බැඳුම්කර වංචාවේ තරම මෙන්න – බෑනගේ සමාගමේ ලාභය රුපියල් මිලියන 6500 පනියි

(09.01.2017 – 15:38 +0530 – lankatruth.com)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වාචාවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ 2016. අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 31 ට ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815 ක් බව හෙළි වේ.

#1

මහ බැංකු නියමයන්ට අනුව ප්‍රාථමික නිකුතු සමාගමක වාර්ෂික මූල්‍ය වාර්තා මෙලෙස ප්‍රසිද්ධියට පත් කළ යුතු වන අතර එසේ ප්‍රසිද්ධ කර ඇති තොරතුරුවල මේ බව සඳහන් ව තිබේ.

අර්ජුන් ඇලෝසියස්ට අයත් එම සමගෙමේ 2015 වසරේ මාර්තු 31 න් අවසන් වූ මුදල් වර්ෂය සඳහා රපියල් මිලියන 59ක ශුද්ධ ලාභයක් ලබා තිබූ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් පසු එම ලාභය ඉතා අධික ලෙස ඉහළ යනු දක්නට ලැබිණ.

ඒ අනුව 2016 මාර්තු 31 න් අවසන් වූ මුදල් වර්ශයේ එම සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 5124 ක් විය. 2016 මාර්තු 31 න් පසු 2016 සැප්තැම්බර් 31 වනවිට සාම 6ක පමණක් එහි ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815 කි.

වංචාවක් බවට තහවුරු වී තිබේන ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් පසු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ ලාභය එම බැඳුම්කර ගණුදෙනුවෙන් පසු ඉහළ යන ආකාරය ඒ අනුව පැහැදිළි වේ.

*************************************

ඩේසි ආච්චිටත් ඇප – වංචණිකයන් වසන් කරන්නේදැයි සැකයක්
(09.01.2017 – 16:17 +0530 – lankatruth.com)

ඩේසි ආච්චි රුපියල් මිලියන 36 ක මුදලක් අයථා ලෙස යොදවා රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය බව කියන ඩේසි ෆොරස්ට් මහත්මිය රුපියල් විසිපන්දහසක (රු. 25,000) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 15 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කර තිබේ.

ඩේසි ෆොරස් මහත්මිය අධිකරණයේ නියෝග මත පසුගිය අගෝස්තු 31 වන දින පමණක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනීසිට ප්‍රකාශයක් ලබා දුන් නමුත් ඉත් පසු අවස්ථා 6කදී ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇය කැඳවනු ලැබුවද ඇය නොපැමිණි බවත් ඒ අනුව විමර්ශන සඳහා ඇයගෙන් නිසි සහයක් නොලැබුණු බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබේ.

ඒ නමුත් මෙම සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇති බවත් ඒ පිළිබඳ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය අධිකරණයට දන්වා ඇත.

කෙසේ නමුත් ඇයගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගතයුතුව ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වුවද පරීක්ෂණ අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරිමටද කටයුතු කර ඇත්නම් නැවත ප්‍රකාශ ලබා ගැනීමේ ඇති වශ්‍යතාවය කුමක්ද දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර තිබේ.

ඩේසි ෆොරස්ට් යන අය මෙම නඩුවේ සාක්ෂිකාරියකද, එසේත් නැතිනම් මෙම වරදට ආධාර හෝ අනුබල දුන් අයෙක්ද යන්න පොලීසිය විසින් නිවරදිව සඳහන් කළ යුතු බවත් මෙම සිද්ධියට අදාළ සැබෑ වංචනිකයින් වසං කිරීමට උත්සාහයක් පවතීද යන්න සැකයක් පවතින බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී ඇත.

ඇයට ලක්ෂ 15 ශරීර ඇපයක් වෙනුවෙන් පැමිණි යෝෂිත රාජපක්ෂගේ ඇප පිළිගත නොහැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබේ.

මෙහි නඩුව යළි මැයි මස 19 වන දින කැඳවීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *