Monthly archives: ජනවාරි, 2017

ද්‍රවිඩ ජාතිකයන්ගේ පැහැරගැනීමට රියර් අද්මිරාල් අත්අඩංගුවට ගන්න ඉල්ලයි

(27.01.2017 – 18:14 +0530 – lankatruth.com) කොටහේන හා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයන් දෙදෙනකු වූ පක්කිලිසාමි යෝගනාදන් හා රත්නසාමි ප්‍රේමනානන්දන් යන දෙදෙනා ඔවුන් ගමන් කළ වෑන් රථය සමගම පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නාවික හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ නමැත්තා සහ තවත් බුද්ධ අංශ නිලධාරියෙකු අත්අඩංගුවට …

වරාය විකිණීමට එරෙහිව පෙබ. 01 දැවැන්ත විරෝධතාවයක්

(27.01.2017 – 12:34 +0530 – lankatruth.com) කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට අදාල වැදගත් තොරතුරු රාශියක් මේ වනවිට හෙළි වී තිබෙන බවත් ආණ්ඩුව රටේ මහජනතාවට හොරෙන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට අදාල ගිවිසුම අත්සන් කර ඇති බවත් එම නිසා රටට ලැබෙමින් තිබූ විශාල ආදායමක් අහිමි වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය, වරාය …

රු. 20 ලොතරැයිය එලෙසම තිබියදී රු. 50 කට දිණුම් වැඩි අලුත් ලොතරැයියක් – මුදල් ඇමැති

(27.01.2017 – 13:00 +0530 – lankaenews.com) ලොතරැයි මිල සම්බන්ධයෙන් මතු වූ ගැටළුව නිරාකරණය කරමින් රුපියල් 20 ලොතරැයිය එලෙසම තිබියදී වැඩි දිණුම් සහිත නව ලොතරැයියක් රුපියල් 50 කට හඳුන්වා දීමට ඉක්මනින්ම කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. මුදල් ඇමැතිවරයා මෙම ප්‍රකාශය කෙළේ අද(27) දහවල් ලංකා ඊ නිව්ස් විසින් ඔහු විමසූ අවස්ථාවේදීය. ජනාධිපතිතුමාගේ මතයද …

මින් පෙර බලයට පත් කිසිදු නායකයෙකුට නොතිබුණු තරම් ආත්මීය වගකීමක් මෛත්‍රීට ඇත්තේ ඇයි ? -අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (අංක 2) – වියන්ගේ වියමන

(27.01.2017 – 09:15 +0530 – lankaenews.com) 1948 සිට මැතිවරණයකින් පරාජයට පත්ව ඇති සෑම ආණ්ඩුවක්ම පරාජය වන මොහොතේ සිටියේ ඉතා දුර්වල තත්වයකයි. 1956 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ නැවතත් 1970 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, 1965 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව සහ 1977 වන විට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවත්, …

රතන මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.! – ජාහෙඋ සම සභාපති හිමියෝ වදාරති

(27.01.2017 – 11:30 +0530 – lankaenews.com) රතන හිමියන්ට මන්ත්‍රීධූරය හිමිවූයේ එක්සත් ජාතික පෙරමුණ දිනවීමට ඡන්දය දුන් ජනතාව නිසා බැවින් ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීමේ වගකීමෙන් හා යුතුකමින් බැහැරවෙනවා නම්  උන්වහන්සේ ප්‍රථමයෙන්ම මන්ත්‍රීධුරයෙන් ඉවත් වියයුතු යැයි ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ. එහිමියෝ එසේ පැවසුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. වැඩිදුරටත් අදහස් දැක්වූ …

අතුරුදහන් වූවන් ගැන වචනයක් ඉල්ලා උපවාස කළ පිරිස හමුවීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් වවුනියා යයි : සංවේදීව කතා කරයි : විසඳුමක් කියයි : උපවාසය තාවකාලිකව අත් හරියි

(27.01.2017 – 10:30 +0530 – lankaenews.com) යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන මෙන් රජයට බලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක්  වවුනියාව නගරයේදී පසුගිය 23 වෙනිදා සිට ආරම්භ කළ මාරාන්තික උපවාසය තාවකාලිකව දින දාහතරකට ඊයේ 26 දා සවස අවසන් වුයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන වවුනියාවට පැමිණ උපවාස කරුවන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙනි. උපවාසයේ නිරත 17 …

පේරාදෙණිය සරසවි සිසුවෝ සරසවියේ ගිලන් රථ රියැදුරුට පහර දී රියැදුරු රෝහලේ : සේවකයෝ වර්ජනය කරති

(26.01.2017 – 17:35 +0530 – lankaenews.com) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෝ තම සරසවියේ ගිලන් රථ රියැදුරාට සහ උපස්ථායකට පහර දීමේ ශෝචනීය සිද්ධියක් වාර්තා වේ. ගිලන් රථ රියැදුරෙකුට සහ උපස්ථායකයෙකුට ඇමසෝන් වනයේ ගෝත්‍රිකයෙකුවත් පහර නොදෙන කාලයක පේරාදෙණිය සරසවියේ සිසුන් මෙලෙස පහර දී තිබීම නින්දා සහගත ය. විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අසනීප වීම නිසා එම සිසුවා රෝහල වෙත රැගෙන …

‘‘අපිව රවටන්න හදනවා නම් ප්‍රශ්නය බේරා ගන්න අපි ජාත්‍යන්තරයට යනවා’’ – වෘත්තීය මාධ්‍යවේදීහු ජනාධිපතිට අනතුරු අඟවති

(25.01.2017 – 15:35 +0530 – lankaenews.com) ජනාධිපති කොමිසමක් ඉල්ලා තැපැල් පත් යැවීමේ ව්‍යාපාරය අරඹයි : ඔබත් එක්වන්න ඝාතනයට හා අතුරුදහන්කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොකර ජනමාධ්‍ය සහ සමාජය රැවටීමට ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නම් ප්‍රශ්නය බේරාගැනීම සඳහා ජාත්‍යන්තරයට යාමට සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති රාවය ප්‍රවෘත්ති කර්තෘ ලසන්ත රුහුනගේ මහතා පැවසීය. ඒ …

ආන්දෝලනාත්මක සුපිරි ඇමති බිහි කරන අමාත්‍යංශය හොරෙන් ම වැඩ පටන් ගෙන ද ?

(26.01.2017 – newsfirst.lk/sinhala) සංවර්ධන නියෝජිත ආයතනය නමින් නව ආයතනයක් ඇති කර තනතුරු සඳහා පත් කිරීම් සිදු කළේ කුමන පදනමකින්දැයි විපක්ෂය හා සිවිල් ක්‍රියාකාරීහු ප්‍රශ්න කරති. සංවර්ධන නියෝජිත ආයතනයක් ඇති කර ආයෝජන ඇතුළු කටයුතු සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් සකසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය. පසුව මෙම ආයතනය ස්ථාපිත කිරීමට අදාළ නීතිමය ප්‍රතිපාදන සංවර්ධන …

නන්දන ලොකුවිතාන සම්බන්ධවූ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි

(26.01.2017 – gossiplankanews.com) පසුගිය රජය සමයේ විවිධ සැකකටයුතු මුදල් ආයෝජනයන් නිසා ප්‍රසිද්ධවූ නන්දන ජයදේව ලොකුවිතාන සම්බන්ධ කරගෙන පසුගියදා හොරණ ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ කටයුතු ආරම්භවූ නමුත් මේ වනවිට එය අත්හිටුවා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දැනුම් දුන්නේය. පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් වොක්ස්වැගන් කම්හල ඉදිකිරීම අරඹා දිනකට පසුව අගමැති රනිල් හොරණ ප්‍රදේශයට ගොස්  මේ කියන …