Monthly archives: අගෝස්තු, 2016

ලූතිනන් කර්නල් බිරියගේ කුසට වෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලු – පිස්තෝලය දියවන්නාවෙන් හමුවේ

(31.08.2016 – gossiplankanews.com) මාලබේ පිට්ටුගල ඉසුරුපුර ප‍්‍රදේශයේ නිවසකදී තිදරු මවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ දික්කසාද අපේක්ෂිත විවාහක සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයෙකුගෙන් පොලිසිය සැක පිට ප‍්‍රශ්න කරන ලද්දේ පෙරේදාය. එහිදී ඔහු එවැන්නක් නොකළ බව කියා තිබුණ නමුත් ඔහුගේ රියදුරු හා සහායකගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීම අදාළ ලූතිනන් කර්නල්වරයා විසින්ම කර ඇති …

ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී ලෝකල් අයීපී එකක් අතපසුවීමෙන් හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි

(31.08.2016 – gossiplankanews.com) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ප‍්‍රවිෂ්ට වී තොරතුරු ඇතුළත් කළ සිද්ධියට අදාළව තරුණයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මීට අදාළ තොරතුරු රැසක් අනාවරණයවී තිබේ. අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි හර්ෂණ ශ‍්‍රීමාල් …

මාලඹේ හොර උපාධි කඩයට එරෙහි සිසු පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක් !

(31.08.2016 – 22:26 +0530 – lankatruth.com) මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසට ඉල්ලා අද (31-08-2016) පැවැති සරසවි සිසු විරෝධතාවයට කොල්ලුපිටිය මංසන්ධිය ආසන්නයේදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි සිසු විරෝධතාවයට අන්තර විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව සිටි අතර …

දෙවන වරටත් බැන් කී මූන් අද ලංකාවට..! එ.ජා.මහ ලේකම්ගේ සරු සැරිය මෙන්න..!! වීරවංශ දුටුවොත් කියන්න..!!!

(31.08.2016 – 23:30 +0530 – Lanka eNews) රජයේ ආරාධනාව මත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් සහ බිරිඳ බැන් සූන්ටේක් මහත්මිය දෙදින සංචාරයක් සඳහා අද (2016 අගෝස්තු 31) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. මෙය බැන් කී මූන් මහතාගේ දෙවන ශ්‍රී ලංකා සංචාරයයි. මේ චාරිකාවේ දී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ …

ලැජ්ජයි..! කැතයි..!! ගඳයි..!!! යුද්දය නිමා වී වසර 7 යි..! වසර 26 ක් තිස්සේ තවමත් අනාථ කඳවුරේ ජීවත් වන අපේම සහෝදර ජනතාවක්…!!!

(30.08.2016 – 23:30 +0530 – Lanka eNews) සාලාව යුද හමුදා කඳවුර නිසා නිවාස සුනු විසුනු වී අවතැන් වූ සිංහල ජනතාව මාස කිහිපයක් ගත වූ තැන යළි උන් හිටි තැන් ඉල්ලා මහා මාර්ග වසා උද්ඝෝෂනය කර ඒවා ලබා ගනිද්දී උතුරේ හමුදා කඳවුරු නිසා අවතැන් වූ දෙමළ ජනතාව මේ වනවිටත් වසර 26 ක් තිස්සේ අවතැන් කඳවුරු වලම …

උතුරේ බුදු මැදුරක් වනසයි

(30.08.2016 – nethnews.lk) වවුනියාව කනගරායන්කුලම ප‍්‍රදේශයේ පිහිටි බුදු මැදුරකට පිරිසක් පහරදී එහි තිබූ දෑ කඩා බිඳ දමා තිබෙනවා. මෙම බුදු මැදුර පිහිටා තිබුණේ කුරුසිට්ටිකුලම කෝවිල් භුමි සීමාවේයි. ඉකුත් සමයේ විශේෂ කාර්ය බලකා කඳවුරක් පැවති ස්ථානයේ අදාළ බුදු මැදුර සකස් කර තිබුණා. පහරදුන් පිරිස බුදු මැදුරේ තිබූ බුදු පිළිමයටද හානි කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු …

ආයුර්වේද සේවකයෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පනී

(30.08.2016 – 18:32 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් එහි වෘත්තිය සමිති එකමුතුව අද බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුලූවුණා. ඒ, අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකින් අනතුරුවයි. ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කරන ලෙස මාස දෙකක පමණ කාලයක සිට එහි සේවකයන් මෙලෙස විරෝධතාවයේ …

බිරිඳට වෙඩි තැබුවේ කර්නල්ද? පිස්තෝලය දියවන්නාවෙන් සොයාගනී

(30.08.2016 – 18:09 +0530 – hirunews.lk/sinhala) මාලඹේ – ඉසුරුපුර ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගේ ගිනි අවිය ජපන් මිත්‍රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබී පොලීසිය අද සොයාගත්තා. ඒ, කොළඹ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමේ සහය ඇතිවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන් කර්නල්වරයා සැකපිට අද අත්අඩංගුවට ගත්තේ ඔහුගේ …

ජාතික සේවක සංගමයේ නායකයෙකුට වරාය සභා¤¤ ධම්මි¤ රණතු¤¤ගෙන් මරණ තර්ජන..! “සැරසිලි කරන්නේ අඛිලගේ මළගමටද? මං තොපිට බත් කන්න තියන්නේ නෑ. මං ජනාධිපති ගණන් ගන්නෙත් නෑ“

(30.08.2016 – News e Lanka) ජාතික සේවක සංගමයේ ‘පිලියන්දල‘ යනු පසුගිය දිනවල පැවති වරායේ සටන් වලදි ගේට්ටුව උඩ නැග උපවාස කළ කාරක සභිකයෙකි. පසුගිය අගෝස්තු 22 වෙනි දින ජාතික සේවක සංගම් සභාපති අකිල විරාජ් ඇමතිවරයා වරයාට පැමිණීමේ උත්සවයට සැරසිලි කරමින් සිටියදී වරායේ රිපීට් අංශයට පැමිණි වරායේ සභා¤¤වරයා ‘පිලියන්දල‘ ගැන විමසා සිටියේය. එහිදි ඉදිරියට පැමිණි අරෝෂ් …

වෙබ් අඩවි තහනම් කළාට දඬුවම් නැතත් ජනපති වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූවාට සිසුවා ළමා නිවාසයකට තවත් අයෙක් බන්ධනාගාරයට

(30.08.2016 – 17:10 +0530 – Lanka eNews) ශ්‍රී ලංකා ජනාධිපති වරයාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වී දත්ත මකා දමා තම පණිවුඩ තැබූවේ යැයි අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ බාල වයස්කාර සිසුවාට තවත් අයෙක් උදව් කර ඇතැයි හෙලි වී ඇති අතර ඔහුවද අත් අඩංගුවට ගෙන තිබේ. හේ මොරටුව ප්‍රදේශයේ ජනති මධුශංක නමැති 26 වියැති තරුණයෙකි. දෙදෙනාම කොළඹ …