Monthly archives: මැයි, 2017

වැල්ලවත්තේ බිල්ඩිම කඩාවැටීමෙන් මිය ගිය අයට සාධාරණය ඉටු වූයේ නෑ

(31.05.2017 – 18:38 +0530 – sinhala.adaderana.lk) පසුගිය දශක දෙක තුනක පමණ සිට සිදුවූයේ විධිමත් නොවූ සංවර්ධනයක් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අයුරින් කටයුතු කර සංවර්ධනය තම සොහොන්බිම බවට පත් නොකරගත යුතුව ඇති බව අමාත්‍යවරයා කියා සිටියි. අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක අමාත්‍යවරයාගෙ අදහස වැඩිදුරටත් මෙසේ පැහැදිලි කර තිබුණි. …

නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වෙනස් වුණේ මෙහෙමයි

(31.05.2017 – 13:08 +0530 – sinhala.adaderana.lk) රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් දිවුරුම් දී ඇති බව සඳහන්ය. ඒ අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය …

නායයාම් හා ජලගැලීම් – මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි !

(31.05.2017 – 07:54 +0530 – sinhala.adaderana.lk) නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 202 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව  ඇති අතර 63 දෙනෙකු තුවාල ලබා ඇති බවය. මේ වන විට වර්ෂාපතනයත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් …

ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

(30.05.2017 – 22:29 +0530 – sinhala.adaderana.lk) අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සමගම් හිමිකරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඔන්ලයින් (On line) ක්‍රමය හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙමිනි. මෙම අවබෝධතා ගිවිසුමට අද (30) කර්මාන්ත …

විනාශයට පත් නිවාස කඩිනමින් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

(30.05.2017 – 17:02 +0530 – sinhala.adaderana.lk) ගං වතුරෙන් සහ නාය යෑම් හේතුවෙන් විනාශයට පත් වූ සියළුම නිවාස නැවත ඉදිකිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. දිවයිනට බල පා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ නිවාස 5329 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක …

ආපදා මරණ 194 දක්වා ඉහළට – 99 ක් තවමත් අතුරුදන්

(30.05.2017 – 18:53 +0530 – hirunews.lk/sinhala) පවතින ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 194 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 99 දෙනෙකු තවදුරටත් අතුරුදන් බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කලේ. දිස්ත්‍රික්ක 15 කට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්වූ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තැ පන්දහස ඉක්මවා තිබෙනවා. වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ මාතර …

පොලිස් නිළධාරීන්ගෙ වත්කම් හා ආදායම් වහා ප්‍රසිද්ධ කරන්න..

(30.05.2017 – 15:50 +0530 – lankacnews.com) පොලිස් නිළධාරීන්ගෙ වත්කම් හා ආදායම් වහා ප්‍රසිද්ධ කරන්න ලෙස දන්වන ලෙස සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී. මේ බව සදහන් කරමින් එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය : අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති මන්දීරය, කොළඹ. ගරු ජනාධිපතිතුමනී, පොලිස් නිළධාරීන්ගෙ වත්කම් හා ආදායම් …

මේක ශාපයක් ‘රාජා භවතු ධම්මිකො’ කියලා ඇඟ බේරා ගන්න සූදානම් නෑ..

(30.05.2017 – 06:34 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය. ”අධික වැස්ස හේතුවෙන් නාය යෑම් ජල ගැලීම් ආදියෙන් විපතට පත් සියළුම දෙනාට අපේ සංවේගය පල කරන අතර සියළු භේද පසෙක ලා විපතට පත් ජනතාවට සහන සැලසීමට එක් වන මෙන් …

විපතට පත්වූවන්ට රටවල් 18 කින් විදෙස් ආධාර ගලා එයි

(30.05.2017 – 18:45 +0530 – lankaenews.com) රට තුල පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින අතර  මේ වන විට ප්‍රධාන පෙළේ රජ්‍යයන් 18 ක් ශ්‍රී ලංකාවට විවිධ අයුරින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අතර ඕස්ට්‍රේලියාව ඉන්දියාව පාකිස්ථානය ඊශ්‍රායලය අද ආධාර රැගෙන ආහ. අද පෙරවරුවේ කොළඹ වරායට ළඟා  වූ ඉන්දියාවේ තුන් වන …

සුරතල් කියුම් එපා කියන්න මිහිරේ ; ඔබෙ බොළඳ කථා රටට කරදරේ

(30.05.2017 – 21:00 +0530 – lankaenews.com) පසුගිය වසරේ ජාතික රුක් රෝපන දිනය ජනපති ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලේදී පැවත්විනි. එය නම් කර තිබුනේ රුක්රෝපා වැඩසටහන යනුවෙනි. දැනට සියයට විසිනමයක් ව (29%) පවතින වන ගහණය සියයට තිස්දෙක (32%) දක්වා වැඩිකිරීමටත්  වැලි ජාවරම මැඩලීමටත් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව පරිසර ඇමැති වරයා ද වන ජනාධිපති තුමා එහිදී ප්‍රකාශ කළේය. නීත්‍යානුකූල …