එක ගිණුමක ඩො. මි. 1086 යි..! තව එකක ඩො.මි. 1800 යි..! තවත් එකක ඩො.මි. 500 යි..! රාජපක්ෂලාගේ ඩොලර් බිලියන ගණන් කලු සල්ලි තැන්පත් කළ විදෙස් ගිණුම් වලට වූ දේ රාජිත හෙළිකරයි (විඩියෝ)

(06.01.2017 – 04:20 +0530 – lankaenews.com)

සඳරුවන්ට නඩුවක් නැතිව රතු වරෙන්තු නිකුත් කළ අධිකරණය උදයංගව බේරුවා – රාජිත

ගෝඨාභය රාජපක්ෂ මිග් ගනුදෙනුවේදී යුක්රේනයේ ජනාධිපතිගේ අත්සන හොරට ගසා දෙවැනි ගිවිසුමක් සකසා ඇති බවත්, රාජපක්ෂලාගේ ඩුබායිහි එක් ගිණුමක ඩොලර් මිලියන 1086 ක්ද, තවත් ගිණුමක ‍ඩොලර් මිලියන 1800 ක් ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 500 ක් ද තිබෙන බවත් එම මුදල් දැන් උදයංග වීරතුංග හරහා යුක්රේනයට ඇද තිබෙන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ රාත්‍රී හෙළි කෙළේය. අයිටීඑන් නාලිකාවේ පැවැති දේශපාලන වැඩ සටහනකට සහභාගී වෙමින් ඇමැති වරයා මේවා හෙලි කෙළේ ඇසින් දුටු සාක්කිකරුවෙකු ලෙසය. මෙම සොරකම් වලට සහ ඝාතන වලට දඬුවම් විඳීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් යැයි කී ඇමැතිවරයා තමන් දඬුවම් ලබන බව දන්නා රාජපක්ෂලා මුළු වැර යොදා ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ කරන බවද කීය.

ලංකා ඊ නිව්ස් කතුවරයාට නඩුවක් නොමැතිවම රතු වරෙන්තු නිකුත් කළ අධිකරණය හොරෙක් වූ උදයංග වීරතුංගට රතු වරෙන්තු නිකුත් කිරීම පමා කළ හැටිද අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරමින් රාජිත ඇමැතිවරයා පැවසීය.

ආණ්ඩුව වෙනස් වුවත් රාජපක්ෂලාගේ රාජ්‍ය යන්ත්‍රය වෙනස් නොවීම ගැනද ඊට කළ යුතු ප්‍රතිකර්ම ගැනද රාජිත ඇමැතිවරයා හෙළි කෙළේය.

සම්පූර්ණ කතාව සහිත වීඩියෝව පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *