ආනයනික සහල් සදහා වන බදු අඩු කිරීමේ තීරණයට විරෝධයක්

(07.01.2017 – 22:49 +0530 – hirunews.lk/sinhala)

රටේ සහල් අතිරික්තයක් පවතින අවස්ථාවක ආනයනික සහල් සදහා පනවා ඇති බදු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය මගින් දේශීය ගොවීන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පනවා තිබූ බදු අඩුකිරීමට රජය තීරණය කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.

නියගය හේතුවෙන් ඉහළ ගිය සහල් මිල හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආනයනික සහල් සඳහා බදු අඩු කිරීමට රජය ඊයේ පියවර ගෙන තිබුණා.

ඒ, මුදල් අමාත්‍යාංශයට රැස් වූ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ගත් තීරණයට අනුවයි.

ඒ අනුව සහල් කිලෝ ග්‍රෑම් 1 ක් ආනයනය කිරීමේදී පනවා තිබූ රුපියල් 50 ක් වූ රේගු බද්දල 15‍% ක් වූ එකතු

කළ අගය මත බද්දල 7.5‍% ක මට්ටමේ පැවති වරාය හා ගුවන් තොටුපොළ බද්ද සහ 2‍% ක් වූ ජාතිය ගොඩ නැගීමේ බද්ද ඉවත් කිරීමට තීරණය කර තිබුණා.

මෙම සියලු බදු වෙනුවට ආනයනික සහල් කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 15 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් අය කිරීමටයි නිර්දේශ වී ඇත්තේ.

මෙලෙස බදු ඉවත් කරන සහල් වර්ග වන්නේ සම්බාල නාඩු සහ රතු කැකුළු පමණයි.

ආනයනික සහල් සඳහා පනවා ඇති බදු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විරෝධය පළ කරනවා.

************************************

බොදු බලසේනා සංවිධානයට ගැටලුවක්
(07.01.2017 – 22:34 +0530 – hirunews.lk/sinhala)

ජාතික ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යාමේදී එක්විය යුත්තේ කා සමඟදැයි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ නුගේගොඩදී පැවති සමුළුවකදී.

රටට අත නොතබනු මැයෙන් පැවති මෙම සමුළුවේදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ද අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *