එතෙර කොටි යළි ගොරවන්න සැරසෙති

(08.01.2017 – 20:53 +0530 – lankadeepa.lk)

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා නීති යෝජනාවක් සැකසීම සඳහා එල්.ටී.ටී.ඊ  හිතවාදි නීතඥවරුන් ඇතුළු  දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පිරිසක් චෙන්නායි නුවරදී සඳුදා (09) විශේෂ රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි පවසයි.

කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ නායකයා හා  අන්තර්වාර ඊළාම් රාජ්‍යය නායකයා ලෙස සැලකෙන  විශ්වනාදන් රුද්‍ර කුමාරන් මෙම විශේෂ රැස්වීම කැඳවා ඇතැයි ද මෙරට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්න කරමින් මෙම කණ්ඩායම අදාළ නීති යෝජනාව සකස් කිරීමට සූදානම් වන බවද සඳහන්වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කෙරෙන බව මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙන බවද තානාපති ආරංචි මාර්ග වලින් කියැවේ ෴

***********************************

නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම ගැන මම ලැජ්ජා වෙනවා
(08.01.2017 – 17:16 +0530 – sinhala.adaderana.lk)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වන තෙක් නොහැකිවීම පිළිබඳ තමා ලැජ්ජාවට පත්වන බව ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අණදුන් පුද්ගලයින්ට සහ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔහුගේ ගුණසැමරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගුණානුස්මරණය අදට (08) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කර තිබු ගුණසැමරුම් උත්සවයට එක්වෙමින් මනෝගනේෂන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *