අන්තරේ සැබෑ මෘග මුහුණ එළියට..! සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවුනා කියා පේරාදෙණිය සිසුන් 8 ක් පැහැරගෙන ගොස් රහසිගත නිවසක රාත්‍රියක් පුරා වධ දීලා : පොලිසිය වධකයන් 15 ක් අල්ලා රිමාන්ඩ් කරයි

(20.02.2017 – 18:30 +0530 – lankaenews.com)

සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට සහභාගී නොවුනැයි පේරාදෙනිය සරසවියේ නවක සිසුන් 8 දෙනෙකු බලහත්කාරයෙන් සරසවි භූමියෙන් පැහැරගෙන තාවකාලික කුලී නිවසකට ගෙන ගොස් රාත්‍රියක් පුරා වධ දෙමින් සිටියදී පේරාදෙණිය පොලිසිය කරන ලද වැටලීමකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වධකයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය දුන් නියෝගයක් අනුව ය.

වධයට ලක්වූ සිසුන් සිසුන් 8 දෙනා පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ  සිසුන් වන අතර  වධ දුන් වධක සිසුන් දෙවැනි වසරේ සිසුන් යැයි කියන නමුත් පිට පුද්ගලයන් ද ඒ අතර වෙතැයි පොලිසිය සැක කරන බැවින් ඔවුන් නිසැකවම සරසවි සිසුන් දැයි දැන ගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් සහතිකයක් ඉල්ලා තිබේ.

සයිටම් විරෝධතා වලට අඩුවෙන්ම සහභාගී ඇත්තේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් වන අතර අන්තරේ වධකයන් සිසුන් 20 ක් පමණ දෙනා සොයමින් සිට ඇත.

මෙම සිසුන් පැහැරගෙන ගොස් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පේරාදෙණිය පොලිසිය වැටලීම කරද්දී පාන්දර 2 ට පමණ වන අතර ඒ වන විටත් අන්තරේ ජ්‍යෙෂ්ඨයෝ නවක සිසුන් 8 දෙනා වධ බන්ධනයට ලක් කරමින් සිටියහ.

පේරාදෙණිය හිඳගල මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම නිවස කුලියට ගෙන ඇත්තේ ද මාස දෙකකට පමණි. සරසවි සිසුන් නිවසක් කුලියට ගන්නවා නම් අඩුම වශයෙන් වසරක කාලයකට කුලියට ගන්නා බැවින් මෙම ස්ථානය  සරසවි සිසුන්ගේ නවාතැනක් විය නොහැකි යයිද මෙය අන්තරේ නීති විරෝධී මාෆියා ක්‍රියා සඳහාම තාවකාලිකව කුලියට ගත් ස්ථානයක් බව පෙනී යන්නේ යයි පොලිසිය පවසයි.

වධයට ලක්වූ සිසුන්ට අමානුෂික ලෙස පහර දී තිබෙන අතර ඔවුන් රෝහල් ගත කර ඇත. දෙදෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

මෙය නවක වධ සිද්ධියක් යැයි කියා යටපත් කිරීමට උත්සාහ කළද සරසවි ආරම්භ කර මේ වන විට මාස 2 ක් පමණ වී ඇති බැවින් මෙය නවක වධය දීමක් නොව පළිගැනීමක් බව පෙනී යන නමුත් වධයට ලක්වූ සිසුන් බියට ඒ බව පොලිසියට පවසා නැතැයි පොලිසිය කියයි.

මෙදිනම සිසුවියන් දෙදෙනෙකු ද වධයට ලක් කර ඇති අතර ඔවුන් දණහිසෙන් ඇවිද්දවීම හේතුවෙන් දණහිස් තුවාල වී තිබේ. එම සිසුවියන් හෝ දෙමාපියන් හෝ බියට පොලිසියට පැමිණිලි නොකරති.

මේ අතර උද්ඝෝෂන වලදී අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් වන අන්තරේ සිසුන් වෙනුවෙන් රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ගෙවන බවත්, සිසුවියන්ට වැඩියෙන් ගෙවන බවත් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අන්තරේ කැඳවුම්කරුවාට එක් රිමාන්ඩ් වීමක් සඳහා රුපියල් ලක්ෂ 10 ක් ගෙවා තිබෙන බවත් ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කෙළේය ෴

++++++++++++++++++++++++++

නවකවදය දුන් සරසවි සිසුන් 15 ම රක්ෂිත බන්ධනාගාරයට – කුලී නිවසක්, වධකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය බවත් හෙළිවේ
(20.02.2017 – 18:45 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පීඨයේම සිසුන් 15 දෙනා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිසුන් මහනුවර, මෙගොඩකළුගමුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් නවකවදය ලබා දෙන බවට පොලිසියට ඊයේ රාත්‍රී පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිසිය නවකවදය ලබාදෙමින් සිටි දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

සිසුන් විසින් මාසයකට රුපියල් දස දහසක කුලී පදනම යටතේ මාස 3ක කාලයක් සඳහා මෙම නිවස ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 2 වන දින සිටයි.

වධකාගාරයක් ස්වරූපයෙන් අදාළ නිවස පවත්වාගෙන ගොස් ඇති බවට ද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

නවක වදයට ලක්වූ සිසුන් අටදෙනා මේ වන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක විශ්වවිද්‍යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ විනය පරීක්ෂණයකින් අනතුරුව අදාළ ශිෂ්‍යයින්ට එරෙහිව පියවර ගැනීමට නියමිත බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 3

  • ANSWERS THAT ALL PEOPLE WOULD LIKE TO KNOW :-
    1..Are all the 15 arrested, University Students ?
    2..Who was the Master Mind, who rented a House for this inhuman TORTURE ?
    3.. Who financed the Rs.10,000 per month rent for this torture chamber. ?
    4..How were the 8 Students taken to this Hindagala Torture House ?
    5..From what areas were they abducted, from the Campus, or elsewhere ?
    6..Were any vehicles used, ? whose vehicles were they ?
    7..Were any POLITICIANS against SAITM, responsible to order the torture ?
    8..Were any other, from various other associations and Institutions, complicit ?
    9..Who is the owner of this HOUSE ? Was he aware, for what purpose it was being rented for, this short term of 3 months ?
    10..Was the owner knowledgeable, or was he complicit ?
    THE FIFTEEN ALLEGED STUDENTS, APART FROM CRIMINAL CHARGES, SHOULD BE SACKED FROM THE UNIVERSITY, PERIOD. THE 8 VICTIMS SHOULD BE COMPENSATED, IN SOME FORM.

  • Just one more suggestion:- If the owners of the Vehicles that were used to transport the Victims were complicit in the Torture, they too should be punished, and their Vehicles confiscated.

  • පොදු කරුනු වලදි මගහැර යන මෙවැනි උන් එල්ලා මැරිය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *