ඇමැතිවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාව කඩා කප්පල් කිරීමට මහාරාජා කැමරාකරුවන් 5 ක් යොදවලා : මහාරාජාගෙන් පැයෙන් පැයට උපදෙස්

(06.01.2017 – 23:45 +0530 – lankaenews.com)

මුදල් ඇමති රවි කරුණානායක හා ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙ‍ළෙඳ ඇමති මලික් සමරවික්‍රම විසින් ඊයේ  (05 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාව ආවරණය කිරීමේදී  ඒ සඳහා කිලී මහාරාජාගේ මාධ්‍ය ජාලය තම කැමරාකරුවන් 5 දෙනෙකු යොදවා පුවත් පත් සාකච්ඡාව කඩා කප්පල් කිරීමට කටයුතු කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

කිලී මහාරාජාට අවශ්‍ය වී ඇත්තේ ඇමතිවරුන්ගෙන් අනවශ්‍ය  ප්‍රශ්න දිගින් දිගටම විමසා ඔවුන් කෝප ගන්වා  ඒවා විවිධ රූප රාමු ඔස්සේ ප්‍රචාරය කරවීමය.

මහරාජ‍ාගේ ගෝලයෙකු වන ඊලග මැතිවරණයකදි ඔහුගේ ලැයිස්තුව යටතේ මල් පොහොට්ටුවෙන් මාතර දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති  ශ්‍රීපාල් (සිරිපාල) වන්නිආරච්චි හා ෂෙවාන් ඩැනියෙල් කැඳවා කිලී මහරාජා උපදෙස් දී ඇත්තේ රවි නොව මලික්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න අසමින් ඔහුව කෝපයට පත් කරවන ලෙසයි.

තනතුරුවලට ලෝබකම ඇත්තෙකු මිස මාධ්‍ය හෝ රටේ ලෝකේ වෙන මොලෝ දෙයක් දන්නේ නැති සිරිපාල එකම ප්‍රශ්නය දිගින් දිගටම අසන්නට විය.

ඔහුගේ සහායට සිරසෙන් තවත් මාධ්‍ය කණ්ඩායමක් යොදවා සිටි අතර තවත් පෞද්ගලික මාධ්‍ය ආයතනයක සිරිපාලට හිතවත් මාධ්‍යවේදියෙක්ද මෙයට සම්බන්ධ කර ගෙන තිබුනි.

සිරිපාල දිගින් දිගටම ප්‍රශ්න කරද්දි එකම ප්‍රශ්නය නොනගා තවත් අයට ප්‍රශ්න අසන්නට අවස්ථාව දෙන ලෙස රවි කරුණානායක ඇමතිවරයා ඉල්ලා සිටියත් ඔහු දිගින් දිගටම එකම ප්‍රශ්නය විමසන අයුරු එම වීඩියෝ බැලීමෙන් සනාථ වේ.

වෙනත් අයට ප්‍රශ්න ඇසීමට ඉඩ නොදී එකම ප්‍රශ්නය දිගින් දිගටම විමසීම නිසා ඇමතිවරුන් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාව අවසන් කොට පිටත්ව ගියෝය.

මාධ්‍ය සාකච්ඡාව අවසාන් කොට බේබෲක් පෙදෙසේ නිව්ස් ෆස්ට් කාර්යාලයට පැමිණි සිරිපාල, ෂෙවාන් ඩැනියල් හමුවී ‘‘මම මලික්ව හොඳට ඇන්නුවා. නියම ෂොට් ටිකක් තිබුණා‘ යැයි ප්‍රකාශ කර ඇත. ඉන් පසු දෙදෙනාම කිලී මහරාජා හමුවී එම ප්‍රවෘත්තිය විකාශය කරනා ආකාරය ගැනද සාකච්ඡා කොට ඇති අතර සිරිපාලට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දෙන ලෙසද දැනුම් දී ඇත.

මෙහිදි සිරිපාල ප්‍රකාශ කර ඇත්තේ වසර 30 ක් පැරණි පාර්ලිමේන්තු මාධ්‍යවේදින්ගේ සංගමය දෙකඩ කොට තමන් ආරම්භ කළ ‘ඊ මාධ්‍ය සංගමයට‘ සාමාජිකයන් එක් කර ගැනීමට පහසුකම් සලසන ලෙසයි. පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සිරිපාලගේ සංගමයට සම්බන්ධ කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය අල්ලස් ලබාදීමට මෙහිදි කිලි මහරාජා එකඟ වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට කිලි මහරාජාගේ අල්ලස් ලැබෙනු ඇත.

කිලී මහාරාජා මේ දිනවල වෙනත් ව්‍යාපාරික වැඩ අත් හැර පැයෙන් පැයට සිරසේ මාධ්‍ය වැඩසටහන් හැසිරවීම කරමින් සිටී. කොටින්ම සිරස සම්මුඛ සාකච්ඡා වලට සහභාගී කරවා ගන්නා අය පවා තීරණය කරන්නේ කිලී මහාරාජා ය. එනිසාම වැඩ සටහන් නිෂ්පාදකයන් විසින් විවිධ පුද්ගලයන්ට වැඩ සටහන් වලට සහභාගී වන්නැයි ආරාධනා කරන නමුත් අවසාන මොහොතේදී ඒ අයව කපා වෙනත් අය සහභාගී කරවීමට සිදුව ඇත. එසේ සිදුව ඇත්තේ කිලී මහාරාජා ඔවුන් වෙනුවට වෙනත් අය ගන්නැයි අවසාන මොහොතේ දී වැඩ සටහන් නිෂ්පාදක වරුන්ට උපදෙස් දෙන නිසා ය. නිෂ්පාදකයන්ද මේ නිසා අමාරුවේ වැටී තිබේ.

කිසිදු මූලික සුදුසුකම් සොයා බැලීමකින් තොරව මහජනයා සතු විද්‍යුත් තරංග විවිධ තක්කඩි ජාවාරම් කරුවන්ට ලබා දීම නිසා ලංකාවේ විද්‍යුත් මාධ්‍ය පද්ධතියම අමු විගඩමක් බවට පත්ව තිබේ. මහාරාජා කරන්නේ තමන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය දේශපාලන උදව් ලබා ගැනීම සඳහා මාධ්‍ය ජාලය භාවිතා කිරීමය. උදව් නොකරන දේශපාලනඥයන් ට පහර දෙමින් උදව් කරනවුන් පිම්බීම ඔහුගේ ප්‍රතිපත්තියයි. තවත් විද්‍යුත් මාධ්‍ය ජාලයක් කරන්නේ තම සොහොයුරා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන කළු සල්ලි සුදු කිරීම ය. තවත් විද්‍යුත් මාධ්‍ය ජාලයක් කරන්නේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළ කළු සල්ලි බේරා ගැනීම සඳහා මාධ්‍ය පාවිච්චි කිරීම ය. සියල්ලේම පැටිකිරිය ලිවීම වෙනත් ලිපියකින් සිදුකළ යුතුය. මෙවැනි ඛේදනීය තත්ත්වයක් ඇති වී තිබෙන්නේ පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආරම්භයේදී ම කිසිදු මූලික සුදුසුකමකින් තොරව හෙංචයියන්ට සහ තක්කඩියන්ට මහජනයා සතු විද්‍යුත් තරංග අයිතිය විකිණීම නිසා ය. විද්‍යුත් තරංග අයිතිය ලබා ගනිද්දී මොවුන් ගිවිසුම් ගත වන කොන්දේසි මේ වන විට ඉටු කරන්නේද නැත. උදාහරණයක් ලෙස තම ගුවන් කාලයෙන් කිසියම් නිශ්චිත කාලයක් අධ්‍යාපනයට වැය කළ යුතු යැයි කොන්දේසියක් තිබේ. එවැනි කොන්දේසි එකක්වත් මේ තක්කඩි මාධ්‍ය ජාලා දැන් ඉටු කරන්නේ නැත. මොවුන් උල්ලංඝණය කරන්නේ මහජන අයිතියයි. විද්‍යුත් මාධ්‍ය නියාමනයට ස්වාධීන කොමිෂන් සභාවක් අත්‍යාවශ්‍යය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *