Monthly archives: ඔක්තෝබර්, 2016

ලසන්තගේ බිරිඳ රේන් වික්‍රමතුංග මාධ්‍යයට කතාකරයි

(31.10.2016 – 11:34 +0530 – lankatruth.com) සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ සන්ත වික්‍රමතුංගගේ බිරිඳ රේන් වික්‍රමතුංග මහත්මිය මවුබිම පුවත්පතට අදහස් දක්වමින් ලසන්ත ඝාතනය, ඝාතනය පිළිබඳ පරීක්ෂණ, ජනපතිගේ ප්‍රකාශය, විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සියදිවි නසාගැනීම ආදී සිදුවීම් ගණනාවක් පිළිබඳව සඳහන් කර තිබේ. එම උපුටාගත් කොටස පහතින් පළ වේ. “අලුත් ආණ්ඩුව යටතේ ලසන්ත ඝාතන පරීක්‍ෂණ හොඳින් …

මහේන්ද්‍රන් වෙනුවෙන් නඩු කියන බව සුජීව සේනසිංහ කියයි

(31.10.2016 – 17:02 +0530 – lankatruth.com) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්වත් ඔහුගේ බෑනණුවන්වත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළේ නිරව සිටින බව හෙළිදරව්වන ප්‍රකාශයක්, පසුගියදා පැවති උත්සවයකදී කෝප් කමිටු සාමාජික, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා සිදු කර තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ඕනෑම අධිකරණයක අර්ජුන් …

‘ආවා ගෘෘප්’ යයි සැක දෙදෙනෙකු කඩු දෙකක් සමග අල්ලයි

(30.10.2016 – 23:15 +0530 – Lanka eNews) යාපනයේ සරිසරණ ‘ආවා ගෲප්’ සාමාජිකයින් ලෙස සැකකෙරෙණ පුද්ගලයින් දෙදෙනෙකු 30 දා දහවල් කඩු දෙකක්ද සමග යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන් ලග තිබී කඩු දෙකක් හමුවී තිබේ. සැකකටයුතු පුද්ගලයින් දෙදෙනා …

ආවා සහ හාවා…! ‘ආවා’ කවුදැයි පොලිස්පති පූජිතගෙන් අහමු – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ හෙළිදරව්වකි

(30.10.2016 – 11:45 +0530 – Lanka eNews) පොලිසියට සහ ඇතැම් ජනමාධ්‍යවලට අනුව ආවා යනු අවුරුදු 25 ට අඩු තරුණයන් පිරිසකගෙන් සමන්විත මැර කල්ලියකි. එකා දෙන්නා එකතු වී ගමේ බෝක්කු උඩ රස්සා නැති නිසා රස්තියාදු ගැසූ කොල්ලන් කුරුට්ටන් දහ දොළොස් දෙනෙක් එකට එකතු වී   මැර ක්‍රියා කරන්නට පටන් ගෙන තිබේ. මුලින් අහල පහළ පුද්ගලයන්ට පොඩි දේටත් …

අප කෙසේ හෝ මේ ආර්ථික අභියෝගය ජය ගත යුතුයි..! අගමැති රනිල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉදිරි ආර්ථිකයේ විප්ලවීය දැක්ම..!

(31.10.2016 – 05:35 +0530 – Lanka eNews) යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුවේ අය වැය ගෙන ඒමට පෙර රට ආර්ථික වශයෙන් සංවර්ධන කිරීමෙහිලා ඉදිරියේදී කරන්නට බලාපොරොත්තුවන දෑ පිළිබඳව සාරගර්භ දේශනයක් කිරීම පසුගිය වසරේදී ආරම්භ කෙළේය. මේ වසරේදී ද එය ඉදිරියට ගෙන යමින් පසුගිය 27 වෙනිදා ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉදිරි ආර්ථක දැක්ම සම්පූර්ණයෙන් මෙසේය …

‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකෝ..?’’ වංශ-වීර මැරයන්ගෙන් අභිරහස හෙළිකළ වෙබ් අඩවි කතුවරුන්ට මරණ තර්ජන..!

(31.10.2016 – 07:35 +0530 – Lanka eNews ඇසුරෙන්) වීරසංගිලි පනික්කියාගේ සේන-විමල හෙවත් සිරි-විමල ලත්-ගම් හෙවත් විමලී වීරවංශී මන්තරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහි¤ ජනි¤ තරුණයාගේ මරණය පිලිබඳ පුවත් වාර්තා කළ වෙබ් අඩවි කතුවරුන්ට පනික්කියාගේ මැරයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ. (ලංකා ඊ නිව්ස් වෙත නොවේ) මෙම අභිරහස් මරණය ගැන පරීක්ෂණ …

දුෂ්කර ප‍්‍රදේශවල සිසුන්ට වෛද්‍ය, ඉංජිනේරු පීඨ දොර වැසේ

(29.10.2016 – 15:58 +0530 – lankatruth.com) රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ “z score” කඩයිම් ලකුණු පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා නිකුත් කර තිබෙන අතර දුෂ්කර ප‍්‍රදේශවලින් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවලට තෝරා ගන්නා සිසුන් කප්පාදු කිරීමේ බරපතල අනතුරක් එයින් හෙළි වී තිබේ. ගුරුවරු සහ මාපියෝ විශාල පිරිසක් මේ පිළිබඳව විවිධ තොරතුරු රැස්කර ගනිමින් සිටිති. කිසිසේත්ම පැහැදිලි කර …

මාධ්‍යවේදීන් ප්‍රශ්න අසද්දී ඇමති හර්ෂ නැගිට යයි

(30.10.2016 – 20:37 +0530 – lankatruth.com) මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගි 28 වනදා පාර්ලිමේන්තුවේදි සභාගත කළ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා එජාප මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය හර්ශ ද සිල්වා මහතා අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදී නැගූ එක් ප්‍රශ්නයකදී එයට පිලිතුරු නොදී නැගිට ගොස් තිබේ. අර්ජුන් මහෙන්ද්‍රන් වැරදි කරුබවට …

පරාද වූ, මහේන්ද්‍රන් බේරීමේ ඉම්පීරියල් කුමන්ත‍්‍රණය කුමක්ද ?

(29.10.2016 – 16:11 +0530 – lankatruth.com) බැඳුම්කර වංචාව පිළිබඳව පරීක්ෂා කළ කෝප් කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීමේදී එය කඩා කප්පල් කිරීමට සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමතිවරයාට සම්බන්ධකම් තිබෙන නිවසක් තුළ විශාල කුමන්ත‍්‍රණයක් කර තිබේ. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මහ බැංකුවේ ජ්‍යෝෂ්ඨ නිළධාරීන් කීප දෙනෙක්, නීතිඥයන් කිහිප දෙනෙක් සහ අජිත් පී පෙරේරා, හර්ෂද සිල්වා …

ලසන්ත ඝාතන පරීක්ෂණයට ඉහළින් බලපෑම්

(30.10.2016 – 11:53 +0530 – lankatruth.com) සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රජයේ පාර්ශවයෙන් බලපෑම් එල්ලවීම නිසා එම විමර්ශන කටයුතු අතරමග නවතින තත්වයක් උදාවී ඇති බව රාවයට වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සම්බන්ධ වී ඇත්තේ කොළඹ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි හමුදා සෙබළුන් 17 දෙනෙකු ගෙන් සමන්විත …