බලහත්කාර වඳ සැත්කම් හෙළිදරව් කළ මාධ්‍යවේදියා පොලීසියට කැඳවයි

(09.03.2017 – 17:51 +0530 – sinhala.adaderana.lk)

බලහත්කාරයෙන් උපත් පාලන ක‍්‍රමයකට නතු වන්නැයි දඹුල්ල රෝහලේ මව්වරුන්ට සිදු කෙරුණු බලපෑම් පිළිබඳ තොරතුරු අනාවරණ කළ අද දෙරණ දඹුල්ල වාර්තාකරුට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව අද දෙරණ දඹුල්ල වාර්තාකරු අද (09) දිනයේ දඹල්ල පොලීසියට කැඳවා තිබුණි.

බලහත්කාරයෙන් උපත් පාලන ක‍්‍රමයකට නතු වන්නැයි දඹුල්ල රෝහලේ මව්වරුන්ට සිදු කෙරුණු මෙම බලපෑම් පිළිබඳව අද දෙරණ තුළින් පසුගිය දා අනාවරණය කෙරුණි.

මේ සම්බන්ධයෙන් අනාවරණය කළ අද දෙරණ දඹල්ල වාර්තාකරු පොලීසිය හමුවේ කියා සිටියේ  දඹුල්ල රෝහලේ සිදුවන අකටයුත්තක් පිළිබඳව ජනතාවගෙන් ලැබුණු තොරතුරු හා ඔවුන් විසින් ලබාගෙන තිබු වීඩියෝ උපයෝගී කරෙන සිද්ධිය සොයාබලා වාර්තා කළ බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *