Monthly archives: දෙසැම්බර්, 2016

අද මහා යෝධයන් හෙට අඟුටුමිට්ටන් වනු ඇත : ඊළඟ රැල්ල, හොරුන්ට මෙන්ම හොරු ආරක්ෂා කළවුන්ට එරෙහිව ද නැඟෙනු ඇත : යහපාලන වසර 2 ගැන හැරී බැලීමක් – චාමර ලක්ෂාන්ගේ සටහන

(31.12.2016 – 17:00 +0530 – lankaenews.com) අන්ත දූෂිත ඒකාධිපති පාලනයකට තිත තබමින් මේ රටේ, ජනතාව ස්වෙච්ඡාවෙන් බලමුළුගැන්ව මහපොළොවේ ඇත්තක් බවට පත්කළ “ජනවාරි අට නිහඬ විප්ලවය” ලබන සතියේදී තම දෙවන වසර සම්පූර්ණ  කරනු ලබයි. එම කඩඉම් සම්පූර්ණය “යහපාලන රජයේ” පසුගිය ක්‍රියාකාරිත්වය දෙස අතීතාවර්ජනයක් කිරීමේ, අවස්ථාව අපට ලබා දෙයි. පසුගිය දෙවසරක කාලය පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදුකිරීමේදී …

‘‘වැඩක් කළ නොහැකි නම් රාජ්‍ය ඇමැතිකමෙන් පලක් නෑ’’ – රංගේ බණ්ඩාරත් යන ගී කියයි..!

(31.12.2016 – 14:35 +0530 – lankaenews.com) රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර දීම තවදුරටත් ප‍්‍රමාද වන්නේ නම් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම ඵලදායී ක්‍රියාවක් නොවන්නේ යයි නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. එජාප රාජ්‍ය ඇමැතිවරයෙකු වන රංගේ බණ්ඩාර මෙසේ පවසන්නේ ඊයේ එක් රාජ්‍ය ඇමැතිවරයෙක් වන ප්‍රියංකර ජයරත්න නමැති …

මෛත්‍රී වෙත යැවූ රාජපක්ෂවාදීන් යලි කැඳවීම අරඹයි : ප්‍රියංකර ජයරත්න ඇමැතිධූරයෙන් අස්වේ : තමා බලයට ගෙන ආ සියළු මිතුරන්ද තරහා කරගෙන සිටින ජනාධිපති හුදකලා වීම ඇරඹේ – විමල් ධීරසේකරගේ සටහනක්

(31.12.2016 – 23:30 +0530 – lankaenews.com) මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා ඔහු වෙත යවන ලද රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන් යලි මහින්ද රාජපක්ෂ වෙත කැඳවීම ආරම්භ කරමින් පළාත් සභා හා පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරය පිදූ ප්‍රියංකර ජයරත්න තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද සිරිසේන ජනාධිපතිවරයා වෙත යවා තිබේ. ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපිය …

මාධ්‍යවේදීන්ගේ වැටුප් නොගෙවූ ටිරාන් අලස් සහ පුතා කම්කරු කොමසාරිස්ව මග හරී

(31.12.2016 – 11:30 +0530 – lankaenews.com) ‘රාඩා හො¤‘ නමින් කුප්‍රකට ටිරාන් අලස්ට අයිති මව්බිම පුවත්පතේ සේවය කර ඉල්ලා අස් වූ මාධ්‍යවේදීන් විසින් ඔවුන්ගේ දෙසැම්බර් වැටුප, පාරිතෝෂික දීමනාව සහ අනවසරයෙන් වැටුපෙන් කපාගත් සුබ සාධන මුදල් ඉල්ලා කම්කරු කොමසාරිස්  වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් 29 දින කම්කරු මහලේකම් කාර්යාලයේ පැවති පරීක්ෂණය සඳහා පෙනි සිටින ලෙස දන්වා තිබූ …

ජනපති ලේකම් කාර්යාලයේ වාහන 58 ක් වීරවංස පවුලටම බෙදලා…

(31.12.2016 – 11:08 +0530 – lankatruth.com) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58 ක් බව මේ වනවිට හෙළි වී ඇතැයි වාර්තා වේ. මෙයින් වාහන 07ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර එම වාහන 07ම ‍විමල් වීරවංස මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා …

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩලවල නොසුදුසු ප්‍රධානීන් එළියට

(31.12.2016 – 21:36 +0530 – lankatruth.com) රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප‍්‍රධානීන් ලෙස පත්කර ඇති සුදුසුකම් නොමැති සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ. රාජ්‍ය ආයතනවල වංචා, දූෂණ ඇති වීම සහ …

චැනලින් කරන අතරවාරයේ මනෝ වෛද්‍යවරයාට මානසික රෝගියා පිහියෙන් අනියි

(31.12.2016 – gossiplankanews.com) කොළඹ නවලෝක රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන (චැනලින්) සේවා සිදුවන අතරවාරයේ ඊයේ රෝගියෙකු මනෝ වෛද්‍යවරයකුට පිහියකින් ඇන පළායන්නට තැත් දැරීමේ සිදුවීමක් නිසා කලබලයක් හටගත්තා. ඊයේ (30 වැනිදා) සවස 4 ට පමණ එම රෝහල තුළ සුපුරුදු පරිදි සායන කටයතු ඇරඹීමෙන් පසු වෛද්‍යවරයා හමුවීමට පැමිණෙන රෝගී නාම ලේඛනයට ඇතුළත්ව සිටි මෙම රෝගියා තමන්ගේ වාරය අඬගසා …

ජනවාරියේ අගමැති වෙනස් වේ.. කතානායක කරු ජයසූරියට වැඩි කැමැත්තක්… එජාප මන්ත‍්‍රින් 15 ක් සූදානම්…

(30.12.2016 – 22:03 +0530 – lankacnews.com) රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ රජය ඉදිරියට ගෙන යෑම සඳහා නව අගමැතිවරයෙකු අනිවාර්යයෙන්ම පත්කල යුතු බවට රජයේ ප්‍රධාන කොටස්කාර පක්ෂය වන ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයේ සටන ජයගැන්මට බොහෝ ඉඩකඩ නිර්මාණය වී ඇත. ඒ අනුව කලක් සිට එජාපයේ තිරය පිටුපස සිටි නායකයින් කිහිප දෙනෙකුගේ බලාපොරොත්තුව ද ඉටු වෙන ලකුණු පහළ …

චීනයට හම්බන්තොට වරාය දීමත් සමග ලංකාව ලෝක බලවතුන්ගේ කෙලි බිමක් වෙයි…

(30.12.2016 – 16:40 +0530 – lankacnews.com) ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙසේ අදහස් පල කලේය : ‘‘ ‘Don’t catch anything what you can’t throw away.’ කියලා ඉංග්‍රීසි  කියමනක් තියෙනවා. අත් හැරිය නොහැකි කිසිවක් අල්ලාගන්න එපා කියන එකයි එහි තේරුම. අපේ අගමැතිතුමන් ඉංග්‍රීසි පොත් පමනක්ම කියවන කෙනෙක් උනත් අවාසනාවකට …

ප්‍රියංකරගේ ඉල්ලා අස්වීම ජනපති අතට ?

(30.12.2016 – 23:26 +0530 – lankatruth.com) පළාත් සභා හා පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් ජනපතිවරයා එම ඉල්ලා අස්වීම විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වෙයි. අද (30) පස්වරු 1.00 ට පමණ …