රජයද එකඟ වී සම්මත කර ගත් ජිනීවා යෝජනා එක ඡේදයක් හෝ වෙනස් නොකර ක්‍රියාත්ම කළ යුතුයි – ටීඑන්ඒ විශේෂ රැස්වීමකදී තීන්දු රැසක්.. (Audio)

(12.03.2017 – 23:00 +0530 – lankaenews.com)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී 2015 ඔක්තෝබර් මස පලවෙනිදා ශ්‍රී ලංකා ආණ්ඩුවේද එකඟතාවයෙන් සම්මත කර ගත් සියළුම යෝජනාවන් එකම ඡේදයක් හෝ වෙනස් නොකොට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය මාර්තු මස 11 වෙනිදා වවුනියාවේදී රැස්වූ විශේෂ රැස්වීමකදී තීරණය කොට තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේදී පැවති රැස්වීමකදීය.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් සියළුම දෙනා සහභාගි වී සිටියහ.

සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ඉදිරිපත් වූ සියළු යෝජනා ක්‍රියාත්මක විය යුතු බවත් එම යෝජනාවන් ක්‍රියාත්මක වීම සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය තීරණය කළ බවයි.

යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම කරුණු නිසි ලෙස ඉටු නොකරන්නේනම් පීඩාවට පත් ජනතාවට ජාත්‍යන්තර නීතියට අනුව ලැබිය යුතු ප්‍රතිලාභ අත් කරදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මැදිහත්විය යුතු බවද දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා ලද සමහර තීරණ වලට ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානය එකඟ නොවූ බව පවසූ එම්.ඒ.සුමනතිරන් මන්ත්‍රීවරයා මේ තීරණ සියල්ලම රජයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරණ බවද කියා සිටියේය.

හයිබ්‍රිඩ් අධිකරණය ගැන මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ ගැන සාකච්ඡා නොකළ බවයි.



සුමන්තිරන් මහතාගේ හඬ ඇමුණුම

– සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *