වෛද්‍යවරු, වෛද්‍ය පීඨාධිපතිවරු, ආචාර්යවරු SAITM ගැන එක තීරණයක

(14.03.2017 – 16:12 +0530 – lankatruth.com)

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඊයේ (13) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට පෙර එදිනම සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු, සියලුම වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගම් සහ රජගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස් වී සයිටම් අර්බුදය විසඳීමට අදාළව කරුණු පහක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණ තිබේ.

ඒ අනුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී පත් කරන ලද පංච පුද්ගල කමිටුව ඇතුළු අනිත් අදාළ කමිටු පෙන්වා දුන් පරිදි SAITM ආයතනය නිත්‍යනුකුලව පිහිටුවා නැති බැවින්,

අ) තවදුයටත් සිසුන් බඳවා ගැනීම වහාම නතය කීරීම හා එම නතර කීිමට අදාළ නිත්‍යානුකුල ක්‍රමවේදය පිළිපැදීම.

ආ) SAITM ආයතනය මඟින් MBBS උපාධි පිරිනැමීම වහාම නතර කීරීම.

2) දැනට පවත්වාගෙන යන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප්‍රමිතියේ වලංගු භාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බව අභියාචනාධිකයණය පෙන්වා දෙන බැවින් වෙද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය හැකි ඉක්මනින් ගැසට් කර නීතිගත කිරීම.

3) වෛද්‍ය සභාව, SAITM ආයතනය සම්බන්ධයෙන් 2015.09.04 වන දින සෞඛ්‍ය විෂයභාර අමාත්‍යවරයාට ලබාදුන් තාක්ෂණික වාර්තාව, අභියාචනාධිකයණය පෙන්වා දෙන පරිදි නීතියෙන් බලාත්මක කර නැති බැවින්, එයට අදාළ නීතිමය වලංගු භාවය ලබාදීම සඳහා සෞඛ්‍ය විෂයභාර අමාත්‍යවරයා කටයුතු කිරීම.

4) උසස් අධ්‍යාපන විෂයභාර ආමාත්‍යවරයා SAITM ආයතනය වෛද්‍ය සභාවේ අනුකුලතා සහතිකය මෙතෙක් ලබා නොමැති බව අධිකරණයට දැන්වීම.

5) SAITM ආයතනයේ වංචාවට අසුවී සිටින සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙස අදහස් කරන බැවින් ඒ පිළිබඳව අධ්‍යනය කර අවශ්‍ය තිරණ ගැනීම සඳහා අදාළ පාර්ශව ඇතුළත් කමිටුවක් පත්කිරීම. යන තීරණ පහට එළඹී ඇත.

මාධ්‍ය නිවේදනය (pdf file)

*************************************

කෝටි ගණනක වංචා 60ක පරීක්ෂණ වාර්තා නීතිපති අතට
(14.03.2017 – dinamina.lk)

පසුගිය වසරකට අධික කාලයක් පුරා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයට භාජනය කරන ලද රුපියල් කෝටි දසදහසකට වඩා වටිනාකමකින් යුත් වංචා විශාල ප්‍රමාණයකට අදාළ පරීක්ෂණ වාර්තා අතරින් පරීක්ෂණ අවසන් කළ වාර්තා හැටකට අධික ප්‍රමාණයක ලිපිගොනු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යවා තිබේ.

පසුගිය කාලයේ රජයේ රුපියල් කෝටි ගණන් වටිනා රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කරමින් විවිධ ආකාරයෙන් පෞද්ගලික පරිහරණ සඳහා යොදා ගනිමින් සිදුකළ මහා පරිමාණ වංචා වීශාල ප්‍රමාණයන් මේ අතර වෙයි.

ඒවා අතරින් පසුගිය කාලයේ ජනාධිපති කාර්යාලයේ වාහන මුදල් සහ වෙනත් දේපළ අනිසි ලෙස භාවිතා කිරීමට අදාළ වාර්තාද ජනාධිපති කාර්යාලයේ මුවාවෙන් සිදු කළ තවත් වංචා රැසකට අදාළ පරීක්ෂණ වාර්තා ,හිටපු දේශපාලනඥයන්, අමාත්‍යංශ ලේකම්වරු අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුළු විවිධ තරාතිරමේ නිලධාරින් ඔවුන්ගේ ඥාතීන් විසින් සිදු කරන ලද රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිතයට අදාළව සිදු කරන ලද පරීක්ෂණ රැසක් ද මේ අතර වෙයි. මේ සෑම පැමිණිල්ලක්ම රුපියල් කෝටි පහ ඉක්මවා ගිය ඒවා බවද අනාවරණය වෙයි.

මේ පරීක්ෂණ සිදු කිරීමේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට එම පරීක්ෂණවලට අදාළ පැමිණිලිවලින් ඉදිරිපත් කර ඇති තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අදාළ ආයතන වෙත ගොස් පරීක්ෂණවලට තොරතුරු ලබා ගැනීමේදී දැඩි පීඩාවකට පත්වීමට සිදු වී ඇත. ඊට හේතුව වන්නේ එම තොරතුරු අදාළ ආයතනවල නිලධාරීන් විසින් පරීක්ෂණවලට ලබා නොදි සඟවා තැබීමට උත්සාහ කිරීම නිසාය.

කෙසේ වෙතත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ පැමිණිලිවලින් ඉදිරිපත් කර ඇති තොරතුරුවලටත් වඩා වැඩි මහා පරිමාණ වංචා පවා සොයාගෙන ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාවලට නීතිපති උපදෙස් ලැබෙන තෙක් මේ වන විට බලා සිටින අතර කඩිනමින් එම නීතිපති උපදෙස් ලැබෙන්නේ නම් ඔවුන්ගේ පරීක්ෂණවලට අදාළ කටයුතු අවසන් කළ හැකි බවද කියා සිටියි.

මේ අතර මේ වන විට මුලය අපරාධ කොට්ඨාසයට ලැබෙන පැමිණිලි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ඇති බවද වාර්තා වෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *