Day archives: මාර්තු 6th, 2017

අපරාධ කරන්නේ හිටපු එල්ටීටීඊ අය සහ හමුදාවෙන් පැන ගිය අය : අපරාධ රැල්ලක් නෑ : මර්දනය කරනවා – පොලිස්පති

(06.03.2017 – 19:30 +0530 – lankaenews.com) ඉතා ඉක්මනින්ම පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ලබාගෙන පාතාල කල්ලි මර්දනය කිරීමට පියවර ගන්නා බව පොලිස්පති පූජිත ජයසුන්දර අද මාර්තු 06 දා දහවල් වවුනියාවේදී  පැවසීය. පොලිස්පතිවරයා වවුනියාව පොලිස් සංකීර්ණයේ ඉදි කළ සාම චෛත්‍යය විවෘත කිරීම ඇතුළු වැඩසටහන් ගණනාවකට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පොලිස්පතිවරයා මේ බව …

‘ගන්සයිඩ්’ භූගත සිරමැදිරි වල රඳවා කප්පම් අරන් පසුව මරා සිරුරු අතුරුදහන් කළ හැටි..! රණවිරුවා සහ යුද අපරාධකරුවා හඳුනාගන්න..! කප්පම් සඳහා සිසුන් ඝාතනය කළ නාවික හමුදා ඝාතක කල්ලිය ගැන මෙතෙක් හෙළි නොවූ කතාව..!

(05.03.2017 – 11:00 +0530 – lankaenews.com) යුද්ධයක ඇත්තේ එකම එක ධර්මතාවයකි. එනම් තමා ඉදිරියේ සිටිනා සතුරා නසා දැමීම හෝ  එය කළ නොහැකි වුවහොත් සතුරාගේ ප්‍රහාරයට ලක්වී මිය යාම පමණි. සතුරා නැසුවහොත් තමා දිනුම්ය. රණවිරුවෙකු ලෙස සම්මානයට පාත්‍ර වන්නේය. නැතහොත් තමන්ට ජාතික කොඩියකින් වැසූ මිනී පෙට්ටියක් හිමි කර දී සතුරා ජය ගන්නවා ඇත. මෙම ක්‍රියාවලියේදී කෙතරම් …

රණවිරුවන් දඩයම් කරන්නේ කවුද? – හිටපු එස්ටීඑෆ් කොමඩාන්, ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නිමල් ලෙව්කේ අසයි

(05.03.2017 – 11:00 +0530 – lankaenews.com) දශක තුනක් තිස්සේ පැවැති කුරිරු යුද්ධයෙන් ශ්‍රී ලාංකික වාසීන් වන අප  ඉගෙනගත් පාඩම් රාශියක් ඇත. මෙම වකවානුවේ  කුරිරු යුද්ධයෙන් රට ගලවාගැනීමට ත්‍රිවිධ  හමුදාව, ‍පොලීසිය හා විශේෂ කාර්ය බළකාය විසින් ඉතා කැපවීමකින් යුතුව තමන් හට පවරන ලද රාජකාරිය සාර්ථකව ඉටු කළහ. කුරිරු ගරිල්ලා යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂක හමුදාවන්ගේ සහ ‍පොලිස් …

එදා සියයට අසූවක් මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන් උතුරේ ජනයා, අද ජනාධිපති යාපනයට යද්දී මග අවුරා විරෝධය පාති

(04.03.2017 – 23:20 +0530 – lankaenews.com) යුද්ධය හමාර වී වසර අටක් ගත වී ඇතත් ජනතාව සිත් වලින් එකමුතු වී නැති බවත් ජනතාවගේ සිත් එකමුතු කිරීම සදහා සියළුම දෙනා පක්ෂ ජාති හා ආගම් භේදයකින් තොරව එක්විය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාර්තු 04 වෙනිදා දහවල් යාපනයේ ජනතාව අමතමින් පැවසීය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ ”ජනපතිට කියන්න” නමින් වූ …

රැකවල් යොදා සිටියදී සැකකරු පැන ගියාට මන්නාරම පොලිසියේ 3 ක ගේ වැඩ තහනම්..!

(04.03.2017 – 23:30 +0530 – lankaenews.com) මන්නාරම පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මාර්තු මස 03 වෙනිදා සිට අත්හිටුවා තිබේ. මන්නාරම පොලීසිය මගින් අත් අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ ආරක්ෂාව මැද  රෝහල් ගත කොට සිටියදී ඔහු මාර්තු 02 දා රාත්‍රී රෝහලෙන් පැන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව …