Monthly archives: ඔක්තෝබර්, 2015

ලොකුම අල්ලස : රේගුවේ තිදෙනෙක්‌ හොරෙන්ම ඉන්දියාවට පැනලා

(31.10.2015 – divaina.com) ශ්‍රී ලංකාවේ විශාලතම අල්ලස්‌ සිද්ධිය ලෙස සැලකෙන රුපියල් කෝටි දොළහමාරක අල්ලස්‌ ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින රේගු නිලධාරීන් තිදෙනා හොර රහසේම ඉන්දියාවට පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති අන්දමට මෙම අල්ලස්‌ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන්නේ මෙසේ රටින් පලාගිය රේගු නිලධාරීන් තිදෙනාය. ශ්‍රී ලංකාවේ විශාලතම අල්ලස්‌ සිද්ධිය සම්බන්ධයෙන් …

මහින්දගේ, කබ්රාලගේ අනුදැනුමෙන් රන් ටොන් 40 ක් හොරෙන් විකුණලා

(30.10.2015 – 12:56 +0530 – lankatruth.com) හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රා‍ල්ගේ අනුමැතිය සහිතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව සැකකටයුතු අතරමැදියන් කණ්ඩායමක් හරහා රන් මෙට්‍රික් ටොන් 40 ක් ශ්‍රී ලංකාවේ තිබෙන ජපන් සමාගමක් වන සීමාසහිත Japuda Holdings සමාගම හරහා ජපානයේ සීමාසහිත SUISSE SECURITIES සමාගමට විකුණා  ඇති බවට රාවයට පිළිගත හැකි සාක්ෂි ලැබී තිබේ. …

හමුදාවෙන් විකුණූ අවි ඇවන්ගාඩ් නැවේ – 20 ක් අතුරු දහන් – 59 ක් ගැන සැකයි

(30.10.2015 – 09:40 +0530 – lankatruth.com) ගාලූවරායේදී පරීක්ෂාවට ලක් කළ ඇවන්ගාඩ් නෞකාවේ තිබූ ගිනි අවි 816 ක් යුද හමුදාව, රක්නාලංකා ආරක්ෂක සමාගම වෙත විකුණන ලද ඒවා බව එම අවි පරීක්ෂා කළ බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ ඒකකය අනාවරණ කරගෙන තිබේ. එමෙන්ම, එහි තිබූ ගිනි අවි 20 ක් අතුරුදන්වී ඇති බවද එහිදී …

ලංගම රැකගන්න සේවකයන් සටනක

(30.10.2015 – 10:04 +0530 – lankatruth.com) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වෘත්තීය සමිති බහුතරයක් එක්ව පසුගියදා පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති අතර එම වෘත්තීය සංගම් ඒකාබද්ධ ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට එකඟ තාවයකට පැමිණ ඇතැයි ලංගම සුරැකීමේ සේවක සන්ධානය පවසයි. ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික නිදහස් සේවක ප්‍රවාහන සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය, …

HNDA සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසට අගමැති උපදෙස්

(30.10.2015 – newsfirst.lk/sinhala) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ඊයේ පැවති සිසු උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතාට උපදෙස් දී තිබේ. මේ අතර විරෝධතාව විසුරුවා හැරීමේදී අත්අඩංගුවට ගත් සිසුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. උද්ඝෝෂණය අතරවාරයේදී පොලිස් අත්අඩංගුවට පත් භික්ෂූන් වහන්සේ …

බාල අපරාධකරුවෙකු වන කොණ්ඩයා සුද්ද කරන්න හදන උදුල් ගැන පොලිසියේ අවධානය

(30.10.2015 – gossiplankanews.com) සේයා ඝාතන සිද්ධිය නිසා ප්‍රකටව සිටින කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත වෙනුවෙන් පෙනී සිටින පැරණි අන්තරේ කැඳවුම්කරුවෙකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්නගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිසිය පියවරක් ගැනීමට සූදානම් බව දැන් වාර්තාවෙනවා. කොටදෙණියාව සේයා ඝාතනයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි දුනේශ්ට එරෙහිව ළමා අපචාර චෝදනා නොමැති බව ප්‍රේමරත්න මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණු …

