රාජපක්ෂලා මුළු රටම චීනයට උගස් කළ හැටි.., හත්මුතු පරම්පරාවම ගෙව්වත් ගෙවලා ඉවර කරන්න බැරි වරායට ගත් ණය කන්දේ තරම මහින්ද අමරවීර හෙළි කරයි

(05.01.2017 – 23:40 +0530 – lankaenews.com)

මිනිස් බිල්ලක් ගන්නයි උද්ඝෝෂන කරවන්නේ..!

හම්බන්තොට වරාය ඉදිකරන්න චීනෙන් ගත්ත ණයට අදාළ ණය වාරිකය හා ඊට පොලිය වශයෙන් 2016 රු. කෝටි 864 ක් ගෙව්වා. 2017 අවසානයේ තවත් රු. කෝටි 935 ක් ගෙවන්න ඕනෑ. 2018 රු. කෝටි 995 යි. 2019 රු. කෝටි 1736 යි. 2020 රු. කෝටි 1706 යි. 2021 රු. කෝටි 1665 යි. 2022 දී රු. කෝටි 1791 යි. 2022 දී රු. කෝටි 1791 යි. 2023 දී රු. කෝටි 1740 යි. 2024 දී රු. කෝටි 1691 යි. 2025 දී රු. කෝටි 1229 යි. මේ ණය කන්දරාව අපේ රටේ හත්මුතු පරම්පරාවම ගෙව්වත් ගෙවලා ඉවර කරන්න බැහැයි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (04) පස්වරුවේ ධීවර අමාත්‍යාංශයේ දී පැවැති, මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

හම්බන්තොට වරාය හා යෝජිත හම්බන්තොට කර්මාන්තපුරය සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිළි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා :

‘‘හම්බන්තොට වරාය වත්මන් රජය විසින් චීනයට විකුණන්නේ  නැහැ. එහෙම ගිවිසුමකට අත්සන් තබලත් නැහැ. එහෙම ගිවිසුමක් අඩු තරමින් අමාත්‍ය මණ්ඩලයටවත් යොමු වෙලා නැහැ. නමුත්, හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත්ත ණය කන්දරාව නිසා මුලු රටම චීනෙට උගස් වෙලා තියෙන්නේ.

හම්බන්තොට වරාය ඉදි කරන්න චීනෙන් ගත්ත ණයට අදාළ ණය වාරිකය හා ඊට පොලිය වශයෙන් 2016 රු. කෝටි 864 ක් ගෙව්වා. 2017 අවසානයේ තවත් රු. කෝටි 935 ක් ගෙවන්න ඕනෑ. 2018 දී රු. කෝටි 995 යි. 2019 දී රු. කෝටි 1736 යි. 2020 දී රු. කෝටි 1706 යි. 2021 දී රු. කෝටි 1665 යි. 2022 දී රු. කෝටි 1791 යි. 2022 දී රු. කෝටි 1791 යි. 2023 දී රු. කෝටි 1740 යි. 2024 දී රු. කෝටි 1691 යි. 2025 දී රු. කෝටි 1229 යි. මේ ණය කන්දරාව අපේ රටේ හත්මුතු පරම්පරාවම ගෙව්වත් ගෙවලා ඉවර කරන්න බැහැ. මේ තරම් ණය ප්‍රමානයක් ගෙවන්ඩ මුදල් හොයන්නේ කොහොමද. මත්තල ගුවන් තොටුපොළත්, හම්බන්තොට වරායත් හදන්න පටන් ගන්නකොට තිබු සැළසුම් ප්‍රායෝගික වුනේ නැහැ. හිතපු තරම් රැකියා අවස්ථා උදා වුනෙත් නැහැ. අඩුම තරමින් මටවත් වරායේ රැකියාවක් ලැබුනේ නැහැ.

ඉතින් මේ ණය කන්දරාව අපි ගෙවන්න නම්, තව තවත් වැඩි වැඩියෙන් බදු ගහන්න වේවි. එහෙම රටකට ඉදිරියට යන්ඩ බැහැ. ඒ නිසා තමයි චීන රජයත් සමඟ සාකච්ඡා කරළා රජය විසින් චීන ශ්‍රී ලංකා ඒකාබද්ධතා වැඩපිළිවෙලක් යටතේ චීන රජයේ ණය ආධාර යටතේ, ඉදිකළ ව්‍යාපෘති තුනක් පවත්වාගෙන යන්ඩ තීරණය කළේ.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ හා හැමදාම කැඩෙන නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය චීනය විසින් බාරගෙන කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

නොරොච්‍චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි කිරීමටත් විශාල ණයක් අරගෙන තිබෙනවා. ඒ ණය වාරිකය වශයෙන් අපි 2016 දී කෝටි 1764 ක් ගෙව්වා. 2017 දී රු. කෝටි 2687 ක් ගෙවන්න ඕන. 2018 දී රු. කෝටි 2718 ක්, 2019 රු.කෝටි 3429 ක්, 2020 දී රු. කෝටි 1665 ක්, 2021 දී රු. කෝටි 1635 ක්, 2022 දී රු. කෝටි 1607 ක්, 2023 දී රු. කෝටි 1578 ක්, 2024 දී රු. කෝටි 1550 ක්, 2025 දී රු. කෝටි 1406 ක්, අපි ණය වාරික හා පොළිය වශයෙන් ගෙවිය යුතුයි.

2025 දී අප විසින් චීන රජයට ගත්ත ණය මුදල් වෙනුවෙන් ණය වාරික හා පොළිය වශයෙන් ගෙවිය යුතු මුදල රු. කෝටි 34,386 ක්. මේවා කජු ඇට ද, කොස් ඇට ද. නමුත් මේ මුදල් වලින් හිතපු තරම් ප්‍රතිලාභයක් අත් වුණේ නැහැ.

සමහරු හම්බන්තොට වරාය සම්බන්ධවත්, හම්බන්තොට යෝජිත කර්මාන්තපුරය සම්බන්ධවත් අසත්‍ය ප්‍රචාර පළ කරමින් සිටිනවා. කර්මාන්තපුරය සඳහා හම්බන්තොට ජනතාව පදිංචි ඉඩම් අක්කර 15,000 ක් පවරා ගන්නා බවටත්, පාරම්පරික ගම්වලින් මිනිසුන් එළියට ඇද දමා ඒවා චීන්නුන්ට විකුණන බවටත්, සමහරු චෝදනා කරනවා.

නමුත්, මේවා සියල්ලම පට්ටපල් බොරු. මොකද හම්බන්තොට කොහෙවත් අක්කර 15,000 ක් හොයා ගන්නත් බැහැ. ඕනෑනම් අක්කර දෙදහක් තුන්දාහක් විතර හිස් ඉඩම් ඇති. ඒවා තමයි මේ කර්මාන්ත පුරයට යොදා ගන්නේ. මම මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා සමගත්, එතුමාගේ උපදෙස් පරිදි අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමගත් සාකච්ඡා කළා. නමුත්, ඒ අය පැහැදිලිවම කිව්වේ කර්මාන්තපුරය සඳහා යොදා ගන්නේ හම්බන්තොට හිස් ඉඩම් සහ මුඩු ඉඩම් පමණක් බවයි. ඒ වගේම ඇඹිලිපිටියෙනුත්, මාතරිනුත් හිස් ඉඩම් මේ සඳහා යොදා ගන්න තීරණය කර තිබෙනවා.

එම නිසා හම්බන්තොට ජනතාව එළියට ඇද දමා, එම ඉඩම් චීනයට පවරන බවට කරන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නැහැ. මම හම්බන්තොට ඉපදිලා එහිම පාසල් ගිහින් දැන් හැම සති අන්තයකදිම හම්බන්තොට ගතකරන කෙනෙක‍්. කවදා හරි දවසක මම මරණයට පත් වූ විට මගේ සිරුර පොහොර වෙන්නෙත් හම්බන්තොටට. ඒ නිසා හම්බන්තොට තියෙන ඉඩම් ගැන මා හොඳින් දන්නවා.

සමහරු මේ විරෝධතාවයට මුවාවී සිදු කරන්න හදන්නේ තවත් මිනිස් ජීවිතයක් දෙකක් බිල්ලට ගැනීමට බව, අපිට තොරතුරු ලැබී තිබෙනවා. උද්ඝෝෂණය කරලා ආරක්ෂාවට පොලිසිය, හමුදාව කැඳෙව්වාට පසුව ඔවුන් සමඟ ගැටුමක් ඇති කරගෙන, මිනිස් බිල්ලක් අරගෙන, ඒක කරේ තියාගෙන ගොස්, රට අවුල් කිරීමට සමහරු උත්සාහ දරනවා. ඒ නිසා මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ කුමන්ත්‍රණවලට හසු නොවන ලෙසයි.

හම්බන්තොට කර්මාන්තපුරය සකස් කළ පසු රැකියා අවස්ථා 10,000 ක් පමණ උදා වෙනවා. අනික මේ කර්මාන්ත පුරයේ පරිසරයට හානිදායක කිසිදු කර්මාන්තයක් ඉදිකරන්නට ඉඩ දෙන්නේ නැහැ. දැනට සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, LNG ගෑස් විදුලි බලාගාරයක් සහ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා. මෙම කර්මාන්තශාලාවල රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් හම්බන්තොට ජනතාවට ලැබෙනවා.

රජය වශයෙන් අපිත් වරදක් කර තිබෙනවා. ඒ තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර හම්බන්තොට ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් නොකිරීම. මේ කාරණය පිළිබඳව මට අදාළත්වයක් නැති වුණත්, දැනුම්වත් කිරීම පිණිස කටයුතු කරන ලෙසට මට උපදෙස් ලැබුණා නම්, හම්බන්තොට කිසිම පුද්ගලයෙක් මේ විරෝධතාවලට සම්බන්ධ වන්නේ නැහැ. එහෙම වුනා නම් ඔවුන් පෙළපාලි යන්නේ, මේ කර්මාන්ත ශාලා කඩිනමින් ඉදිකරන ලෙසටයි. නමුත් අද ඇතැම් දේශපාලනඥයින් බොර දියේ මාලු බාන තත්ත්වයට පත් වී තිබෙනවා.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

  • Fair enough; then why the government making the country further in debt by unreasonably spending money on luxury vehicles to ministers and MPs, which they then sell off to other people. Clearly they have no need for the vehicle, but vehicles are given as a bribe to greedy members to extract its commercial value. That is wrong as it increases the debt burden on the public and continuing corruption by the present government.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *