Monthly archives: සැප්තැම්බර්, 2015

පෝදා වැටලුවේ සාගලගේ හොර මත්පැන් හලක්ද ?

(30.09.2015 – 16:24 +0530 – lankatruth.com) “ප්‍රනීත් ගෙස්ට්” නමින් ප්‍රනීත් පද්මතිලක නැමැත්තෙකු විසින් දේවුන්දර ප්‍රදේශයේ පවත්වාගෙන යන බලපත්‍ර රහිතව මත්පැන් ලෙවි කරන මධ්‍යස්ථානයක් පසුගිය 27 වනදා (පොහෝය දින) තංගල්ල – විෂමත්ද්‍රව්‍ය සහ නොවිසඳුනු අපරාධ ඒකක විසින් වටලා අත්අඩංගුවට ගෙන තිබේ. එහි තිබී මත්පැන් බෝතල් 124 ක් බියර් කෑන් 29 සහ මිනිස් පරිභෝජනයට නොසුදුසු වල්ඌරු මස් …

සේයාගේ ඩී.එන්.ඒ. වාර්තාවක් උසාවියට බාර කෙරේ – වාර්තාවට සීල් තබලා

(30.09.2015 – 14:08 +0530 – offair.nethfm.com) සේයා සදෙවුමි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ලබා ගත් ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවක් අද (30) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට  බාර දී තිබෙනවා. මීගමුව කොට්ඨාස අපරාධ නිරීක්ෂණ පොලිසිය විසින් එම වාර්තාව ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ. මෙම නඩුව ලබන දෙවන දින යළි කැඳවීමට නියමිතයි. ++++++++++++++++++++++++++ සේයාගේ බෙඩ් ෂීට් එක අයිනේ මඩ පැල්ලමක් ! (30.09.2015 …

ජනපති කොමිසමට මහින්ද එකක් කියයි : සුසිල් තව එකක් කියයි

(30.09.2015 – 16:38 +0530 – lankadeepa.lk) ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනය නොමිලේ දැන්වීම් පළකොට එම ආයතනයට රුපියල් කෝටි 11.5ක පාඩුවක් සිදු කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු ලේකම් සහ තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ජනාධිපති විමර්ශන කොමිසම …

මහවැසි හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ 6,000 ට අධික පිරිසක් අවතැන්

(30.09.2015 – sinhala.news.lk) මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහක (12)  පුද්ගලයින් 6,247 ක් මේ වන විට අවතැන් වී තිබේ. මාතර, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, තිහගොඩ, වැලිගම හා වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර තත්ත්වයන් මීට බලපා ඇත. මෙම ආපදා හේතුවෙන් මාතර කැකණදුර ප්‍රදේශයේ කාන්තාවක් …

‘‘මං ගියේ අම්මට යන්න බැරිවුණ නිසා..’’ එජා සමුළුවට යන්න වුණ හේතුව දහම් සිරිසේන පැහැදිලි කරයි

(30.09.2015 – gossiplankanews.com) පසුගියදා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සමුළුවේ සමාරම්භක අවස්ථාව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වූ වෙලාවේ ලංකාව නියෝජනය කරමින් ජනපති ඇතුළු පිරිස සමග ජනපති පුත් දහම් සිරිසේන මහතා ද වාඩිගෙන සිටීම ගැන ලංකාවේ ඇතැම් මාධ්‍ය වල විවේචනයක් පළවුණා. ඇතැමුන් හිටපු ජනපති මහින්ද හා නාමල් පියපුතු සබඳතාවය හා එය සසඳා තිබුණා. මෙම විවේචනය ගැන මෛත්‍රිපාල ජනපති පුත් …

නැති වූ පුංචි දැරිවිය ගල් ගුහාවකදී සොයා ගැනේ – අදෘෂමාන බලවේගයක්දැයි සැක

(30.09.2015 – 07:58 +0530 – hirunews.lk/sinhala) නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ ක් වන පුංචි දැරිවියක් මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12 ක පමණ මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන තිබෙනවා. අතුරුදහන්වී සිටියදී සොයා ගෙන ඇත්තේ කරුවලගස්වැව – පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති අහිංසා (අවු 3 ½ ) නම්වූ දැරිවියකි. ඊයේ (29) සවස 3.30 …

මොහොමඩ් සිද්ධික් මත්කුඩු ජාවාරමෙන් ඉපැයූ රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් ඩුබායි රාජ්‍යයට යවයි

(30.09.2015 – 06:32 +0530 – nethfm.com) මහා පරිමාණ හෙරොයින් ජවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්දික් නමැත්තා මත්කුඩු ජාවාරමෙන් ඉපැයූ රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් ඩුබායි රාජ්‍යයට යවා ඇතැයි අධිකරණයේදී හෙළි වුණා. ඒ මොහොමඩ් සිද්දික් සම්බන්ධයෙන් නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි. මොහොමඩ් සිද්ධික් පාකිස්තානයෙන් සහ ඩුබායි රාජ්‍යයෙන් මෙරටට ගෙන් වූ හෙරොයින් වෙලේ සුදා මගින් ශී‍්‍ර …

පානදුර සම්පත් බැංකුව කොල්ලකන්න ආ වෛද්‍ය සිසුවා බැංකු ස්ලිප් එකේ ‘අයි විල් ෂොට් යූ” කියා ලියා ලක්ෂ 5 ක් ගෙනගොස් අසුවේ

(29.09.2015 – gossiplankanews.com) පසුගියදා කොළඹ සම්පත් බැංකු සුපිරි ශාඛාව කොල්ලකෑමේ සිද්ධියෙන් පසු ඊයේ (28) සවස පානදුර නගරයේ පිහිටි සම්පත් බැංකු සුපිරි ශාඛාව ද කොල්ලකන්නට පුද්ගලයෙකු උත්සාහයක් යොදා ඇති මුත් එය ව්‍යවර්ථවී තිබෙනවා. විදේශ වෛද්‍ය ශිෂ්‍ය අධ්‍යාපනය ලබා ලංකාවට ආ අයෙකු බව කියන මෙම පුද්ගලයා මෙම කොල්ලය සිදු කරන්නට උත්සාහ දරා තිබුනේ අමුතු ආකාරයටයි. ඔහු බැංකු …

රාජපක්ෂ රෙජීමය එළවා දැමුවේ දූෂිත නිලධාරීන් ද එළවා දැමීමටය. නමුත් මාධ්‍ය මහ ගෙදර මිනී කාක්කා එලෙසමය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප්‍රවෘත්තියක්

(29.09.2015 – 23:30 +0530 – News e Lanka) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යනු මාධ්‍ය මහගෙදර ලෙස හැඳින්වෙන රටේ කීර්තිමත් ආයතනයකි. නමුත් එහි සිටින මිනී කාක්කන් වැනි පිරිසක් නිසා එය දිනෙන් දින පිරිහීමට පත්ව තිබේ. යහපත් කෙළින් වැඩ කරන මිනිසුන් මෙම මාධ්‍ය මහ ගෙදරට පැමිණියද මිනී කාක්කන් ඔවුන්ට විරුද්ධව කේළාම් කියා තම නීච දීන කම දක්ෂකමක් සේ …

ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටුවේ අත්සන් ප්‍රශ්නයක්..!

(29.09.2015 – 23:30 +0530 – Lanka eNews) මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල නිල අත්සන් තැබිය යුත්තේ මුදල් ඇමැතිවරයාද නැතහොත් අගමැතිවරයාද යන්න පිලිබඳ නෛතික ගැටළුවක් ඇති වී ඇතැයි ඒ පිලිබඳ උනන්දුවක් දක්වන පාර්ශව පවසති. දෙදෙනාගෙන් කවුරුන් අත්සන් කළද එම මුදල් අවලංගු යයිද තවත් පාර්ශව තර්ක කරති. මීට හේතු වී ඇත්තේ ඇමැතිවරුන්ගේ විෂය පථයන් …