සයිටම් පමණයි, වෙනත් සටන් පාඨ වලට අපි නෑ : GMOA නිරුවත හෙළිවේ : පාදෙණියලා පාගමන වර්ජනය කරයි

(09.03.2017 – 03:40 +0530 – lankaenews.com)

“රජයේ වෛද්‍යවරුන්“ නමැති අසම සම කුලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් ඉතිහාසයේ සෑම අවස්ථාවකම පෙනී සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් ත්‍රස්තවාදී කණ්ඩායම සිය සැබෑ නිරුවත නැවත වරක් රටට ප්‍රදර්ශනය කර තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනෙකුත් සංවිධාන සහ දේශපාලන පක්ෂ සමග ඊයේ (08) පැවැත්වූ ‘අධ්‍යාපන, සෞඛ්‍ය විකිණීමට එරෙහි“ පාගමන වර්ජනය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ‘සයිටම්‘ ආයතනය වසා දැමීමට පරිබාහිර අරමුණු සඳහා වන සටනකට තමන්ට එකතු වීමට නොහැකි බවයි.

අවිවිශිබ සංවිධානය කළ මෙම පා ගමන සහ රැළියේ මූලික තේමාවන්  වූයේ “මාලාබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු…, අධ්‍යාපනයට 6% ක් වෙන් කරනු.., සරසවි බඳවා ගැනීම් ඉහළ දමනු.., පාසැල් තුල සිදුකෙරෙන සියළු මුදල් අය කිරීම් නවතනු…, රජයේ රෝහල් තුළ ඖෂධ රසායනාගාර හා වාට්ටු පහසුකම් පුළුල් කරනු.., ඖෂධ මාෆියාවට එරෙහි වෙමු.., IESL කොතලාවල උපාධි කඩ එපා…, ජනතා මුදලින් ඉදිකළ NSBM ආයතනය තුළ අධ්‍යාපනය විකිණීම නවතනු.. සහ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් දිනාගැනීමට පෙළ ගැසෙමු..“ යන සටන් පාඨයන් ය.

එහෙත් රජයේ වෛද්‍යවරුන් නමැති කුලයේ ආර්ථික තර්ජන වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ප්‍රාණ ඇපයට ගන්නා ත්‍රස්තවාදී සංවිධානයක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නිදහස් සෞඛ්‍ය හෝ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.

මෙවැනි ගෝත්‍රවාදී සංවිධාන වල අරමුණු වෙනුවෙන් සටන් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න සයිටම් විරෝධී සටනට එකතු වී සිටින විවිධ සංවිධාන ප්‍රශ්න කිරීමට පටන් ගැනීමත්, විරෝධය දැක්වීමත් සමග අඟහරුවාදා රාත්‍රියේ රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අදාල විරෝධතාවයේ පා ගමන වර්ජනය කර රැළිය පමණක් නියෝජනය කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය මෙන්ම අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම සේවකයන්ගේ වෘත්තීය මෙන් අධ්‍යාපන අවස්ථාවන්ට මාරාන්තිකව විරුද්ධ වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඒකාබද්ධව කටයුතු කළ හැක්කේ එවැනිම නරුම පිරිසකට බව මෙයින් ඉතා හොඳින් පැහැදිලිය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *