අගමැති ස්විට්සරලන්තයට.. විමල් අත්අඩංගුවට..?

(08.01.2017 – 18:48 +0530 – lankacnews.com)

අනිද්දා දින පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින ලෙස ජතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට දැනුම් දී තිබේ.

හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවසට ගිය තලංගම පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම දැනුම් දීම කර ඇත.

මේ අතර අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ එදිනට මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ඇති බවත් ඒ සදහා නීතිපති නිර්දේශද ලැබී ඇති බවත්ය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ සතියේ ස්විට්සරලන්තයේ සංචාරයක නිරතවීමට නියමිත අතර එම කාලය ඇතුලත ඒකාබද්ද විපක්‍ෂයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි ෴

*******************************

උසස් පෙළ ලියූ 80 දෙනෙකුගේ ප‍්‍රතිඵල අත්හිටුවයි
(08.01.2017 – nethnews.lk)

2016 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් අසූ දෙනෙකුගේ විභාග ප‍්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, කෝටා ක‍්‍රමය යටතේ දුෂ්කර පළාත්වල සිසුන්ට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේදී ලැබෙන වරප‍්‍රසාද සැළකිල්ලට ගනිමින් නියමිත ප‍්‍රදේශවලින් වෙනුවට දුෂ්කර පළාත්වලින් විභාගවලට පෙනී සිටීම හේතුවෙන්.

2016 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ලද පැමිණිලි අනුව සිදු කළ මූලික විමර්ශන අනුව ප‍්‍රතිඵල අත්හිටුවා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *