විල්පත්තුවේ තවත් අක්කර 175 ක් පුද්ගලික සමාගමකට !

(08.03.2017 – 10:49 +0530 – lankatruth.com)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් පරිදි රොහාන් ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එච්.වී.එ්. ෆුඩ් සමාගම යටතේ ක්‍රියාත්මක වන එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස එම පුද්ගලික සමාගමට ලබා දී ඇති බව පරිස සංරක්ෂණ භාරයේ, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලා ඔය හා සම්බන්ධ ව ඇති වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි රක්ෂිත වනාන්තර පද්ධතියෙන් මෙම ඉඩම් ලබා දීම සිදු කර ඇති බවත් දැනට මේ සමාගම මෙම රක්ෂිත ප‍්‍රදේශ දෙකට හා රාල්මඩුව – අච්චිමලේ පුරා විද්‍යා රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 35 ක් නීති විරෝධීව එළිපෙහෙළි කර පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වගා බිම පවත්වාගෙන යන බවත් චාමිකර මහතා අනාවරණය කරයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ, වනාතවිල්ලුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අංක 635 රාල්මඩුව ග‍්‍රාම නිලධාරී වසමේ අච්චිමලේ ග‍්‍රාමයේ මෙම නියමු වගා ව්‍යාපෘති භූමිය පිහිටා ඇති අතර ඊට යාබදව පිහිටි රක්ෂිත වනාන්තර පද්ධතියෙන් අලුතින් වනාන්තර අක්කර 175 ලබා දී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

එම තොරුතුරු ඇතුළත් සජීව චාමිකර මහතා විසින් සම්පිණ්ඩනය කළ සම්පූර්ණ ලිපිය පහතින් පල වේ :

# ලිපියේ PDF පිටපත

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *