Day archives: මාර්තු 12th, 2017

හම්බන්තොට වරාය විකිණිමට සූදානම් – වරාය සේවක විරෝධතා සූදානම්

(11.03.2017 – 21:01 +0530 – lankatruth.com) ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට අයත් හම්න්තොට වරාය චීනයේ CM Port සමාගමට විකිණීමට අදාල ගිවිසුම හා අදාල කැබිනට් පත‍්‍රිකාව මේ මස 14 වැනිදා අමත්‍ය මණ්ඩලයට යොමු කිරීමට ඇමතිවරයා තීරණය කර ඇති අතර ඊට එරෙහිව ලබන 13 වනදා දහවල් 12.00 ට කොටුව ඛාන් ඔරලෝසු කණුව අසලදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති …

මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළක්

(11.03.2017 – 07:05 +0530 – lankadeepa.lk) රුපියල් කෝටි 15 ක පමණ හෙරොයින් තොගයක්   අත්අඩංගුවට ගත් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා  සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා විශේෂ ඇගයීමකට ලක් කරමින් ලබන සතියේ මුදල් ත්‍යාග   සහ වෘත්තීය දීමනා ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා  පැවසීය. විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය වැටලීම් සාමාන්‍යයෙන් කරන්නේ ඊටම විශේෂ …

ලෝක ග්ලුකෝමා සතිය හෙටින් ඇරඹෙයි

(11.03.2017 – 16:59 +0530 – sinhala.adaderana.lk) ලෝක ග්ලුකෝමා සතිය හෙටින් (12-03-2017) ආරම්භ වන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පවසයි. එම කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය පී.ඩී.එස්.පී දිසානායක මහතා සඳහන් කළේ එය හෙට සිට ලබන 18 වනදා දක්වා පැවැත්වෙන බවයි. ලෝක ජනගහණයෙන් මිලියන 4.2 ක ප්‍රමාණයක් ග්ලුකෝමා නිසා ඇති වන අන්ධ භාවයෙන් පෙළෙන බව එම කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ …

ත්‍රිකුණාමලයේදි කාලතුවක්කුවට සිරවූ සිසුවිය රෝහලේ

(11.03.2017 – 12:14 +0530 – lankatruth.com) අධ්‍යාපන චාරිකාවක් අතරතුරකදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී කාලතුවක්කුවකට සිරවී අනතුරට පත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක දින තුනක් තිස්සේ ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ගම්පහ සිට ත්‍රිකුණාමලයට පාසලෙන් අධ්‍යාපන චාරිකාවකට සිසුවියන් රැගෙන ගොස් ඇතැයිද ඔවුන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ …

ඊයේ (10-03-2017) රාත්‍රී කල විශේෂ මෙහෙයුමකින් 1246 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

(11.03.2017 – 18:48 +0530 – hirunews.lk/sinhala) ඊයේ (10-03-2017) රාත්‍රී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකල විශේෂ මෙහෙයුමකින් ලියාපදිංචි අපරාධකරුවන් ඇතුලු 1246 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 11795 දෙනෙකු සහභාගී වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ලියාපදිංචි අපරාධකරුවන් 110 ක් / ගුවන් හමුදාවෙන් පළාගිය භටයන් …