Monthly archives: අප්‍රේල්, 2016

සමන්ත පළාත් සභාවේදී මත් රකුසන්ගේ රෙදි ගලවයි

(29.04.2016 – 17:42 +0530 – lankatruth.com) පසුගියදා පැවති ඌව පළාත් සභාවාරයේදී පළාත් සභා මන්ත්‍රී උදාර සොයිසා මහතා ගෙන ආ යෝජනායක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් සිදු කළ ප්‍රකාශයෙන් පළාත් සභාවේ සියළුම මන්ත්‍රීවරුත් ගැලරියේ සිටි මහ ජනතාව හා මාධ්‍යවේදීනුත් අන්දමන්ද වී තිබේ. ඉරිදා දිනවල පුද්ගලික අධ්‍යාන ආයතනවල පන්ති පැවැත්වීම නතර කළ යුතු බවටත් වර්තමාන දරු පරම්පරාව වැඩි වශයෙන් …

යෝෂිත පාස්පෝට් ගැන FCIDයට බොරු කියලා – අධිකරණයේදී හෙළි වෙයි

(29.04.2016 – 00:07 +0530 – lankatruth.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදාවේ වැඩතහනමට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ සතුව විදේශ ගමන් බලපත්‍ර 05ක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත් එම පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් අද (28) අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. යෝෂිත රාජපක්ෂ සතු එම විදේශ …

‘ඉඩම් මගේ නොවේ ඩේසි ආච්චිගේ‘ යි යෝෂිත කියද්දී ‘එවැනි ඉඩම් මට නෑ‘යි ඩේසි ෆොරස්ට් රහස් පොලිසියට කියලා : ඊ නිව්ස් පුවතින් ඩේසිගේ දිවි බේරේ

(29.04.2016 – 08:15 +0530 – Lanka eNews ඇසුරෙන්) යෝෂිත රාජපක්ෂ විසින් කොළඹ වටිනා ඉඩම් කැබලි 15 ක් පමණ මිලදී ගෙන ඇති අතර එම සියළු ඉඩම් සහ දේපොල කොළඹ 5 ටොරින්ටන් මාවතේ අංක 210/12 දරණ ස්ථානයේ පදිංචි ‘ඩේසි ෆොරස්ට්‘ නමැති කාන්තාවකට අයිති යැයි සඳහන් කර තිබිණ. මෙකී ‘ඩේසි ෆොරස්ට්‘ යනු අන් කවරෙක් හෝ නොව වයස අවුරුදු …

තොටගමුවේ රාහුල හිමියන් බැඳගෙන වැඩ ගත් ‘මඤ්ඤං යකා‘ ජනාධිපති මෛත්‍රී ලඟ වැඩට ඇවිත් : ජනපති ආරක්ෂාව යලි බිඳ වැටේ

(29.04.2016 – 06:45 +0530 – Lanka eNews) තොටගමුවේ රාහුල හිමියන් යකුන් බැඳගෙන් වැඩ ගත් බල සම්පන්න භික්ෂුවක් යැයි ජනප්‍රවාදයේ දැක්වේ. තම ගමන් බිමන් සඳහා එවැනි යකෙක් බැඳගෙන තිබිණ. දිනක් දුර බැහැර තිබූ යම් කටයුත්තක් නිමා වීමෙන් පසු තොටගමුවේ රාහුල හිමියන් යකාට පවසා ඇත්තේ තමන් වහන්සේව තොටගමුවට ඇරලවන ලෙසයි. හිමියන් මඳ නින්දක් නිදා ගෙන ඇහැරී බලද්දී …

රු. කෝටියකට වැඩිය වංචා කළ සැලසිනේ හිටපු සභාපති ප්‍රදීප් කුමාර එදිරිසිංහ එංගලන්තයෙන් ගෙන්වා අධිකරණයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා භාවිත කළ යුතුයි – දූෂණ විරෝධී පෙරමුණ

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.28, ප.ව‍‍.10.30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පවතින සැලසිනේ රූපවාහිනි ආයතනයට අයත්  බැංකු ගිණුමේ මුල්‍ය වංචාව පිළිබද විමර්ශන අවසන් අදියරට පැමිණ තිබීම පිළිබඳ දූෂණ විරෝධී පෙරමුණ සිය සතුට පළ කරයි.  සැලසිනේ මුදල් එම ආයතනයේම සුභසාධන සංගමයේ බැංකු ගිණුමකට බැර කරමින්  එයින් රුපියල් කෝටිකට අධික මුදලක් ලබා ගෙන වංචා කිරීම පිළිබඳ සැලසිනේ හිටපු සභාපති …

ATM වලින් හොරෙන් සල්ලි ගත්ත චීන්නු දෙන්නා අල්ලයි

(28.04.2016 – 08:58 +0530 – nethfm.com) එ්.ටී.එම්. යන්ත‍්‍ර මගින් මුදල් වංචා කළ බව කියන චීන ජාතිකයන් දෙදෙනෙකු කොළඹ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) රාත්‍රියේ කළ වැටලීමකදීයි. සැකකරුවන් දහවල් කාලයේදී අදාළ ඒ.ටී.එම් යන්ත‍්‍රවලට ඉතා කුඩා විද්‍යුත් උපකරණයක් සවිකර තිබෙනවා. ගණුදෙනුකරුවන් කාඞ්පත් හරහා ඒ.ටී.එම් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගැනීමේදී ඒවායේ දත්ත අදාළ විද්‍යුත් උපකරණයේ …

පාසල් දරුවන් ගැන විශේෂ විමර්ශනයක්

(28.04.2016 – 11:57 +0530 – nethfm.com) පාසල් දරුවන් විවිධ මත්ද්‍රව්‍ය සහ මත් පෙතිවලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවාරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දරුවන් මත්ද්‍රව්‍යවලින් ඈත්කරවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පාසල් තුළ කි‍්‍රයාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි. බදුල්ල ප‍්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ සිසුන් …

මෙන්න මෙගා ඩීල්.. ශ‍්‍රිලනිප මහ ලේකම් බිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතයේ.. අල්ලස් කොමිසමට ලිඛිත පැමිණිල්ලක්..

(28.04.2016 – 15:00 +0530 – lankacnews.com) කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ දූෂිත ගනුදෙනුවෙන් ලැබුණු කෝටි සංඛ්‍යාත මුදල කෘෂිකර්ම අමාත්‍ය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මැයි 01 වැනිදා ගාල්ලේ පැවැත්වෙන ‘රූකඩ නාඩගම’ සඳහා වැයකර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි. අද(28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට එකී දුෂිත ගනුදෙනුව පිළිබඳව …

උත්තරීතර පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයක් තිබියදී හොරු කණ්ඩායමකට විපක්ෂය යැයි හැඳින්වීම : හෘද සාක්කිය විනිශ්චයාරූඪ නොකළහොත් ඔබ නීතිය ඉදිරියේ ‘ප්‍රතිබන්ධනය‘ වීමට ඉඩ ඇත

(28.04.2016 – 19:10 +0530 – Lanka eNews) උත්තරීතර පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයක් තිබියදී හොරු කණ්ඩායමකට විපක්ෂය යැයි හැඳින්වීම : හෘද සාක්කිය විනිශ්චයාරූඪ නොකළහොත් ඔබ නීතිය ඉදිරියේ ‘ප්‍රතිබන්ධනය‘ වීමට ඉඩ ඇත – ජනමාධ්‍ය ලේකම් නීතිඥවරයා අනතුරු අඟවයි ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව නිල වශයෙන් පිලිගත් ‘විපක්ෂයක්‘ තිබියදී වෙනත් පක්ෂ වල කල්ලි ගැසුනු හොරු පිරිසකට ‘විපක්ෂයක්‘ ලෙස …

දූෂණ විරෝධී සමුළුවේ අගමැති නියෝජනය දූෂිතයෙකුට

(28.04.2016 – 16:24 +0530 – lankatruth.com) “හයත් රිජන්සි” වංචාව පිළිබඳව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කොට ඇති නඩුවේ ප‍්‍රධාන චූදිතයෙකු වන නීල් බණ්ඩාර හපුහින්න නැමැත්තා දූෂණ විරෝධී සම්මන්ත‍්‍රණයක් සඳහා හයිටි රාජ්‍ය වෙත යැවීමට යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. නීල් බණ්ඩාර හපුහින්න නැමැති මෙම නිලධාරියා දැනට නීතිය හා සාමය …