කෝප් කමිටුව SAITM විමර්ශව අරඹයි…

(09.03.2017 – 22:43 +0530 – lankatruth.com)

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කිරීමට අද (09) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී තීරණය කර ඇත.

අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය කේ. හිරිකුඹුරේගම මහත්මිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වත්මන් සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ඩී.සී. දිසානායක යන මහත්වරු කැඳව මූලික ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ.

මාලඹේ සයිටම් ආයතතය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගත් බවට වන කිසිදු නිශ්චිත ගැසට් නිවේදනයක් නිකුත් වී නොමැති බව එහිදී අනාවරණය වී ඇත.

ඒ අනුව ලබන 20වනදා සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් 2011 වසරේ පත් කර ඇති ආයතනික විමර්ශන කමිටු සහ විෂය මාලා විමර්ශන කමිටුවේ නිලධාරීන් කැඳවා පරීක්ෂණ සිදු කිරීමට නියමිත ය ෴

**********************************

තමන් මාධ්‍ය හමු වලදී බොරු කියන බව ජනාධිපති කොමිසම හමුවේ බන්ධුල ගුණවර්ධන පිළිගනී : කොමිසමෙන් දැඩි දොස්
(09.03.2017 – 14:30 +0530 – lankaenews.com)

තමා මාධ්‍ය හමු වලදී බොරු කියන බව රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි යයි කෙප්ප දෙසා ගිනස් වාර්තා තබා ඇති මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන අද (09) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හමුවේ පිළිගත්තේය. ඒ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේදී ය.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට තමන් විසින් වාර්තාවක් යැවී යයි පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී තමා පැවසු කරුණු අසත්‍ය බව බන්ධුල ගුණවර්ධන අද බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පිළිගැනීමෙන් අනතුරුව කොමිසමේ කොමසාරිස් වරුන් ලෙස කටයුතු කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා සහ විශ්‍රාමික නි.විගණකාධිපතිවරයා ඔහුට දැඩි ලෙස අවවාද කළහ.

බන්ධුල ගුණවර්ධනගේ ක‍්‍රියාකලාපය දෝෂ දර්ශණයට ලක් කළ කොමසාරිස්වරු මාධ්‍ය හමුවලදී අසත්‍ය කරුණු පවසා ජනතාව නොමග යැවීමෙන් වළකින්නයි අවවාදයක්ද කෙළේය.

මෙහි ඇති අපූරුව නම් බන්ධුලට වරද පිළිගැනීමට සිදුවූයේ ඔහුගේ නීතිඥයා ලෙස නාමල් රාජපක්ෂ නමැති හොර පෙරකදෝරුවා කටයුතු කරද්දී වීමය.

බන්ධුල තමන් පච කෙළින බව පිළිගැනීමෙන් පසු කොමසාරිස්වරු ඔහුගෙන් ඒ සම්බන්ධ ප‍්‍රකාශයක්ද සටහන් කර ගත්හ.

බැඳුම්කර ගණුදෙණුව පිළිබඳව තමා දන්නා තොරතුරු හෙළි කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන්නැයි බන්ධුල ගුණවර්ධන විසින් කොමිසමෙන් කර තිබු ඉල්ලීමක් අනුව කොමිසම ඔහුට අද එම අවස්ථාව ලබා දී තිබිණ.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විසින් බන්ධුලගේ සාක්කි මෙහෙයවනු ලැබිණ.

කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න එස්‌. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේළුපිල්ලේ මහත්වරු කටයුතු කරති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *