හම්බන්තොට නොසන්සුන්, තුවාලකරුවන් 28 ක් හම්බන්තොට රෝහලට

(07.01.2017 – newsfirst.lk/sinhala)

හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධනා කලාප ව්‍යාපෘතිය එළි දැක්වීමේ අවස්ථාව අතුරතුර ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 28 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඔවුන් අතරින් 11 දෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයින් බව ය.

ගල් ප්‍රහාර වැදීමෙන් ඔවුන්ට තුවාල සිදුව ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර පොලීසිය පැවසුවේ, 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.

උත්සවය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර එම ස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් පැමිණිම ත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි.

සංවර්ධන කලාප ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ ස්ථානය අවට ප්‍රදේශයට පැමිණි පිරිසක් එහි විරෝධතාවයේ නිරත වූහ.

උත්සව භූමිය දෙසට පිරිස පැමිණීම වැළැක්වීම සඳහා එහිදී පොලිසිය උත්සාහ දැරුව ද කළහකාරී ලෙස හැරුසුණු පිරිස ගල්, මුල් ප්‍රහාර එල්ල කිරීම ත් සමගම එහි නොසන්සුන් තත්වයක් හට ගැනිණ.

මතු වූ තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේ ය.

මෙම ස්ථානයට භික්ෂූන් වහන්සේ පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ද පැමිණියහ.

කෙසේ වෙතත් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එහිදී පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය.

උද්ඝෝෂකයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ පොලිස් කැරලි මර්දන ඒකකය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් ගෙන්වී මෙන් අනතුරුව ය.

කෙසේ වෙතත් විරෝධතාවන් පැවැත්වෙන අතරතුර හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාප ව්‍යාපෘතියේ වැඩකටයුතු ද සිදුවිය.

මෙහිදී සමරු ඵලකය විවෘත කෙරුණේ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැං ලියැන් මහතා ඇතුළු මැති ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

+++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

  • Who is in charge of the cabinet of ministers. If Arjuna and his brother are obstructing the government policy and cabinet decisions, then why are they are in their official posts. Also if there is evidence to substantiate this claim that Arjuna and his brother were demanding backhands, then why are not they being removed from their posts and charge them under anti-corruption laws?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *