එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාර ගල්වලින් ගසා භික්‍ෂූන් වහන්සේලාගේ ඔළු පැලලා..

(08.01.2017 – 15:00 +0530 – lankacnews.com)

ඊයේ හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර ගල්වලින් ගසා භික්‍ෂූන් වහන්සේලාගේ ඔළු පැලූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

එම විරෝධතාකරුවන්ට පහර දීම සදහා ඇමති රවි කරුනානායක මට්ටක්කුලියෙන් මැරයින් ගෙන්වා තිබූ බවටද ඔහු චෝදනා කලේය.

**********************************

මේක රනිල් කල්ලිය සල්ලි හම්බකරන බිස්නස් එකක්.. ජනපතිතුමනි ඉවසුවා ඇති.. – සජිත් පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක…
(07.01.2017 – 22:42 +0530 – lankacnews.com)

ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහති මාධ්‍ය හමුවක් කැදවමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව දැඩි විරෝධය දැක්වීමය.

ඔහු කියා සිටියේ එජාප පාජෂිකයින් රාජපක්‍ෂලා එලවා බලාපොරොත්තු වූයේ මෙය නොවන බවයි.

අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවද එහිදී පැවසූ ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කටයුතු කරන ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *