‘‘නිරෝගී මිනිසෙක් පිස්සෙක් කරන්න හදනවා..’’ ඇමති චම්පිකගේ වික‍්‍රමයක් ලිඛිතව GMOA අතට

(10.03.2017 – 00:16 +0530 – lankacnews.com)

චමිපික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත තමන්ව 2016.09.10 දින ඇමති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහ පොළිස් නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අංගොඩ මානසික රෝහලේ නවතා සති 05 පුරා විදුලි කම්පන ප්‍රතිකාර කල බවත් එම ප්‍රතිකාර සිදු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා බවටත් චමිපික රණවක අමාත්‍යවරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා විසින් අද දින කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයට පැමිණිල්ලක් ඊයේ දින (2017.03.09) බාර දෙන ලදී.

ඉන් අනතුරුව හර්ෂ බණ්ඩාර තිලකසිරි මහතා විසින් මාධ්‍ය වෙත දක්වන ලද අදහස් :

මාගේ නම හර්ෂ බණ්ඩාර තිලකසිරි. වෘතියෙන් විධායක සුපවේදියෙක්. මම ආවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට පැහැර ගැනීමක් පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. පැහැර ගැනීම සම්බන්දයෙන් පොලීසියට සහ වෛද්‍ය සභාවටත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටත් පැමිණිල්ල බාර දිලා තියෙනවා. අද ආවේ පාදෙනිය මහතාට පැමිණිල්ල බාර දෙන්න. බලෙන් පැහැර ගෙන ගොස් අංගොඩ මානසික රෝහලට ඇතුලත් කර බලෙන් විදුලි සැර ඇල්ලීමක් පිලිබඳව. මම මේ කාරණාව කියන්නේ ජිවිත ආසාව අත්හැරලා. මේකට ආදාලව තව යන්න කට්ටිය ඉන්නවා. එයාලා යන එක නවත්වන්නත් මිට කලින් ගිහින් දාපු තුන් හතර දෙනෙක්ට යුක්තිය ඉටු කරන්නත් තමයි මේ සටන් කරන්නේ. මේකට කිසිම සාධාරණයක් මට වුණේ නෑ. පොලීසිය කතා කරනවා සමාදාන වෙන්න. මේක සමාදානය වෙන්න බැරි ප්‍රශ්නයක්.

චම්පික රණවක ඇමතිතුමා වෘතියවේදින් දාලා මම පිස්සෙක් කියන මතය රටේ ගොඩනගන්න හදනවා. ෆේස් බුක් හරහා තමයි ඒ මතය ගොඩනගන්න හදන්නේ විඩියෝ භාවිතා කරලා. පුළුවන්නම් මගේ නම කියලා මම පිස්සෙක් කියලා ඔප්පු කරන්න. හැබැයි අනාගතයේ දී ඔප්පුවෙයි කාටද පිස්සු උන්මන්තක කවුද කියලා. මොකද චම්පික රණවක ඇමතිතුමා ළග මම අවුරුදු 17ක් හිටියේ. පුද්ගලිකව මම සෑමදේම දන්නවා. එතුමා බයයි ඒවා හෙලි කරයි කියලා. ඒකයි මට පිස්සු කියලා කියන්න හදන්නේ මම මොනවා හරි කිව්වොත් කවුද පිස්සෝ කියන දේවල් ගනන් ගන්නේ කියන රටේ මතය ගොඩනගන්න තමයි එතුමා උත්සහෙ කරන්නේ එතුමාගේ නීතිඥයෙක් හරහා ලගදීම දවසක එළියට පනිවී. මානසික රෝගින්ව සාක්ෂි දෙන්නවත් උසාවියට ගෙන්නන්නේ නෑ කියන ප්‍රකාශයකුත් කරනවා. මේ කූට අඥාන කුමන්ත්‍රණය ළගදීම ඇත්ත තත්වයෙන්ම එළිවේවි. මාගේ ළග පටිගත කරන ලද සාක්ෂි තියෙනවා ඉදිරියේ දී මම ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *