Day archives: ජනවාරි 4th, 2017

බාර වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව අධිකරණය යලි යුද හමුදාවෙන් ඉල්ලයි

(04.01.2017 – 01:00 +0530 – lankaenews.com) යුද්ධයේ අවසන් දින කීපයේදී යුද හමුදාව වෙත බාර වුණු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ නාමලේඛනය ලබන ජනවාරි මස 30 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙස මුලතිව් දිසාවිනිසුරු එම්.එස්.එම්.සම්සුදීන් ජනවාරි 03 වෙනිදා යුදහමුදාවට නියෝග කොට තිබේ. දිසාවිනිසුරුවරයා එම නියෝගය කළේ යුදහමුදාව වෙත සාක්කි සහිතව බාරදුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිව් අධිකරණයේ …

සුදනන් ලෙස සුදු පිරුවට හැඳ සිටින දේසපාලුවන්ගේ කෙරුවාව හෙළිකරන සෙල්ල කතරගම ඇල්බට්ගේ අවනඩුව..!

(04.01.2017 – 00:25 +0530 – lankaenews.com) තම සුළු පියා සහ ඔහුගේ මල්ලීගේ තිරශ්චීන ඝාතන ගැනත්, සුළු පියා විසින් 1965 සිට වගා කරගෙන ආ ඉඩම අසාධාරණ ලෙස මංකොල්ලා කෑම ගැනත් සුළු පියාගේ සහ මල්ලීගේ සොහොන් කොත් දෙකයි තම නිවසයි විනාශ කිරීම ගැනත්, සෙල්ල කතරගම කේ. ඒ. ඇල්බට් සතරසිංහ නමැති පීඩිතයාගේ අවනඩුව සම්බන්ධ වාර්තාවක් ලංකා ඊ නිව්ස් …

එදා ඉදිකරලා හොරකම් කළා – අද විකුණලා හොරකම් කරනවා

(03.01.2017 – 15:27 +0530 – lankatruth.com) හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවිය යුත්තේ මහජනතාව බවත් වරාය ජනතාවගේ සම්පතක් බවත් එය විකුණා දැමීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ආණ්ඩුවේ මෙම විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත අරගලයක් කරන බවත් එහි මූලික පියවර ලෙස දිවයින පුරා පත්‍රිකා බෙදාහැරීමක් හෙට ආරම්භ කරන …