කාන්තන්කුඩියේ ආගමික අන්තවාදී කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය වපුරලා.! කට්ටියක් ප්‍රසිද්ධියේ ISIS ට සහාය දක්වනවා..!! ආරක්ෂක අංශ මැදිහත් වෙන්න – පුර්ව මුස්ලිම් වැසියන් ඉල්ලති

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.13, ප.ව‍‍.11.55)

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමේම කණ්ඩායම්  දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානයක් විසින් ලංකා ඊ නිව්ස් වෙත සේයාරූ සහිතව නිවේදනයක් එවා තිබේ.

එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හා රාජ්‍ය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පිටරටවලින් මුදල් ගෙන ආගමික මුහුණුවරකින් ත්‍රස්තවාදය , අන්තවාදය හා වෛරය වපුරවන මෙම කණ්ඩායම් මුලිනුපුටා දැමිය යුතු බවද එම සංවිධානය පවසයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත්වන අයගෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රචන්ඩ ක්‍රියාවට සම්බන්ධ එක් පාර්ශවයක් ප්‍රසිද්ධියේ ISIS සංවිධානයට සහාය දක්වන කණ්ඩායමක් බවත්, ඔවුන්ගේ දේශනා හා මතවාද නිසා කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත්වන පූර්ව මුස්ලිම් ජාතිකයින්ට, ජීවත්වීමේ අයිතිය තර්ජනයට ලක්වී ඇති බවත් EMSL සංවිධානය පවසයි.

මේ රටේ ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන, හා පුද්ගලයින් ගැන රජය හා ආරක්ෂක අංශ දැඩි ලෙස සොයා බැලිය යුතුයැයි ද, සාමයට හා සහජීවනයට කැමති මුස්ලිම් පිරිස ඇතුළු පොදු මහජනතාව මෙවන් සංවිධාන හා පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ වෙත දන්වා පූර්ණ සහය පළ කළ යුතු යැයිද ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානය වැඩිදුරටත් පවසා සිටී.


***************************************

ලිංගාශ්‍රිත රෝග වැළඳෙන හේතුව පොලිසිය පහදයි
(14.03.2017 – divaina.com)

මවුපියන් සිය දරුවන් පිළිබඳව නිසි අධීක්‍ෂණයක්‌ නොකිරීමත් පාසල තුළදී ශිෂ්‍යයන්ට විෂයන් සියල්ලම ඉගැන්වීමට පියවර නොගැනීමෙන් දරුවන් නිදැල්ලේ ගැවසීමත් සහ ලිංගාශ්‍රිත රෝග ඇතිකරන කටයුතුවල නිරත වන බවත් වෛද්‍ය සහ පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

එච්. අයි. වී ආසාදිතයන් බවට පත් වූ පාසල් දරුවන් දෙදෙනා ගැන නිවසේදී මවුපියන් ද පාසලේදී ගුරුවරුන් ද නිසි අවධානයක්‌ යොමු කළේ නම් ඔවුන්ට එවැනි ඛේදනීය ඉරණමක්‌ අත් නොවන බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

එච්. අයි. වී. ආසාදිත තත්ත්වයට පත් වූ එම දරුවන් දෙදෙනාට පාසලේදී දිනකට විෂයයන් දෙකක්‌ හෝ තුනක්‌ පමණක්‌ උගන්වා ඇතැයි ද පාසල් වේලාවේ මොවුන් නිදැල්ලේ හැසිරෙන ආකාරයක්‌ දක්‌නට තිබූ බව ද පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම දරුවන් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ වේශනිරූපණ ශිල්පියා තවත් දරුවන් සමඟ ද සම්බන්ධකම් පවත්වන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

එම දරුවන් පිළිබඳ සොයා බැලීමට පරීක්‍ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.

එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන් විශාල පිරිසක්‌ රජයේ රෝහල්වල සායනවලට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බවට වාර්තාවේ.

කළුතර නියෝජ්‍ය පොලිස්‌පති ජී. කේ. පෙරේරා, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහකාර පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස භාර කාන්තා හා ළමා කාර්යංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *