විදුලියේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ

(06.01.2017 – 21:34 +0530 – lankatruth.com)

වැටුප්විෂමතාවය හා තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයෙ සියළුම වෘත්තීය සමිති එකාබද්ධව දීපව්‍යාප්ත අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් දිවයිනපුරා පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය දෙසැම්බර් මස 28 වන දා සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡ කිරිමට බලධාරීන් සාකච්ඡාවක් ලබාදුන්නද එම සාකච්ඡව අසාර්ථක වූ බැවින් පෙබරවාරි මස 03 වන දින දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

වැටුප් විෂමතාවය නොවිසඳීමට හා සේවක ඉල්ලීම් ලබා නොදීමට විරෝධය පලකරමින් පෙබරවාරි මස 03 වන දින ලංකාවිදුලිබල මණ්ඩලයේ සියළුම කාර්යාල, වැඩබිම්, හා බලාගාර සේවකයන් සමඟ දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බවත් මේ හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් සිදුවුවහොත් එහි වගකීම ඇමතිවරයා සහ ආණ්ඩුව භාරගතයුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

පසුගිය 03 වනදා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

**********************************************

ගම්මන්පිල මුදල් වංචා කළ නඩුවේ විදෙස් යුවල සාක්ෂියට කැඳවයි
(06.01.2017 – 22:43 +0530 – lankatruth.com)

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් වංචනික ලෙස අලෙවි කොට රුපියල් මිලියන 21ක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්‍ලේ පළමු හා දෙවන සාක්ෂිකරුවන් වන ඕස්ට්‍රේලියානු ජාතික යුවළට සාක්ෂි ලබාදීම සඳහා ලබන 30 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු එල්. ගුරුසිංහ මහතා ඊයේ (05) නියෝග කර තිබේ.

එම සිතාසි අධිකරණ අමාත්‍යාංශය හරහා ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය මගින් නිකුත් කිරීමටද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *