Monthly archives: පෙබරවාරි, 2016

හොරට රැස්කළ ධනය සෙවීමට හාරන්නේ මේජර් නෙවිල්ගේ පමණද ? එදා සිට ජනපතිවරු ලඟ ‘සිංහ‘ සෙයියාවෙන් සිටින ජ්‍යෙ නි.පොලිස්පතිගේ මේ මාලිගා හාරන්නේ කවදාද? පොලිස්පති වෙන්න යන්නේ මෙහෙව් හොරෙක්ද?

(28.02.2016 – 23:45 +0530 – Lanka eNews) කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ නගරය පසුකර කිලෝ මීටරයක් පමණ නුවර දෙසට යන විට මාර්ගයේ දකුණට ඇති තැඹිලිගස්මුල්ල පාරේ මීටර් 300 ක් පමණ ඈතින් ගොඩ කරන ලද වගුරු බිමක පර්චස් 100 ක පමණ භූමි භාගයක මාලිගාවක් බඳු අති සුඛෝපභෝගී නිවසක් ඉදි කරමින් පවතී. මෙම ඉඩම මිට වසර 4 …

යෝෂිතගේ ෆයිල් අතුරුදන්

(28.02.2016 – 09:00 +0530 – lakbima.lk) නිලධාරි බඳවා ගැනීමේ පාඨමාලා අංක 45 යටතේ නාවික හමුදාවට බැඳුණු ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ පුහුණු කාලය සඳහන් ලිඛිත තොරතුරු නාවික හමුදාවේ ලිපි ‍ලේඛනවල නැති බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. නාවික හමුදා නීතියට අනුව විධායක අංශයට නිලධාරීන් බඳවා ගන්නේ උසස් පෙළට ගණිත හා විද්‍යාව යන විෂය ධාරා හදෑරූ අය …

සරසවි ඇදුරන් කැළඹූ ඇමතිගේ අමුතු ලිපිය

(28.02.2016 – newsfirst.lk/sinhala) අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථිකාර්යවරයෙකුගේ පත් කිරීමක් සම්බන්ධයෙන් මැදිහත්ව ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ලිපි ශිර්ෂයෙන් යුතුව කර තිබූ අදාළ ඉල්ලීම ඇතුළත් ලිපිය විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනයේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණ. එම ලිපියට අනුව මෙම ඉල්ලීම කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයෙකුගෙනි. දේශපාලන …

ජාතික ගැටලුවට විසඳුම් සපයන නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? අතීතයේ සිදුවුනේ කුමක්ද? අද නව ව්‍යවස්ථාව සම්මත කරගන්නේ කෙසේද? – ආචාර්ය ජයම්පතී පාර්ලිමෙන්තුවේ කළ ඇස් අරවන කතාව

(27.02.2016 – 23:40 +0530 – Lanka eNews) ජාතික ගැටලුවට විසඳුම් සපයන නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි? අතීතයේ සිදුවුනේ කුමක්ද? අද නව ව්‍යවස්ථාව සම්මත කරගන්නේ කෙසේද? යන්න ගැන පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරමින් පසුගිය 23 වෙනිදා ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් පැවැත්වීය. මහජනතාවගේ අවධානය සඳහා එම කතාව පහත සම්පූර්ණයෙන් පළ කරමු. “මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, …

“අපේ අත්සන් හොරට ගහලා” ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය පාදෙනියලාගේ රෙදි ගලවයි….!

(27.02.2016 – 23:40 +0530 – Lanka eNews) මනෝ භ්‍රාන්තියකින් පෙලෙන මාෆියා දොස්තර පාදෙනිය ඇතුළු මරාවාදී ගෝත්‍රික නඩය තවම කෙටුම්පත් කර හෝ නැති එට්කා ගිවිසුමකට විරෝධය පාද්දී  ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයද ඔවුන්ට සහාය දෙනවා යයි එම සංගමයේ සභාපතිගේ සහ ලේකම් ගේ අත්සන් හොරට ගසා ලියැවිල්ලක් නිකුත් කර ඇතැයි එම සංගමයේ සභාපති සහ ලේකම්වරයා …

රෝගීන්ට ‘ඇම්බියුලන්ස්’ දෙනවාටත් විරුද්ධ දොස්තර ගොන් නාම්බෝ..! පාදෙනිය සහ හේරත් – ආනුභාවනන්දගේ සටහනකි

(28.02.2016 – 09:50 +0530 – Lanka eNews) ඒ අසූවේ දශකයේ මැද භාගයයි. 1977 දී බලයට පත් වූ ජයවර්ධන රජය සිය බල ආධිපත්‍යය සෑම ක්ෂේත්‍රයක් පුරාම පතුරුවාගෙන සිටියේ ය. 1980 වැඩ වර්ජනය මර්දනය කළ ඔව්හු ජනාධිපතිවරණයෙන් සහ අපකීර්තිමත් ජනමත විචාරණයෙන්ද ජයගෙන සිටියහ. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිප කෑලි කිහිපයකට කඩා දමා තිබූ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ …

රාජිතට පස්පොලක බයිපාස්..! රාජිත බලන්න ගිය ජනපති සිංගප්පූරු කඩපොලේ ‘පොඩි රස්තියාදුවක්‘ ගසයි..!

(27.02.2016 – 23:40 +0530 – Lanka eNews) දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ දී බයිපාස් සැත්කමකට මුහුණ දුන්නේ ය. නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ දොස්තර රාජිතගේ හෘදයේ ස්ථාන 5 ක රුධිර නාල අවහිරතා තිබී ඇති බවයි. රාජිත කිසිදු දිනෙක දුම්පානය නොකළ අයෙකි. මත්පැන් ද අවස්ථානුකූලව පමණක් ඉතාමත් ස්වල්පයක් පමණක් ගත් අයෙකි. සැත්කමින් …

මා මිත්‍ර මංගල..! -ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මංගල හමුවේ

(27.02.2016 – 23:30 +0530 – Lanka eNews) ශ්‍රී ලංකා එක්සත් ජනපද හවුල්කාරිත්වය පිළිබඳ ප්‍රථම සංවාදය ඊයේ (26) වොෂින්ටනයේ පැවැති අතර ඊට පෙර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හමු විය. එහිදී, ඔවුන් විසින් පුවත් පත් සඳහා කරනු ලැබූ ප්‍රකාශය මෙසේය : රාජ්‍ය ලේකම් කෙරී මහතා : ශ්‍රී ලංකාවේ විදේශ …

අපි ඇති වෙන්න ලේ හලපු රටක්… ‘යුද්ධයක් යලි ඇති නොවිමේ‘ ප්‍රතිපත්තිය වටා සියළු දෙනා සමගි විය යුතුයි

අපි ඇති වෙන්න ලේ හලපු රටක්… ‘යුද්ධයක් යලි ඇති නොවිමේ‘ ප්‍රතිපත්තිය වටා සියළු දෙනා සමගි විය යුතුයි – වොෂින්ටනයේ සාමය පිළිබඳ ආයතනයේ ආරාධනයෙන් මංගල සමරවීර මහතා කළ බරසාර දේශනය (27.02.2016 – 23:00 +0530 – Lanka eNews) වාසනාවකට එල්ටීටීඊ සංවිධානයේ ඇවෑමෙන් පසු අද වනවිට අප රට තුල ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න සඳහා විසඳුමක් වශයෙන් සලකන කිසිවෙකුත් නොමැති බවත්. …

අජන්තා රණසිංහ ජීවන ගීතය නිම කරයි

(27.02.2016 – 14:59 +0530 – lankadeepa.lk) ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය අජන්තා රණසිංහ මහතා අද (27-02-2016) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. පසුගියදා නිවසේදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු රෝහල්ගත කැරිණි. මිය යන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය. ලේක් හවුස් ආයතනයේ උපකර්තෘවරයකු ලෙසද ගුවන්විදුලි උපදේශකයකු ලෙසද කටයුතු කළ අජන්තා රණසිංහයන් …