Monthly archives: ජූනි, 2016

‘අද සිට මගේ නායකයා රනිල්‘ – සරත් ෆොන්සේකා : ‘හමුදා දෙක මුණ ගැහුනා, දැන් එක්වී පහර දෙනවා‘ – රනිල්

(30.06.2016 – 19:00 +0530 – Lanka eNews) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයන් එජාප යාවජීව සාමාජිකත්වය ලබා ගනී අද සිට තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා නොවන බවත් අද සිට තමන්ගේ නායකයා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් තම පක්ෂ නායකත්වය අතහැර එක්සත් ජාතික පක්ෂයට බැඳෙමින් ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා …

ගදය-උම්මන්පිල නිදහස් කරන හැටි බලාගන්න..! මරාවාදී විනි-සොරා ‘පිස්සු පූසා‘ බඩු ඇසීමටත් පෙර තීන්දුව ගැන කටමැත දොඩවයි

(30.06.2016 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : ශ්‍රේෂ්ඨාධිමරණ විනි-සොරෙක් වන අපාලි-උබේරත්න හෙවත් ‘පිස්සු පූසා‘ ලෙස නීති සමාජය අතර ප්‍රචලිත මරාවාදියා සමග කුමන්ත්‍රණය කරමින් ගදය-උම්මන්පිල ඇපල් ලබා ගැනීමට යන බව ‘නිව්ස් ඊ ලංකා’ අධිමරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ගදය-උම්මන්පිලගේ බීතිඥයන් ඔහු මාන්ඩ්-රි බන්¤නාගාර ගත කිරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිමරණයට මූලික අයිතිවා¤කම් පෙත්සමක් ගොනු …

නීල කාස හොරා වජින්-සාස්ට සහ බිරිඳට නීති විරෝධී ඇමති ආරක්ෂාවක් දී තිබුනේ ඇම-ඇති සලික්-මමරවික්‍රම

(30.06.2016 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : පසුගිය වනචර දශකයේ නීලකාස හොරෙක් වූ වජින්-සාස් අගුණවර්ධන වරක් රිමා¤ඩ් බන්ධ¤ගාරයෙන් පැමිණි පසු ඔහු රජයේ සාක්කි කරුවෙකැයි බොරුවක් පවසමින් ඔහුට ඇමැති ආරක්ෂකයන් ලබා දීමට කටයුතු කර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ විදෙස් ආයෝජන ප්‍රවර්ධන අමා සලික්-මමරවික්‍රම බව ‘නිව්ස් ඊ ලංකා’ වෙත වාර්තා වේ. වජින්-සාස් අගුණවර්ධනට පමණක් නොව …

අවසාන මොහොතේත් බොන්ඩ් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමට යෑමෙන් අගමැති තම ‘මිස්ටර් ක්ලීන්‘ නාමයේ අසූචි තවරා ගනී : අදත් නව මහ බැංකු අධිපති පත් නොකෙරේ

(29.06.2016 – 23:30 +0530 – Lanka eNews) දූෂණ චෝදනා රැසක් ඇති ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හෙවත් ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ඉවත් කොට නව බැංකු අධිපති වරයෙක් පත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ තම දූෂන චෝදනා ලත් මිතුරා වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් අද දිනයේද සිදුවූයේ නැත. හෙට එනම් ජුනි 30 බොන්ඩ් මහේන්ද්‍රන්ගේ කොන්ත්‍රාත් කාලය නිල වශයෙන් …

50 වතාවක් හමුදා විනය කැඩූ යෝෂිත නිදැල්ලේ තබා එක් වතාවක් විනය කැඩූ යහපාලනවාදියාට දඬුවම් දීම ගැන හේතු කියන්න ආ නාවික හමුදා ප්‍රකාශක ඇනගනී : සුජීව සේනසිංහ ගොබ්බකම ප්‍රදර්ශනය කරයි

(30.06.2016 – 07:10 +0530 – Lanka eNews) ජජ් ඇඩ්වකේට් ශවීන්ද්‍ර ප්‍රනාන්දු නාවික හමුදාවෙන් ඉවත් කරයි ඉහේ කෙස් ගානට නාවික හමුදාවට නොකියා රට ගිය යෝෂිත රාජපක්ෂ යුද අධිකරණයකට කැඳවන්නේ වත් නැතිව එක් වතාවක් රට ගිය ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදරට දඬුවම් දීම ගැන පිලිතුරු දීමට ඊයේ (20) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට ආ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා …

මහාධිමරණ සුරු-විනි බඩු පොතෙන් ගසා ලඝු ලේඛිකාවට සැත්කමක්..! සුරු-විනි නිදැල්ලේ

(29.06.2016 – News e Lanka) රත්නපුර මහාධිමරණ සුරු-විනි හණ-රෝ නුර-අ මාර-කු රත්-හේ නමැත්තා සිය ලඝු ලේඛිකාවට ම්ලේච්ඡ ලෙස පහර දීම නිසා ඇය රෝහල් ගත කර ඇති අතර සැත්කමකටද භාජනය කර තිබේ. සුරු-විනි ප්‍රකාශයක් වැරදියට සටහන් කර ගැනීම හේතුවෙන් මෘගයෙකු මෙන් කෝප වී ඇති නුර-අ මාර-කු මහාධිමරණ සුරුවිනිවරයා, ලඝු ලේඛිකාවට පහර දී ඇත්තේ බරැති බඩු පොතකිනි. …

‘‘රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා තනි ඇහැට ඇඬෙන ඇත්ත කතාව’’ ආනුභාවනන්දගේ විචාරය කියැවූ වෛද්‍යවරයෙක් තම අත්දැකීම් ලියයි

(29.06.2016 – 23:00 +0530 – Lanka eNews) ලංකා ඊ නිව්ස්හි අද උදෑසන පළ කළ “රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා තනි ඇහැට ඇඬෙන ඇත්ත කතාව“ නමැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ආනුභාවනන්දගේ විචාර ලිපිය කියවා එකල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පෑ වෛද්‍යවරයෙකු තම අත් දැකීම් සහිත ලිපියක් අප වෙත එවා තිබේ. …

මාරපුත්‍රයන් සහ අපතයන් සමග ඔබ වේද අප විද්‍යා..? රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා තනි ඇහැට ඇඬෙන ඇත්ත කතාව – ආනුභාවනන්දගේ විග්‍රහය

(29.06.2016 – 11:00 +0530 – Lanka eNews) මහාචාර්ය හීන් නිලමේ යනු තියුණු යුග දැක්මක් තිබූ බුද්ධිමතෙකි. පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශ වැනි ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රත්නපුර සීවලී විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු එවකට පැවැති ‘යුනිවසිටි ඔෆ් සිලෝන්’ හි එම්බීබීඑස් ගෞරව උපාධිධාරියෙකි. ඔහුගේ දැක්ම සහ සිතුවිලි කිසි විටෙක කොදෙව්වට කොටු නොවීය. මහාචාර්ය හීන් නිලමේ …

නාවික හමුදා ගිලන් යාත්‍රාව සියවැනි ගමන් වාරය සම්පූර්ණ කරයි

(28-06-2016 – navy.lk) උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍රාව පසුගිය 24 වන දින තම සිය වන ගමන් වාරය සම්පූර්ණ කරන ලදී. මෙම ගිලන් යාත්‍රාව කඩිනම් ප්‍රතිකාර අවශ්‍යතා ඇති උතුරු ප්‍රදේශයේ දූපත් වල …

‘‘අපි ලයිසන් හොරු, අපිට හොරකම් කරන්නට ඉඩ දීපියව්’’ – කටුනායක ආගමන විගමන මාෆියාවේ CCTV තර්ජනයට පරදිනවාද ?

(28.06.2016 – 21:00 +0530 – Lanka eNews) මාතෘ භූමිය වනසන දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාවක් අද දවසේද ජය ගත්තේය. ඒ කටුනායක ගුවන්තොටේ සිටින ආගමන විගමන නිලධාරී දූෂිත මාෆියාවයි. මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට අසීරු වී ඇති දූෂිතම මුර දොරවල් දෙක වන්නේ කොළඹ වරායත් කටුනායක ගුවන් තොටුපොලත්ය. වසරකට මත්ද්‍රව්‍ය ටොන් ගණනින් මාතෘ භූමිය තුලට එන්නේ මේ මුර …