හොරණ ටයර් ෆැක්ටරියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..

(09.01.2017 – 09:20 +0530 – lankacnews.com)

ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව යයි කියමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පසුගියදා මුල් ගල් තැබුණු හොරණ කර්මාන්ත ශාලාවේ ආයෝජනයන් සම්බන්දයෙන්ද සැක මතුව තිබේ.

සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම කිසිදු ටයර් කර්මාන් ශාලාවකට ආයෝජන කර නැති බවත් ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමගින් කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත්ය.

2014 වසරේ සිට මරංගෝනි සමාගම ටයර් නිෂ්පාදනයෙන් ඉවත්ව ඇතැයිද පුවත්පතේ දැක්වෙන අතර මෙම තත්වය මත අදාල කර්මාන්ත ශාලව සදහා මුදල් ආයෝජනයන් කරන්නේ කවුරුන්දැයි අපැහැදිලිය.

# සන්ඬේ ටයිම්ස් වාර්තා : මෙතනින්

**************************************

බදියුදීන්ගේ අමාත්‍යංශයට සිංහලයින් තහනම් කරයි..
(09.01.2017 – 15:50 +0530 – lankacnews.com)

තම අමාත්‍යංශයට බදවා ගන්නා සියළු සේවකයින් මුස්ලිම් ජාතිකයින් විය යුතු යයි වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ප‍්‍රකාශ කර තිබේ.

දැනට සිය අමාත්‍යාංශයේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංයේ පහල මාලයට මාරු කිරීමටද දන්වා ඇත.

අමාත්‍යංශයේ රහස් ප‍්‍රතිවාදීන් අතට යන්නේ සිංහල සේවකයින් හරහා ඉයට ඇමතිවරයා සැක කරන්නේ යයිද වාර්තා වෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *