Monthly archives: මාර්තු, 2017

රියර් අද්මිරාල් සරත් වීරසේකර මානිවන්නන්ට බඩ පුරා දෙයි – කීර්ති වර්ණකුලසූරිය (ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිට)

(26.03.2017 – divaina.com) රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති හොර සංවිධානයේ මාධ්‍ය ඇමැති යෑයි හඳුන්වා ගත් මානිවන්නන් තක්‌කඩියෙකි. විදේශ ඇමැති මංගල සමරවීර මානව හිමිකම් සමුළුවේ දේශනය පවත්වා ශාලාවෙන් නික්‌ම යන අවස්‌ථාවේ මානිවන්නන් “බොරුකාරයා” යෑයි කෑගැසීය. එහෙත් මේ කොටි හිතවාදියාට පසුගිය සඳුදා රියර් අද්මිරාල් සරත් වීරසේකර ගෙන් නිසි ප්‍රතිචාරය ලැබිණ. සරත් වීරසේකර මානව හිමිකම් කවුන්සිලයේ සාමාන්‍ය රැස්‌වීමකදී …

පිළිකාවේ චණ්‌ඩිකම් ඉවරයි ; කරවිල වීරයා බිහිවෙයි ; අතුරු අබාධ නෑ වයස්‌ බේදයකින් තොරව පාවිච්චි කල හැක

(26.03.2017 – divaina.com) අපේ සිංහලයා ආදි කාලයේ පටන්ම තමන්ගේ සෞඛ්‍ය ගැන බොහොම කල්පනාවෙන් විමසිල්ලෙන් කටයුතු කළ බව නොරහසක්‌. හෙළ වෙදකම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරමින් ආදිතම මිනිසා නීරෝගී සම්පත්තිය ලැබුවේ ඒ නිසයි. ඇතැම් රෝග තත්ත්වයන්ට එදා ඔසුවක්‌ සේ හෙළයා තමන්ගේ බත්පතට ගත් ආහාර අද වැඩිදුර අධ්‍යයනයන් ඔස්‌සේ විවිධ රොගයන්ට ප්‍රතිකාර ලෙස ලබා ගන්නා අන්දම …

ගෝඨාභය රාජපක්‌ෂ කලකට පසු යළිත් ඇත්ත හෙළිකරයි : හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාව ; හෙන්දාවිතාරණ කළේ ඩෙස්‌ක්‌ ජොබ් එකක්‌

(26.03.2017 – divaina.com) දිනෙන් දින ඉහළ යන ආරක්‌ෂක බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සමාජයේ ඇතිවී තිබෙන කතාබහ පිළිබඳ සංවාදය සඳහා හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කරන සාකච්ඡාවයි මේ : ප්‍රශ්නය – ත්‍රස්‌තවාදය ජයගැනීම සදහා ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ප්‍රධානියා ඔබ. ඔබ යටතේ සේවය කළ නිලධාරීන් බොහෝ දෙනකුට අද චෝදනා …

අනාගතය බාර ගැනීමට සිටින පරපුරක චින්තනයේ දුගී බව හෙවත් ලලිත්ට අකාරුණික වීම – චාමර ලක්ෂාන් කුමාරගේ සටහන

(26.03.2017 – 00:30 +0530 – lankaenews.com) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදි කළ නේවාසිකාගාරයක් දිවංගත අමාත්‍ය “ලලිත් ඇතුළත්මුදලි” ගේ නමින් නම් කිරීම පිළිබඳව එහි ශිෂ්‍ය ප්‍රජාව උරණ වීමෙන් පෙන්නුම් කරනුයේ රටේ අනාගතය භාර ගැනීටම සූදානමින් සිටින පරපුරක චින්තනයේ දිළිඳු බව මිස වෙනෙකක් නොවේ. එක් අතකින් මේ පිළිබඳව අප කම්පා විය යුතු නැති තරම් ය. ඒ, රටේ බුද්ධිමත් …

සමස්ථ රාජ්‍ය අයෝජනයෙන් භාගයක්, රු.බිලියන 275 ක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට පුද්ගලික අංශය ආයෝජනය කරලා : දැන් රැකියා වියුක්තිය 4% යි : පිටරට ශ්‍රමිකයන් ලක්ෂ 2 ක් ලංකාවේ වැඩ – ඇමැති චම්පික

(26.03.2017 – 06:45 +0530 – lankaenews.com) අන්තර් ජාතික මූල්‍ය ආයතනවල සමීක්‍ෂණයන්ට අනුව රටේ ප‍්‍රගතියක්, ඉදිරිගමනක් පෙන්වා ඇත්තේ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර දෙකක පමණක් බවත්, එනම් සංචාරක ව්‍යාපාරය සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය බව පවසන මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය පමණක් පෞද්ගලික අංශයේ ව්‍යාපෘති 100 කට ආසන්න ප‍්‍රමාණයකට අනුමැතිය දී …

වීරවංශගේ උපවාස නාඩගම සහ දුව විකුණා ඇප ලබා ගැනීමේ නාඩගම : කාසල් රෝහලට ඇතුලත් කළ යුතු තරුණියක් ළමා රෝහලට ඇතුලත් කෙළේ කොහොමද ?

(25.03.2017 – 17:50 +0530 – lankaenews.com) මහජන මුදල් රුපියල් කෝටි 9 කට අධික මුදලක් අපහරණය කරමින් රජයේ වාහන 40 ක් තම පවුලේ නෑදෑයන්ට සහ තම පක්ෂයේ හෙංචයියන්ට බෙදා නීත්‍යානුකූලව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නෛසර්ගික බොරු කාරයෙකු වන විමල් වීරවංශ ඇප ලබා ගැනීම සඳහා අධිකරණයද මුලා කිරීමට සිය දරුවන් විකුණමින් සිටී. ඔහු 22 දා රිමාන්ඩ් …

වනාන්තර වැනසීමට කැබිනට් අනුමැතිය

(24.03.2017 – lankatruth.com) ජනාධිපති මෙන්ම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අංක 08/2017 දරන කැබිනට් පත්‍රිකාව මගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ “වනාන්තර ඉඩම්වලින්” සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වැනි දා කැබිනට් අනුමැතිය …

වැවට නාන්න එන කාන්තාවන් උස්සා කප්පම් ඉල්ලන කල්ලියක්

(22.03.2017 – 13:33 +0530 – lankadeepa.lk) මඩකළපුව – උත්තච්චිය වැව්කොමලියගේ පහස ලබමින් පෙම් සුව විඳීමට එන පෙම්වතුන් හා පෙම්පතියන්ගෙන් මෙන්ම දියනෑමට එන අයගෙන් සති අන්ත නිවාඩු දිනවල වැව් ඉස්මත්ත පිරී ඉතිරී යනු දක්නට ලැබේ. ඒත් අනෙක් දිනවල එතරම් සෙනඟක් වැව ආශ්‍රිතව ගැවසෙන්නේ නැත. තරුණ අඹු සැමි යුවළක් උත්තච්චිය වැවට සතියේ දවසක පැමිණ දියනා වැව ඉස්මත්තේ …

රතුපස්වල වතුර ඉල්ලූ අසරණ ජනයාට වෙඩි තැබූ හමුදාවේ 3 ක් අත් අඩංගුවට : 3 දක්වා රිමාන්ඩ් : මිනිමරු බ්‍රිගේඩරයා නිදැල්ලේ..!

(25.03.2017 – 06:25 +0530 – lankaenews.com) බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා මාධ්‍යවේදීන් ඇතුළු 39 කට අධික පිරිසකට බරපතල තුවාල සිදුකළ ම්ලේච්ඡ අපරාධයට වගකිව යුතු යුද හමුදා සාමාජිකයන් තිදෙනකු ඊයේ (24) රහස් පොලිසිය විසින්  අත්අඩංගුවට ගත්තේය. අත් අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සැරයන්වරු දෙදෙනෙක්ද වෙති. සැකකරුවන් ඊයේ සවස …

දියුණු ලෝකයට අවශ්‍ය පහසුකම් රැසක් සමග ලංකාවේ ප්‍රථම ‘ස්මාර්ට් බස් නැවතුම්පොල’ ටවුන්හෝල් හි විවෘත කරයි

(25.03.2017 – 05:30 +0530 – lankaenews.com) ලංකාවේ ප්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට පසුගියදා විවෘත කරන ලදී. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිත ‘ස්මාර්ට් නගර’ යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් හි  නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත. ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම …