Monthly archives: අප්‍රේල්, 2017

මෛත්‍රී එක කුණු ඇණයක් ගලවා රටට බලපෑ කුණු කඳු භාගයක්ම ඉවත් කරයි..! බොරු වාර්තා දුන් මධ්‍යම පරිසර අධිකාරියේ දූෂිත අධ්‍යක්ෂ ජෙනරාල් ගෙදර..!!

(30.04.2017 – 07:30 +0530 – lankaenews.com) මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ ඛෙදවාචකයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මධ්‍යම පරිසර අධිකාරිය තුල වසර ගණනක් පුරා තිබූ කුණු ඇණයක් ගලවා රටටම බලපෑ කුණු කඳු භාගයක්ම ශුද්ධ කර දමා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මේ කියන කුණු ඇණය නම් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එච්. මුතුකුඩ ආරච්චි …

කලාප නිරීක්ෂණයට ඇමරිකාව කොල්ලුපිටියට.. විදෙස් බුද්ධි අංශ අනතුරු අඟවයි..

(29.04.2017 – 18:48 +0530 – lankacnews.com) කොළඹ කොල්ලුපිටිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් අක්කර හයක භූමිය ඊට යාබද ඇමරිකානු තානාපති කාර්යාලය මිලදී ගැනීමත් සමඟ රටවල් කිහිපයක බුද්ධි අංශ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇතැයි දැනගන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය ඇතුළු රටවල් සිය බුද්ධි සේවා පවත්වාගෙන යාම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් …

පට්‌ පට්‌ගාලා සම්තිං සෙවීම පටන් ගත්තේ අවුරුදු 33 කට ඉස්‌සර

(30.04.2017 – divaina.com) ටෙලි නාට්‍යයක්‌ ලෙස එදා ජනප්‍රිය වූ පළිඟු මැණිකේ කෘතියක්‌ ලෙස මැයි මස 3 වැනිදා සවස 3.30 ට කොළඹ ආනන්ද කුමාරස්‌වාමි මාවතේ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී දොරට වඩී. ‘සෝමවීර, ධම්ම සහ පළිඟු මැණිකේ’ මැයෙන් පැවැත්වෙන එම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පළිඟු මැණිකේ තිර රචනය ග්‍රන්ථයක්‌ ලෙස පළ කරන සරසවි ප්‍රකාශන සමාගමේ අනුග්‍රහයෙන් ටෙලි …

මරාගෙන මැරුණු ජපනාගේ සිට මරාගෙන මැරෙන්න හදන වෘත්තීය සමිති දක්වා ත්‍රිකුණාමල තෙල් ටැංකි තවානේ නිදාන කථාව – චාමර ලක්ෂාන්ගේ සටහන

(29.04.2017 – 22:00 +0530 – lankaenews.com) ඉඳහිට කථාබහට ලක් වන ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි පිළිබඳ කතිකාවක් ගෙවුණු සතියේ රටේ ඇතිවුණේ, ඛනිජ තෙල් සංස්ථා සේවකයන් දියත් කළ එක්දින වැඩ වැරුමත් සමඟය. වර්ජනයට විෂය වූ කරුණු කාරණා අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ කාරණයක් ද විය. නැ‍ඟෙනහිර පළ‍ාතේ පිහිටි ත්‍රිකුණාමලය අතිශය වැදගත් මර්මස්ථානයක් වී ඇත්තේ මූලිකවම එහි භූදේශපාලනික වැදගත්කම නිසා …

බිය වර්ධන වැඩ වර්ජන..! නන්දිවිසාල වෘෂභ රාජයාගේ සිට වත්මන් රා බී වෙරි වූ මීයන් දක්වා..!! – භාතිය බරුකන්දගේ සටහනක්

(29.04.2017 – 01:00 +0530 – lankaenews.com) “සහෝදරයා ඉස්ට්‍රයික් එකක් කියන්නේ ඕමි ගහනවා වාගේ බොහෝම කල්පනාවෙන් කරන්න ඕනෑ දෙයක්. අපි ගහන ආසියා අනෙක් පැත්තෙන් ගහන හතේ කොළේකින් කැපිලා යන්න පුළුවන්. එහෙම නැතිනම් මස්ත බාල්දු වෙන්න පුළුවන්“ මේ පැරණි වෘත්තීය සමිති නායකයෙක් මෙම ලියුම්කරු සමග “වැඩවර්ජන“ ගැන තම අත්දැකීම ප්‍රකාශ කළ ආකාරයයි. මේ කරුණ ගැනම ලියුම්කරු මෙරට …

ශ්‍රී ලංකාවේ සෑම වසරකම 01 ශ්‍රේණියට ඇතුළත් වන ළමයින් 4500 කට ‘ඔටිසම්’ – සමාජශීලී බව අඩුයි ; ප්‍රතිචාර දැක්‌වීම අඩුයි

(29.04.2017 – divaina.com) ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව ළමයින් 93 දෙනකු ගෙන් එක්‌ අයකු ඔටිසම් තත්ත්වයෙන් පසුවන බවත්, එයට සමගාමීව ශ්‍රී ලංකාවේ පාසල්වලට වාර්ෂිකව පළමු ශ්‍රේණියට ඇතුල් කරන ළමයින් 4500 ක්‌ පමණ එම තත්ත්වයට ගොදුරු වී ඇති බවත් (26 වැනිදා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් මුස්‌තාපා, සෞඛ්‍ය …

ෆොන්සේකාට ආරක්‍ෂක අංශවල බලය පැවරීම ආලවක යක්‍ෂයාට රට භාර දීමක්‌ – ජයන්ත සමරවීර

(29.04.2017 – divaina.com) සරත් ෆොන්සේකා මහතාට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශවල බලය පැවරීම ආලවක යක්‍ෂයාට රට භාර දීම වැනි භයානක දෙයක්‌ බව ජාතික නිදහස්‌ පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. පිටකෝට්‌ටේ පිහිටි ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමින් එසේ කී ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් …

යෝධ විදේශ ණය කන්දක් ශ්‍රී ලංකාව මතට වැටුණු හැටි…! – මහාචාර්ය නිමල් සඳරත්න විස්තර කරයි

(29.04.2017 – 01:00 +0530 – lankaenews.com) ණය වාරික සහ පොලී වාරික ගෙවීම බරපතල ප්‍රශ්නයක් බවට පත් කරන තරමට ශ්‍රී ලංකාවේ විදේශ ණය එකතුව ඔරොත්තු නොදෙන මට්ටමක පැමිණ තිබේ. විශේෂයෙන් පසුගිය දශකයක කාලය තුළ එක්කාසු වී, අතීතයේ සිට ගොඩගැසෙමින් පැවත විත්, අද වන විට ඩොලර් බිලියන 47 ක් පමණ වන යෝධ විදේශ ණය කන්දරාවේ වාරික සහ …

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් තවමත් අතුරුදන්

(28.04.2017 – 21:23 +0530 – hirunews.lk/sinhala) පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන ගිය ගම්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ අප පසුගියදා වාර්තා කළා. කෙසේ වෙතත්, මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු තවමත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙන් විමසීමට උත්සාහ ගත්තත් එය සාර්ථක වුණේ නැහැ. ගම්පොල – පුපුරැස්ස …

මැයි රැලියට සෙනග ගේන්න රාජිත රාජ්‍ය සේවකයන්ව අවභාවිතාවේ යොදවයි

(28.04.2017 – lankatruth.com) මැයි 01 ට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පවත්වන මැයි රැලිය සඳහා පිරිස් බලය පෙන්වීට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය සේවකයන්ට බලපෑම් කරමින් බලහත්කාරයෙන් එම රැලිය සඳහා යොදවා ගනිමින් සිටින බව වාර්තා වේ. 2017/04/27 දිනැතිව “2017 මැයි 01 කම්කරු දිනය නිමිත්තෙන් පවත්වනු ලබන මැයි රැලිය සම්බන්ධවයි” යන හිසින් යුතුව සෞඛ්‍ය …