Day archives: මාර්තු 20th, 2017

ඇමති චම්පික නැවතත් ගුරු වෘත්තියට : සිරිමුතු උයනේ ළමයින්ට විද්‍යාව ගණිතය උගන්වයි

(18-03-2017 – facebook.com/PataliChampika/) සිරිමුතු උයනට ප‍්‍රජාශාලාවක්. බ්ලූමැන්ඩල් සහ වරාය අවට පැල්පත්වාසීන්ට ජයමග සෙවණ භාර කෙරේ. අමාත්‍යවරයා සිරිමුතු උයනේ පළමු ගුරුවරයා ලෙස දරුවන්ට විද්‍යා ගණිත දැනුම ලබාදුන්නේ, සිරිමුතු උයන නිවාස ලාභීන්ට අඩුවක්ව පැවැති ප‍්‍රජා ශාලාවක් අද(18) උදෑසන විවෘත කිරීමට එක්වෙමිනි. මෙම ප‍්‍රජාශාලාව ඉදිරියේදී ළමුන්ගේ අධ්‍යාපනය කලා කුසලතා මෙන්ම සිරිමුතු උයන නිවාස ලාභීන්ගේ පොදු කටයුතු සිදු කර …

ඩඩල සේන-සිරි ටත් ‘ජනා උණ’ වැළඳේ : ඩඩල සහ මයිසිරි ගේ අපාය සහාය ලේකම් රාජපක්ෂ හොරුන් වෙනුවෙන් බැංකු වලට බලපෑම් කරති

(19.02.2017 – News e Lanka) මෙතෙක් කලක් ආණ්ඩුවේ වැඩ වලට ඇඟිලි ගසන්නට නොපැමිණි ජනා සොයුරු ඩඩල සේන-සිරි සහ ජනාගේ ‘අපාය සහාය ලේකම්‘ ශිරාල ලක්තිල¤ දෙදෙනා රාජපක්ෂ සොරුන් වෙනුවෙන් රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට බලපෑම් කළ නීච සිද්ධියක් ‘නිව්ස් ඊ ලංකා’ වෙත වාර්තා වේ. රාජපක්ෂ පුතුන්ගේ කළු සල්ලි අඩංගු ගිණුම් රාශියක් මේ වන විට අධිකරණ නියෝග අනුව තහනම් …

‘කන්න දෙන අත හපා කා’ පේරාදෙණිය සරසවියේ නරුමයන්ගේ තරම යලි හෙළිකරයි…!

(19.03.2017 – 11:25 +0530 – lankaenews.com) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් හාරසියයකට නේවාසික පහසුකම් සහිත කාමර සියයකින් යුතුව අලුතින් ඉදිකරන ලද සිව් මහල් නේවාසිකාගාරය විවෘත කිරීමට නියමිතව තිබියදී කිසියම් පිරිසක් විසින් එහි අනුස්මරණ නාම ස්ථම්භය විනාශ කොට තිබේ. ඊට හේතු වී ඇත්තේ එම අනුස්මරණ නාම ස්ථම්භයේ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නම සඳහන් වීමයි. විශ්ව විද්‍යාල සිසුන් සඳහා …

විමල් ධීරසේකර යනු මහාචාර්ය සරත් විජේසූරිය යයි පිට පොට ගසා ගත් මලිත් ජයතිලක ගොනාට ඇඳලා..! ඔප්පු කළ හැකි නම් මලිත්ලා සුරකින මිනීමරුවන් ලවා තමා ඝාතනය කිරීමට ඉඩ දෙන බව මහාචාර්යතුමා කියයි

(18.03.2017 – 23:45 +0530 – lankaenews.com) ලංකා ඊ නිව්ස්හි පළවූ “සිසුන් මැරූ නාවික හමුදා ඝාතකයන් බේරා ගැනීමට ඒ පාර මෛත්‍රී සැඟවී ජාතික ලැයිස්තු ඇම්බැට්ටයෙක් එවලා“ නමැති විමල් ධීරසේකර ලියූ ලිපියෙන් චෝදනා කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක නමැත්තා එය කියවා පිට පොට ගසා ගෙන එය ලියුවේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා යැයි සිතා ඔහු අමතා අවලාද …

රෝහලේ විදුලි සෝපානය හිරවේ : ‘‘ප්‍රමිතියෙන් ඉහළ’’ රජයේ රෝහල ඇතුළේ සිර වූ පිරිස ‘‘බේරාගත්’’ අපූරුව ගැන පරීක්ෂණයක් ඕනෑ..!

(18.03.2017 – 20:35 +0530 – lankaenews.com) වවුනියාව මහරෝහලේ විදුලි සෝපානයක් අක්‍රිය වී ඒ තුළ සිරවූ පුද්ගලයින් හත් දෙනෙකු බේරා ගැනීමට රෝහල් නිලධාරීන්ට විනාඩි හතළිහකට වඩා අධික කාලයක් ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එම පිරිස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. රෝගියෙකු බැලීම සදහා මාර්තු 18 දා එම රෝහලේ හතරවෙනි වාට්ටුව වෙත යමින් සිටියදී එක්වරම විදුලි …

‘‘විශේෂ අධිකරණයකට විදේශ විනිසුරුවන් පත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ නෑ’’ : ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක් දෙනවාට ටීඑන්ඒ විරුද්ධ වෙයි

(18.03.2017 – 21:00 +0530 – lankaenews.com) ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීමට  ලබාදී ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට තවදුරටත් අමතර  කාලයක්  ලබාදීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය විරෝධය පල කොට සිටිති. මාර්තු මස 23 වෙනිදා ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සහභාගිවීම පිණිස මාර්තු 18 දා දිවයිනෙන් බැහැරව ගිය දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු …

වෛද්‍ය ජෝන් පුල්ලේගේ සියළු දෑ ගිනි තැබූ පාපතරයන්ට වසර 9 කට පසු දඬුවම් හිමිවීම සහ හද පාරන මතකයක් අවදි වීම – චාමර ලක්ෂාන්ගේ සටහන

(18.03.2017 – 08:20 +0530 – lankaenews.com) ප්‍රමාද වී යුක්තිය ඉටුවීම කෙතරම් සාධාරණ ද යන්න තවමත් විසඳුම් නොමැති ප්‍රශ්නාර්ථයක් වුවද, ඉටු නොවී තිබෙනවාට වඩා පමාවී හෝ එය ඉටු වීම වැදගත්ය. වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ පිහිටා තිබූ නි‍වස හා වෛද්‍ය මධ්‍යස්ථානය පොළොවට සමතලා කළවුන්ට එම අපකීර්තිමත් සිදුවීම සිදුව වසර 09 කට පසුව හෝ දඬුවම් …