Facebook බෙබේ ෆොටෝ එක නිසා එස්එෆ් ලොක්කා ගැන තිස්ස කරලියැද්දගෙන් ප්‍රකාශයක්

(30.10.2015 – gossiplankanews.com) අනුරාධපුරදී ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා ඝාතනය කරවූ බවට සැකකරන එස් එෆ් ලොක්කා නමින් හැඳින්වෙන ඉරෝන් රණසිංහ නමැත්තාගේ ෆේස් බුක් ගිණුමෙහි එක් ඡායාරූපයක  මහින්ද රජයේ ප්‍රකට ඇමතිවරයෙකුව සිටි තිස්ස කරලියැද්ද ඔහු සමග බීමතින් සිටිනවා. එස්එෆ් ලොක්කාගේ ෆේස් බුක් ගිණුම ගැන මුල්වරට ගොසිප් ලංකා අනාවරණය කරනු ලැබීමෙන් පසු එය දිගට හරහට පිරික්සමින් ඇතැම් අය …

බන්ධුලගේ උප්පැන්න සහතිකය බලා තාත්තාගේ නම “තුප්පහිගේ ගුනමලා“ යි නිවැරදිව කිව හැකිය : කොටි පොලිස්පතිගේ විවාහ සහතිකය බලා වාසුදේව සාක්කියට අත්සන් කර ඇති බවද කිව හැකිය

(30.10.2015 – 15:35 +0530 – Lanka eNews – නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නගේ සටහන) හිට්ලර් නිවැරදිය කියමින් යුදෙව්වන්ට වෛර කරන ජාතිවාදි උම්මතකයන් ජර්මනියේ අදටත් ජීවත් වෙති.  ලංකාවේ මහින්ද රාජපක‍්ෂට ඇත්තේද ජර්මනියේ හිට්ලර්ට ඇති වර්ගයේ ජනප්‍රිය භාවයකි. මහින්ද පළවා හැර තවම වසරක් ගෙවී නැත. ඒ නිසා ලංකාවේ මහින්ද රාජපක‍්ෂ අනුව යන්නෝ සිටීම ගැන පුදුම විය යුතු නැත. ඇත්තම …

ආණ්ඩුවේ දේශපාලන පසුගාමිත්වය : ‘දේශපාලන සිරකරුවන් නැහැ’ – සුනන්දගේ සටහන

(30.10.2015 – 18:10 +0530 – Lanka eNews) ලංකාවෙහි දේශපාලන සිරකරුවන් නැතැයි දැන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරු තොරතෝංචියක් නැතිව අපට කියන්නට පටන් ගෙන සිටිති. ඔවුන් එසේ දේශනා කරන්නේ වසර ගණනාවක් පුරා කිසිදු චෝදනාවක් නැතිව එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට බන්ධනාගාරයන්හි  රඳවා සිටින දෙමළ සිරකරුවන් විසින් ආරම්භ කළ උපවාසය නිසා ය. එයට පෙර ද දින …

වවුනියාව එස්එස්පීගේ රථය එක්වරම ගිනි ගෙන විනාශ වෙලා

(30.10.2015 – 17:15 +0530 – Lanka eNews) වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මෝටර් රථය යාපනය මහනුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී වවුනියාව මුණ්ඩිමුරුප්පුවේ ප්‍රදේශයේ දී  අද (30) උදෑසන ගිනිගෙන විනාශ වූ බව වවුනියාව පොලිසිය කියයි. ගිනිගන්නා අවස්ථාවේදී රථයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රියදුරු පමණක් මෝටර් රථයේ සිට ඇති බවත් ඔහු රියෙන් පැන දිවි බේරාගෙන …