිවිසුම් දෙක අප කලාපිය ජනතාවට සෘජුව බලපාන වැදගත් ක්ෂේත‍්‍රයන් තුනකට අදාලය ශී‍්‍ර ලංකාව මෙම ගිවිසුම් තුන සීග‍්‍රයෙන් කි‍්‍රයාත්මක කිරීමට අනුමැතිය පල කිරීමට සුදානම්ය.
සාර්ක් ජාතීන් අතර කලාපීය සම්බන්ධතාවයේ දශකය ලෙස නම්ව ඇති මෙම දස වසර තුළ අප රටවල් සහ ජනතාව අතර ගමනාගමනය සෘජු සබඳතා තර කර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතුය. ඒ අතර තුර ත‍්‍රස්තවාදයට එරෙහි සාර්ක් සම්මුතියේ වගන්ති මුලුමනින්ම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප‍්‍රායෝගික පියවර සොයාබැලිය යුතුය.
කලාපීය සංවිධානයක් ලෙස සාර්ක් සංවිධානයට තනිව ප‍්‍රගතියක් ලැබිය නොහැක. එබැවින් අපි හදුනාගත් නිරීක්ෂක රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ප‍්‍රායෝගික සහයෝගීතාව තර කර ගැනීමට කටයුතු කළ යුතුය.
දකුණු ආසියාව ලොව පැරණිම සහ ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරයක නිජබිමයි. ලොව ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරුන්, විද්‍යාඥයින්, දේශපාලන විශාරදයන්, කවියන් සහ කලාකරුවන් මෙම කලාපයෙන් බිහිවී ඇත. භුතානයේ ප‍්‍රචලිත කියමනකි, "කෙනෙක් අසතුටින් සිටී නම් ඔහු කන්ද හරහා උමඟක් තැනිය යුතුය" යන්න. මෙයින් පැහැදිලි වන්නේ අධිෂ්ථානය තිබේ නම් ඕනෑ ප‍්‍රගතියක් ලද හැකි බවයි. අපට අධිෂ්ඨාන ශක්තිය තිබේ නම් කලාපයක් වශයෙන් අපගේ පූර්ණ හැකියාවන් තුළින් නැගී සිටීමෙ අපට පුළුවන. "අත්තාහි අත්තනෝ නාතෝ" යැ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. "තමාට පිහිට තමා ම" යැයි එහි අර්ථයයි. අප ශ්‍රේෂ්ඨ දර්ශනය අප කලාපයේ දෛවය ලෙස යොදා ගනිමු.
ස්තූතියි.
• [Amarasara News
Home]
• Email :
news[at]amarasara.info
• [Amarasara
Home]
.