නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණය ජය ගැනීමේ සටන ඇරඹේ..! ජනපති මෛත්‍රීගේ එදා ස්ථාවරය වෙනස් වී නෑ..!

(22.01.2017 – 20:05 +0530 – lankaenews.com) යහපාලන බලවේගයන්ගේ තීරණාත්මක රැස්වීම : රාජිතගේ විශේෂ ප්‍රකාශය නව ජනතා ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතික්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා දුන් පොරොන්දුව වෙනස් කර නැති අතර එම ස්ථාවරයන් තුනේම ඔහු දැඩි ලෙස සිටින බව ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ද …

ඕස්ට්‍රේලියානු සහ ලෝක බැංකු ආධාරයෙන් යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා නවීන මගී ප්‍රවාහන යාත්‍රා සේවයක්

(22.01.2017 – 07:45 +0530 – lankaenews.com) යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා නව මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ජනවාරි මස 20 වෙනිදා ආරම්භ විය. මෙම මගී ප්‍රවාහන යාත්‍රාව නම්කොට ඇත්තේ ‘නෙඩුන්තාරකෙයි’ වශයෙනි. රුපියල් මිලියන 150 ක මුදලක් මේ සඳහා වැය වී ඇති අතර ඉන් මිලියන 30 ක් ලෝක බැංකුවෙන්ද ඉතිරි මිලියන 120 ඕස්ට්‍රේලියානු රජයෙන්ද ලබාදී ඇත. මේ …

ජනාධිපති මෛත්‍රී යහපාලන ආණ්ඩුවට ඇණයක් වෙලාද..? බොම්බයි මොටයි වානිලා ‘අපිට බොම්බයි මොටයි විකුණා ගන්න බෑ‘ කීවොත් සීනි පිටි මිල අඩුකරනවාද?

(22.01.2017 – 08:40 +0530 – lankaenews.com) විමල් ධීරසේකරගේ සටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට යහපාලන ආණ්ඩුවට ‘ඇණයක්‘ වී ඇතැයි යහපාලනවාදී ජනතාව චෝදනා කරති. පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකක අනුමැතියකින් සම්මත කර ගත් අය වැයට පවා ජනාධිපති ‘ඇණයක් වීම‘, මෙම චෝදනාවට ආසන්න වශයෙන් හේතු වී තිබේ. ජනාධිපති කම් කරවා ගැනීමට නොව ජනාධිපති ධූරය අහෝසි කරවා …

භික්‍ෂූන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් ඇතිවූ සුගතියක් නෑ : අලි හොරුන් වුනා පමණයි : මේ ගැන සංඝ කථිකාවක් අවශ්‍යයි – පාලිත රංගේ බණ්ඩාර

(21.01.2017 – 23:00 +0530 – lankaenews.com) උත්තරීතර සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවට නොපැමිණීම ඉතා වැදගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉදිරියෙන් සිටිය යුතු ගෞරවනීය මහ සඟරුවන දේශපාලනයට පැමිණීමෙන් මන්ත්‍රීවරයෙකු බවට පමණක් පත්වන බැවින් එවන් භික්‍ෂුවක් දේශපාලඥයින්ට ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි  ඔහු විමසා සිටී. එමෙන්ම එය සමාජයේ ප‍්‍රගමනයට හානියක් …

එමිල් කාන්තන් අත්අඩංගුවට ගන්න ඉන්ටපෝල් සහය

(20.01.2017 – 14:49 +0530 – lankatruth.com) සුනාමියෙන් විපතට පත් උතුරු නැඟෙනහිර ප්‍රදේශයන්හි නිවාස නැවත ඉදිකිරීමට මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 200ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවෙන් චෝදනා ලැබ අධිකරණය මඟහැර සිටින දෙවන විත්තිකරු වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උතුරු නැඟෙනහිර මූල්‍ය කටයුතු භාරව ක්‍රියා කළ එමිල් කාන්තන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක …

ප්‍රවේශම් වන්න : ඩයි මිශ්‍ර කර සහල් විකුණන මෝල් 7 ක් අල්ලයි

(20.01.2017 – newsfirst.lk/sinhala) ඩයි වර්ග මිශ්‍ර කර වෙළඳපොළට සහල් සැපයීමේ ජාවාරමක් වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්ව තිබේ. එම අධිකාරිය සඳහන් කළේ, මහ ජනතාවගෙන් ලැබුණු පැමිණිලි රැසක් හේතුවෙන් මේ පිළිබඳ වැටලීම් ක්‍රියාත්මක කළ බව ය. ඒ අනුව, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හාල් මෝල් 07 ක ඩයි මිශ්‍ර කර බවට සැක සහිත සහල් තොග සොයා ගත් අතර …

අගමැති රනිල් ස්විට්සර්ලන්තයේදී ලෝක රාජ්‍ය නායකයන් සහ ලෝක සංවිධාන ප්‍රධානීන් රැසක් හමුවේ

(20.01.2017 – 14:40 +0530 – lankaenews.com) ස්විට්සර්ලන්තගේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් ඇමැති රවි කරුණානායක, විදේශ ආයෝජන ඇමැති මලික් සමරවික්‍රම ඇතුලු පිරිස එහිදී නෝර්වේ  සහ වියට්නාම් අගමැතිවරුන් ඇතුළු විශාල රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන වල පිරිසක් හමුවී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික …

භීෂණ සමයේ අතුරුදන් බව සිතූ තරුණියක වසර 26 ක් නිවසක සිරවී – නැවත මතුවේ

(20.01.2017 – gossiplankanews.com) මෙරට පැවති 88-89 භීෂණ සමයේදී අතුරුදහන් වූවා යයි සිතූ 17 හැවිරිදි තරුණියක් වසර 26කට පසු ඇගේ නිවස සොයා ගම්පොළ ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණි පුවතක් වාර්තාවේ. ඇය මේ දක්වා වසර 26 ක කාලයේ දෙල්කඳ ප්‍රදේශයේ නිවසක සිරකරගෙන අමානුෂික ලෙස සලකමින් මුදල් කිසිවක් නොගෙවා මෙහෙකාරකමේ යෙදවූ බව අනාවරණයවී තිබේ. පද්මා කුමාරි නැමති ඇය අද වන …

ඇමැති අර්ජුන, ජනාධිපති පත් කළ වරායේ වෘත්තීය සමිති සභාපතිව රස්සාවෙන් දොට්ට දමයි

(20.01.2017 – 11:50 +0530 – lankaenews.com) ඇමැති අර්ජුන රණතුංග විසින් වරායේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිය වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා නීති විරෝධී අන්දමින් සේවයෙන් නෙරපා හැර තිබේ. ඇමැති අර්ජුනගේ සහ සභාපති මලයාගේ වරාය නාශක ක්‍රියා පිළිවෙතට විරුද්ධ වූ වෘත්තීය සමිති නායක ප්‍රසන්න කලුතරගේ මහතාගෙන් පළි ගැනීම සඳහා මෙම …

ත්‍රිපුද්ගල විනිසුරුවරු ‘ජන හතුරන්’…!

(20.01.2017 – 11:10 +0530 – lankaenews.com) ත්‍රිපුද්ගල විනිසුරුවරුන් හෙවත් ‘රජ තුන් කට්ටුවක‘ සේයාරූ පළකරමින් ඊට පහතින් පොල් ගෙඩි අකුරින් ඔවුන් ‘ජන හතුරන්’ ලෙස නම් කරන ලද ප්‍රධාන පුවතක් පසුගියදා පළ කළේ බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත් පත විසිනි. ඒ පසුගියදා බ්‍රිතාන්‍යයේ පැවැති ජනමත විචාරණයේදී  බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් විය යුතුයැයි එරට ජනතාව  බහුතරයක් ලබා දුන් ජනමතයට …