‘‘ලංකාදීප ප්‍රධාන සිරස්තලය අමූලික බොරු..! විධායක ජනාධිපති ධූරය දිගටම පවත්වාගෙන යෑමට ශ්‍රීලනිප ඇමැතිවරු තීරණය කෙළේ නෑ’’ – ශ්‍රීලනිප එජනිස ප්‍රධාන නායක ඇමැතිවරයෙක් ඇත්ත කතාව කියයි

(09.01.2017 – 10:00 +0530 – lankaenews.com)

විධායක ජනාධිපති ධූරය දිගටම පවත්වාගෙන යෑමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා හමුවේදී ඒකමතිකව තීරණය කර ඇතැයි අද (09) ලංකාදීප දිනපතා පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ශ්‍රීලනිපයේ මෙන්ම එජනිසයේ නායක ඇමැතිවරයෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

ලංකා ඊ නිව්ස් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස ඔහු වැඩි දුරටත් කියා සිටියේ එදින සාකච්ඡා වූ කාරණා අතර විධායක ජනාධිපතිධූරය පවත්වා ගෙන යන එක ගැන සාකච්ඡා නොවූ බවත් ශ්‍රීලනිපය සහ එහි නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යා යුතුය යන මතයේ නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජන වරම ලැබුනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ගෙන එ්මට බවත් ඇමැතිවරයා පැවසීය.

එහිදී සාකච්ඡා වූ සුළු කරුණක් වූයේ පක්ෂය තුල අනාගත නායකයා තමා යයි කියා ගෙන කල්ලි කණ්ඩායම් හදන එක නතර කිරීම ගැන යයි ඔහු කීය. එනම් ‘ගෝඨාභය ඉදිරි ජනාධිපතිවරණයට ඉල්ලනවා’, ‘අනාගත නායකයා ගෝඨාභය’ ආදී කතා ප්‍රචාරය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තනතුරක නැති පුද්ගලයෙකුගේ නමක් ප්‍රචාරය කරමින් පාක්ෂිකයාත් මහජනතාවත් මුළා කරමින් ගෙන යන ප්‍රචාර නතර කිරීම ගැන සාකච්ඡා වූ බවත් එම ප්‍රචාර වලට අනුබලයක් වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති ධූරයට තරඟ නොකරන බවට දැනටමත් කර ඇති ප්‍රකාශය බවත් සාකච්ඡා වූ බව හෙතෙම තහවුරු කෙළේය. එහිදී එක් ඇමැතිවරයෙක් පමණක් ‘ව්‍යවස්ථා සංශෝධනයක් නොවී පෙර පරිදි ජනාධිපතිවරණයක් තියන්නේ නම් ජනාධිපතිතුමා යලිත් ඉල්ලන බවට ප්‍රකාශයක් කළා නම් මෙම ප්‍රචාර නතර වනවා‘ යැයි කීවා මිස පුවත් පතේ සඳහන් පරිදි තීන්දුවක් ගත්තේ නැතැයිද ඇමැතිවරයා පැවසීය.

ජනාධිපතිතුමාගේ දෙවන සංවත්සරය දා මෙවැනි අසත්‍ය පුවතක් පළ කිරීමෙන් ජනාධිපතිවරයා බලයට පත් කළ ජනතාව තුල ඔහු පිළිබඳ අප්‍රසාදයක් ජනිත කිරීම පුවත්පතේ අරමුණ විය හැකි බවත් ඇමැතිවරයා වැඩි දුරටත් කීය ෴

*************************************

සංහිඳියාව වෙනුවෙන්ම නව රූපවාහිනී චැනලයක් ළඟදීම..!
(09.01.2017 – 23:25 +0530 – lankaenews.com)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ අභිනව නාලිකාවක් ලෙස ‘සංහිඳියාවේ නාලිකාව‘ නමින් මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 180 ක මුදල රූපවාහිනිය වෙත පිරිනැමීම සඳහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (08) අත්සන් තැබිණ.

එම මුදල ජාතික එ්කාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ පසුගිය අයවැයෙන් වෙන්කර තිබූ අතර එය රූපවාහිනිය වෙත පැවරීමේ ගිවිසුමට අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝති සහ සංස්ථා සභාපති නිතිඥ රවී ජයවර්ධන යන මහත්වරු අත්සන් තැබූහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *