Monthly archives: සැප්තැම්බර්, 2016

විග්නේෂ්වරන් ධුරයෙන් නෙරපනු.. – මහ නාහිමියෝ කියති

(30.09.2016 – 15:48 +0530 – lankacnews.com) බෙදුම්වාදී ඉල්ලීම් කරමින් වෙනම රාජ්‍යයකට මූලික පසුබිම හදන ප‍්‍රකාශයක් කරන විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වහා ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කල යුතු යයි අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ පවසති. උන් වහන්සේ එසේ කියා සිටියේ කොළඹ ධර්ම විජය පදනමේ 39 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදීය. …

ප්‍රේමසිරි හැලඹෙගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු 3 ක් අත්අඩංගුවට

(29.09.2016 – 19:35 +0530 – hirunews.lk/sinhala) ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රේමසිරි හැලඹෙගේ මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන ගිනි අවි 2 ක්, ජීව උණ්ඩ කිහිපයක් සහ මෝටර් රථය සිය භාරයට ගත් බවයි. ගාල්ල ක්‍රිකට් සංගමයේ සභාපති ව්‍යාපාරික ප්‍රේමසිරි …

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳ නිදහස් පක්ෂයේ අවධානය

(29.09.2016 – 18:10 +0530 – hirunews.lk/sinhala) උතුර පළාත් ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නෙශ්වරන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳ සැලකිමේදී එවැනි ප්‍රධාන අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව නව ව්‍යවස්ථා සංශෝධනයේදී අවධානය යොමු කළයුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මේ බව කියා සිටියා. මාධ්‍ය හමුවට …

වීරවංස හා ගජ මිතුරු කල්ලිය මාස 8 කින් ලක්ෂ 270 ක් හොරා කාලා

(29.09.2016 – 11:45 +0530 – lankatruth.com) රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ පවත්වාගෙන ගිය හොරණ ගල්පාත කාපට් වැඩබිමට මුවා වී හිටපු ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංස  හා ඔහුගේ ගජ මිතුරු කල්ලිය රුපියල් ලක්ෂ 270 ක මුදලක් අවභාවිතා කර ඇතැයි වාර්තා වේ. හොරණ ගල්පාත කාපට් වැඩබිමට යයි පවසමින් මෙම මුදල් ජයලත් කන්ස්ට්‍රක්ෂන්ස් හා රුවන් …

තක්කඩි විනි-සොරුන් විවේචනයෙන් බේරීමට කුඩු ජාවාරමුන් පසුපස දුවමින් අන්තර් ජාල මාධ්‍යයට වැට බැඳීමට කැස කවද්දී ‘‘මහජන මත දැක්වීම් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරන බව’’ අගවිනිසුරු කියයි

(30.09.2016 – News e Lanka) වනචර දශකයේ මුල් බැස ගත් අවනීතික තක්කඩි විනි-සොරුන් විකල්ප අන්තර් ජාල මාධ්‍යයන්ගෙන්ද විකල්ප මුද්‍රිත මාධ්‍යයන්ගෙන්ද සමාජ ජාලා වලින්ද දැඩි විවේචනයට ලක්වන විට කුඩු ජාවාරම් කරුවන්ගෙන් කෝටි ගණන් මුදල් ලබා ගත් නීලකාස හොරෙකු වන ඒමන්ත බර්ණකුලසූරිය නමැති දූෂිත නීති-අඤයාගෙන් ආරක්ෂාව පතමින් විකල්ප මාධ්‍ය වලට වැට බැඳීමට කැස කවද්දී අගවිනිසුරු කනකසභාපති ශ්‍රී …

පසුගිය අයවැය යෝජනා 410 සාර්ථකයි..! අය වැය හදන්නේ සංවර්ධන න්‍යාය පත්‍රයකට මිස දේශපාලන න්‍යාය පත්‍රයකට නොවේ – රවි අය වැයට පෙර මාධ්‍ය හමුවක (ඔඩියෝ)

(30.09.2016 – 05:20 +0530 – Lanka eNews) බන්ධුලගෙන් ටියුෂන් ගන්නෙ නෑ : පැය 24 න් ව්‍යාපාර ලියාපදිංචිය යහපාලන ආණ්ඩුව අයවැය ලේඛනය සකස් කරන්නේ කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. ආණ්ඩුව මේ වන විට ගමන් කරමින් සිටින්නේ දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මක් මත බවත්, අයවැයේ අපේක්ෂාව වන්නේ එම ගමන …

යුද හමුදාව අධිකරණය මුලා කරලා : විනිසුරු පරීක්ෂණ සීඅයිඩියට බාර දෙයි

(30.09.2016 – 04:40 +0530 – Lanka eNews) යුදහමුදාව විසින් මුලතිවු අධිකරණයට ඉදිරිපත් කරණ ලද ලිපි ලේඛන සාවද්‍ය බවට එල්ල වූ විරෝධයක් මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසිය වෙත බාර කරණ මෙන් මුලතිව් දිසා විනිසුරු එම්. එස්. එම්. සහාබ්දීන් නියෝග කොට තිබේ. දිසා විනිසුරුවරයා එසේ නියෝග කළේ මුලතිවු අධිකරණයේ ගොනු කොට තිබූ හබයාස්කෝපස් නඩු දහතුනක් …

කනත්තේ මාධ්‍ය සංස්කෘතිය..!

(29.09.2016 – 22:00 +0530 – Lanka eNews) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර ගොඩ ගැනීමේ අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දුන්නේ නැත. ඒ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ය. ඒ බව ඉතා පැහැදිලිව ලසන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ තෙමේ මාධ්‍යවේදීන් වෙත අවුත් කියා සිටි නමුත් එය සත පහකට ගණන් නොගත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ …

කුඩු දුමියා මරණ දඬුවමින් බේරා ගැනීමට නොහැකි වූ හිත්වේදනාවෙන් පෙළෙන ඒමන්ත බර්ණකුලසූරිය කුඩු නාලිකාවෙන් මඩ මවයි..! වෙලේ සුද්දාගෙන් කුඩු වස්සා ගෙන් ලක්ෂ 120 ක් අරන්

(29.09.2016 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : විශ්මලන්තයේ නීති ක්ෂේත්‍රයේ ‘ගූ බාල්දිය‘ ලෙස නම් දැරූ කුප්‍රකට වනචරයෙක් වන ඒමන්ත බර්ණකුලසූරිය නමැති කාලගෝල නීති-අඤයා එල්ලන ගහට නියම වූ දමින්ද ආර් සිල්වියා හෙවත් කුඩු දුමියා (සුදු පුතා) බේරා ගැනීමට ගැට ගැසූ සියළු කුමන්ත්‍රණ අසාර්ථක වීමෙන් පසු සිත් තැවුලට පත්ව නන් දොඩවන අයුරු පසුගිය දින …

‘‘කණගාටුවෙන්න එපා.. මං ඒ ගැන බලාගන්නම්….!’’ ශ්‍රී ලංකා දේශපාලනයේ ගුණවතා, කරුට 76 යි..!! – ක්‍රිෂාන්ත කුරේගේ සටහනක්..!

(29.09.2016 – 01:20 +0530 – Lanka eNews) වසර 76 ක් ආයු වර්ණ සැප ප්‍රඥා භුක්ති විඳි පුද්ගලයකු පිළිබඳ බොහෝ දෑ ලිවිය හැකිය. නිසැකවම, බොහෝ දෑ ඒ කාලය තුළ සිදුව තිබිය හැකිය. කෙසේ වෙතත් ඒ බොහෝ චරිත පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදු කිරීමේදී සාමාන්‍යයෙන් දැකගත හැක්කේ පොදු ස්වභාවයකි. අද්විතීය, පහසුවෙන් ළඟාවිය නොහැකි ඉලක්ක පසුපස හඹා යෑමේ …