විදුලි සේවකයෝ වර්ජනයකට සැරසේ

(09.03.2017 – 16:14 +0530 – lankatruth.com)

විදුලි බලමණ්ඩල සේවකයන්ට ඇති වී තිබේන වැටුප් විෂමතාවය විසඳීමට කටයුතු නොකරන බැවින් 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

මේ අනුව ඉංජිනේරු නොවන ශ්‍රේණිවල සේවය කරන සියලුම දෙනා මෙම කාලය තුළ ලෙඩ නිවාඩු දමා විරෝධය දක්වන බවත් ජනතාවට සිසදුවන අපහසුතාවන් පිළිබඳව වගකීම ආණ්ඩුව බාරගත වුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් ජයලාල් මහතා අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසී ය.

2015 වසරේදී ඉංජිනේරුවරුන්ට 70%ත් 120ත්% අතර ප්‍රමාණයකින් වැටුප් වැඩි කිරීමේ හේතුවෙන් මෙම ගැටලුව ඇති වී තිබෙන බවද රංජිත් ජයලාල් මහතා සඳහන් කළේ ය ෴

************************************

නාවික හමුදාවේ පස් දෙනෙක් CIDයට කැඳවයි
(09.03.2017 – 22:05 +0530 – lankatruth.com)

කොටහේන ප්‍රදේශයේ දෙදෙනකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු ලබන 14 වැනිදා සිට 28 වැනිදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (09) නාවික හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම සිද්ධියට  හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා 23 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කර ඇත.

වසර අටකට ඉහතදී වැල්ලම්පිටිය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටි කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු පැහැරගෙන ගොස් තිබිණි.

එහි විමර්ශනයට අදාළව වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කළ මෙම නිළධාරින්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත යුතු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *