Patrick Denipitiya

 

(Amarasara – 24.03.2013)

Mr. Hudson Samarasinghe, Chairman – SLBC, said that Mr. Patrick Denipitiya has passed away in Canada on 23.03.2013.

———————————————

Blending music — Denipitiya family tradition
(11.02.2010 – lankareporter.com)

Blending the rhythms of Karnatic, Raaga and Jana Kavi (Folk Poetry) with Western instruments has become popular in Sri Lanka, a concept that would have been unthinkable in the past. According to fusion musician Mahesh Denipitiya, blending has always been part of music-making in Sri Lanka.

“You always have to experiment,” he told the Sri Lanka Reporter earlier this year in Toronto. “A musician is a scientist.”


Veteran Musician Patrick Denipitiya with his Hawaiian guitar. Patrick, 75, now resides in Canada with his wife Celcie

Mahesh is the son of veteran Sri Lankan musician Patrick Denipitiya, who famously introduced the Hawaiian guitar to the country’s music scene decades ago. Musicians ranging from W.D. Amaradeva to Sunil Shantha have all introduced some form of fusion in their work, Denipitiya said.


Mahesh Denipitiya

Denipitiya is the leader of MAFF (Mahesh Denipitiya and Friends in Fusion), a band that can blend “flavours” of light Jazz, Oriental, Hindi, Latin, with the use of electric violin, acoustic piano and traditional Sri Lankan drums. An old boy of St. Peters College Colombo, Denipitiya is a highly qualified computer hardware engineer but he gave up his career and answered his true calling to become a full-time musician in 2002.

The decision paid off. He designed and built his own recording studio in his Colombo home where he can comfortably produce music for blockbuster movies and jingles for advertising campaigns.

At the tender age of 12, Mahesh started as a guitarist in his father’s band and has backed all the leading musicians in Sri Lanka from Rukmani Devi, Jothipala to Bathiya and Santhush. Denipitiya is also a music director for Sirasa Super Stars (Sri Lanka’s version of American Idol), the most viewed television show in the island’s history.


Eshan Denipitiya


Eshan and traditional Sri Lankan drummer Nupathi Geegnage (Left)

Music has now entered the third generation of the Denipitiya family. His son, Eshan, 14, an accomplished pianist, won the instrumental category in the Sri Lankan Life television program on Rupavahini for his fusion performance with traditional Sri Lankan drummer Nupathi Geegnage. Denipitiya is married to Nadika, a chartered architect. They have a daughter Dilani, 17, and son Eshan. His parents Patrick and Celcie reside in Brampton Ontario, Canada.

———————————————


Prof. Sunanda Mahendra in a talk with C. T. Fernando (on right) with Patrick Denipitiya in the middle. The talk was broadcast on BBC Sandeshaya, June 24, 1969. Courtesy: BBC.

———————————————–

———————————————–

Songs by Patrick Denipitiya (Youtube)

———————————————-

සත්සර තුළින් ගීතය ප්‍රභාමත් කළ පැට්‍රික්‌ දෙනිපිටිය
(29-03-2013 – divaina.com)

හැට හැත්තෑව දශකයේ සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ ඉතාමත්ම ජනප්‍රිය නාමයක්‌ තබාගෙන සිටි පැට්‍රික්‌ දෙනිපිටිය කැනඩාවේදී 24 වැනිදා උදැසන අභාවප්‍රාප්ත විය.

මිය යන විට 78 වැනි වියේ පසු වූ පැට්‍රික් දෙනිපිටිය ආදරණීය බිරිඳකගේ ස්‌වාමි පුරුෂයෙකි. පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ පියෙකි. කැනඩාවේ පදිංචිව සිටින දියණියකගේ නිවසේදී දැනට වසර 8 කට පමණ පෙර අංශභාගයෙන් රෝගාතුර වූ ඔහුගේ දුක සැප බලාගෙන සිටි ඔහුගේ එකම ආරක්‍ෂකයා වූයේ ප්‍රිය බිරිඳය.

1990 කැනඩාවට ගිය ඔහු 1997 ලංකාවට පැමිණි අවස්‌ථාවේ හමුවූවාට පසුව ඔහු හා කථා කිරීමේ අවස්‌ථාව නැතිව ගියත් ඔහුගේ විස්‌තර මා ළඟ තිබුණේ පැරණි මිත්‍රයකු වූ බැවිනි.

පැට්‍රික්‌ දෙනිපිටිය සංගීතයට සම්බන්ධ වූයේ සුනිල් ශාන්තයන්ගේ මග පෙන්වීම යටතේය. කතෝලිකයකු වූ පැට්‍රික් දේවස්‌ථානවල කන්තාරු ගී ගැයූ ගායකයෙකි. සුනිල් ශාන්ත ජාඇල සංගීත පංතියක්‌ පවත්වද්දී සුනිල් ශාන්තගේ ඉව අනුව පැට්‍රික්‌ දීර්ඝ ගමනක්‌ යැමේ වාසනාව තිබෙනු බව දැක ඔහුට තම පංතියට සහභාගි වන ලෙස දැන්වීය. එකල ලංකාවේ මහා සංගීත වේදියකු වූ සුනිල් ශාන්තගේ ඇරයුම ඔහුට පුදුම ගෙන දෙන්නක්‌ වූ අතර නොපැකිලිවම ඊට සහභාගි විය. අයිවෝ ඩෙනිස්‌, කාන්ති වක්‌වැල්ල, පසු කලෙක සියෑක්‌ සංගීත කණ්‌ඩායමේ නායකයා වූ රෝහිත ජයසිංහ ද පැට්‍රික් සමඟ සංගීත පංතියේ ඉගෙනගත් කලා කරුවෝය.

පෙරදිග මෙන්ම අපරදිග සංගීතයද එහිදී ඉගෙන ගත් පැට්‍රික්‌ ඇතුළු පිරිසට සුනිල් ශාන්ත නිතරම පැවසුවේ “තමන් දන්නා දේ කාටවත් කියලා දෙන්න කම්මැලිවන්න එපා කියලා”, සුනිල් ශාන්ත ඉගැන්වීමේදී ගුරු මුෂ්ටිය පවා තබා නොගෙන තමන් දන්නා ශිල්පය අනෙක්‌ අයට දුන් උදාර සංගීත ශිල්පියෙක්‌.

සුනිල් ශාන්තයන්ගේ ඒ ඔවදන එලෙසින්ම පිළිගත් පැට්‍රික් දෙනිපිටිය පසු කලෙක ආරම්භ කරන ලද සංගීත පංතියේ ඉගෙනගත් ශිෂ්‍යයන් අතර (අභාවප්‍රාප්ත) ස්‌ටැන්ලි පීරිස්‌, කීර්ති පැස්‌කුවෙල්, රන්ජිත් පෙරේරා, ඩයමන් පෙරේරා යන කලා ශිල්පීන් ද සිටිය බවට මගේ මතකයේ ඇත.

පැට්‍රික්‌ දෙනිපිටිය කණ්‌ඩායම් සංගීතයේදී ද පුරෝගාමියෙකි. “පුළුන් වගේ සුදු රැවුල දිගයි”, “උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ”, “රුහුණු කුමාරි ගම එළිය කරන ඔබයි කෝකිලාවි” සංගීතඥයා පැට්‍රික්ය. සී. ඩී. ෆොන්සේකා, ඇන්ජලින් ගුණතිලක, කිංස්‌ලි පෙරේරා, රසිනා යකීම්, ෂෙල්ටන් සිල්වා අය ගායනා කළ ගීත බොහෝමයක්‌ තනු නිර්මාණය කොට සංගීතවත් කළේ පැට්‍රික්‌ දෙනිපිටිය ය. එම අවධියේ ඔහුගේ වාදක කණ්‌ඩායමේ නම “පැට්‍රික්‌ දෙනිපිටිය ඇන්ඩ් කොම්බෝ” නම් විය.

විමලදාස පෙරේරා විසින් ඔහු මෙහෙයවන ලද ගුවන් විදුලි වැඩසටහනට ඔහුගේම ප්‍රබන්ධයක්‌ වන “පුන්සඳ හිනැහෙන්නේ” ගීතය රුක්‌මනීදේවි සහ සී. ටී. ප්‍රනාන්දු ලවා ගායනා කෙරවූ අතර පසුව සංගීත ප්‍රසංග වේදිකාවලදී රුක්‌මනීදේවි සහ නෙවිල් ප්‍රනාන්දු මෙම ගීතය ගායනා කර තිබෙනවා. “සී. ටී. මේ ගැන තදින්ම විරුද්ධ වීම නිසා නෙවිල්ට අවශ්‍ය වුණා ඒ තනුවට අනුව වෙනත් ගීතයක්‌ රුක්‌මනීදේවි සමඟින් ගායනා කරන්නට. පස්‌සෙ මම ‘මල්බර හිමිදිරියේ’ ගීතය නිර්මාණය කර දුන්නා” යෑයි පැට්‍රික්‌ දෙනිපිටිය මගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කී අයුරු මගේ සටහන් පොතේ ලියාගෙන ඇත, ඊට හේතු වූයේ එම ගී දෙක ප්‍රචාරය වූ දිනවල කලාකරුවන් අතරේ පැතිර ගිය විවිධ ගැටලු සම්බන්ධයෙනි.

ගහට පොත්ත මෙන් සී. ටී. ප්‍රනාන්දු සහ පැට්‍රික් දෙනිපිටිය කටයුතු කළ බව එම අවධියේ කලා කරුවන් මෙන්ම රසික රසිකාවියන්ද දන්නා කරුණකි.

එච්. ආර්. ජෝතිපාල ගායනා කළ “විෂ්ණු දෙවින්දේ”, “උමයංගනියෝ”, මිල්ටන් මල්ලවආරච්චි ගැයූ “මා හා එදා ප්‍රිය සාදයේ”, “ඉවුරු තලා”, “මා නිසා ඔබ”, “සයුරු තෙරේ” සමඟින් තවත් ගායක ගායිකාවන් රැසකට ඔහු මනහර සංගීත නිර්මාණය කර ඇත.

චිත්‍රපට වශයෙන් පැට්‍රික් ප්‍රථමයෙන්ම සහභාගි වූයේ ආර්. මුත්තුසාමි සංගීත අධ්‍යක්‍ෂණය කළ “ප්‍රේම තරඟය” චිත්‍රපටයට. එහි ප්‍රස්‌ථාර ලියුවේ පැටි්‍රක්‌ය. ලතා වල්පොල ගායනා කළ “චන්ද්‍රයා පායලා” ද එක්‌ ගීතයකි. සිංහල චිත්‍රපට විශාල සංඛ්‍යාවකට ඔහු දායක වී තිබෙන අතර “සැණකෙළිය”, “ලෝක හෝරු”, “සැඟවුණ මැණික” සංගීත අධ්‍යක්‍ෂක වශයෙන් කටයුතු කර ඇත. ලතා වල්පොල ගායනා කරන “ශ්‍රීනි විභූෂිත ලංකා බැබළේ” ගීතයේ තනු සහ සංගීත නිර්මාණයද පැට්‍රික්‌ගේය.

ඔහු තරුණ කාලයේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ද අනතුරුව ලේක්‌ හවුස්‌ බෙදාහැරීම් අංශයේ 21 වසරක්‌ සේවය කර ඇත. ලේක්‌ හවුස්‌ රැකියාව කරද්දී විදේශීය සංගීත සංචාරයක්‌ සඳහා අධිපති ඩී. ආර්. විජයවර්ධන මහතා ඔහුට වසරක නිවාඩු ලබා දී ඇත්තේ ඔහුගේ නිර්මාණවලට සහය දැක්‌වීම උදෙසාය.

වරක්‌ පැට්‍රික්‌ දෙනිපිටිය සංගීතය භාරගෙන සිටි “බෙග් ගීතිකා” ප්‍රසංගයට සංගීත ශිල්පීන් දෙදෙනකු නොපැමිණි නිසා දක්‍ෂකම් පාමින් සැඟවී සිටි ඔහුගේ පුතුන් දෙදෙනෙකු වූ ප්‍රීමස්‌ හා මහේෂ් වාදනය කළ අතර එය බලා සිටි බෙග් මාස්‌ටර් “පැට්‍රික් ඔයාගේ ලේ කථා කරනවා” යෑයි පැවසීම පැට්‍රික්‌ අමතක නොකරන ලද සිතේ තිබූ සිද්ධියකි.

ඔහුගේ දේහයේ අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කළ අතර භෂ්මාවශේෂ ලංකාවට ගෙනැවිත් කිතුනු වතාවත් අනුව සිදුකරනු ඇත.

– හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌

 Leave a Reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(required)

(required)