තාජුඩීන් ඝාතනය කළ දින එම රථයේ තවත් කෙනෙක් ඉඳලා…

(06.01.2017 – 16:32 +0530 – lankatruth.com)

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දීන එම මෝටර් රථයේ පිටුපස අසුනේ තවත් පුද්ගලයෙකු සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 19 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොස්කි මහතා නියෝග ‍කර තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපති සුමිත් පෙරේරාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බවත් එම ප්‍රකාශය ලබාගෙන එය අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව මෙම ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 19 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග ‍කර තිබේ ෴

****************************************

ආණ්ඩුවේ විකිණීමට එරෙහි ජවිපෙ විරෝධතාවයට ජන ගඟක්
(05.01.2017 – 19:30 +0530 – lankatruth.com)

‘‘හම්බන්තොට වරාය, ජනතාවගේ ඉඩම් විකිණීම වහා නවතනු!’’ යනුවේ අද (05-01-2017) ප.ව.2.30 ට ඇරඹි පෙළපාලියට සහ ප.ව.3.00 ට ආරම්භ කළ රැලියට අතිවිශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබේ.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට හා හම්බන්තො‍ට ඉඩම් අක්කර 15000 ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා ආණ්ඩුව ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් අම්බලන්තොට ලැයිම හන්දියෙන් විරෝධතා පා ගමන ඇරඹූහ.

මහ සංඝරත්නය, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසකගේ මූලිකත්වයෙන් මෙම විරෝධතාව පෙළපාලිය සහ රැලිය ආරම්භ වූ අතර ඊට හම්බන්තොට වරාය සහ ඉඩම් විකිණී‍මෙන් පීඩාවට පත්වන ජනතාව ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *